IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පරණ බඩු තියෙනවාද ඇහුවාම බිරිය පෙන්නලා

පරණ බඩු සොයා ගෙවල් ගාන යන තරුණ නඩයකගේ පෙරැත්තයට කේන්ති ගිය ගෙහිමියකු දුන් පරණ බඩුව දැක ඉහ මොළ රත්වීමේ පුවතක් පොතුහැර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සිද්ධිය මෙසේය.

ඒ කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා ගමකි. සතියකට දෙතුන් වතාවක් එන පරණ බඩු මිලට ගන්නා ලොරි රථය ශබ්ද නගා ගම වටා යන අතරතුර එක් නිවසක් ළඟ නැවැත් වීය. ගෙදරට පැමිණි පරණ බඩු මුකුත් තියෙනවාදැයි ගෙහිමියාගෙන් දෙදෙනකු විමසුවේ ආයාචනාත්මක ස්වරූපයෙනි. නිවෙස් හිමියා ගෙදර පරණ බඩු මුකුත්ම නැති බව ලොරි රථයෙන් පැමිණි පිරිසට පැවැසීය.

මෙයින් සෑහිමකට පත් නොවු ලොරි රථයෙන් පැමිණි  තරුණයෝ ‘‘අනේ අයියේ බලන්නකෝ. පරණ බඩු මොනවත්ම නැද්ද කියලා. අපි සල්ලි හරි අලුත් බඩු හරි දෙන්නම්’’ යනුවෙන් තොරතෝංචියක් නැතිව කියවන්නට පටන් ගත්හ.

මොවුන්ගේ මෙම කන්කෙඳිරියට ගෙහිමියා තරමක් කෝපයට පත්විය.

කෝපයට පත් ගෙහිමියා ‘‘පොඩ්ඩක් ඉන්නවලා’’ කියා ගේතුළ සිටි බිරිඳට අඬ ගැසීය. ඔවුන් ඉදිරියට බිරිඳ පැමිණියායින් පසුව බිරිඳ දෙසට අත දිගුකර ‘‘මේක තමා ගෙදර තියෙන පරණම බඩුව පුළුවන්නම් මේක අරං මට අලුත් බඩුවක් දීලා යනවලා’’ යැයි කීවේය.

ඒ කතාවෙන් ලැජ්ජාවට පත්වූ තරුණ වෙළෙන්දන් මුකුත්ම නොකියා ආපසු යන්නට පිටත් වූයේ මුහුණට මුහුණ බලමිනි.

මෙම කතාවට ගෙහිමියාගේ වත්තේ තණකොළ කපමින් සිටි කොලු ගැටයාට ද ඇසුණේය. එදා සිට මේ ගෙහිමියා හමු වූ විට ‘‘අයියේ පරණ බඩු එහෙම නැද්දැ’’යි අසන්නේ මොහුගෙන් හොඳ  වචන ටිකක් අසා ගැනීමට හැකි බව දන්නා නිසාය.



අදහස් (0)

පරණ බඩු තියෙනවාද ඇහුවාම බිරිය පෙන්නලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17794 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site