IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


පරීක්ෂණයට ඉල්ලූ මුත‍්‍ර ජෑම් බෝතලයකට දීලා

කොළඹ රෝහලකි. රෝගින්ගෙන් පිරුණු වාට්ටුවකි. රෝගින් රැුසකි. වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියෝ කඩිමෙන් දුවමින් කටයුතුවල නිරත වෙති.
මේ අතර සේවාවට අතරින් සිටින්නෝද වෙති. ඔවුන් රෝගීන් අසල නැවතී රෝගීන්ට උපස්ථාන කරන්නෝය.
ඇතැමෙක් රෝගීන්ගේ ඥාතීන්වන අතර ඇතැමෙක් කුලී පදනම මත රෝගීන් අසල සිටින්නෝය.
දුව පනිමින් රෝගීන් පිළිබඳව සොයා බලන වෛද්‍යවරුන් හා හෙදියන් අතර මොවුන්ද විටක මහත් සේවයක් කරන බව බොහෝ අවස්ථාවල පිරිස කියනු ඇසෙති.
‘‘උදේ පාන්දර මුත‍්‍ර එකක් මේ කුප්පියට අරන් තියාගන්න’’ කුප්පියක් අතට දෙමින් රෝගියකු අසල සිටින හෙදියක පැවසුවාය. පසුදින උදෑසන විය.
‘‘මුත‍්‍රා ගත්තු අය දෙන්න’’
රාත‍්‍රී සේවා මුරය අවසන් කිරීමට මත්තෙන් උදෑසන වාට්ටුව කරා පැමිණි හෙදියක සිහින් හඬින් පවසමින් එක් එක් රෝගීන් අසලට ගියාය.
රෝගීන් අසල සිටිය අය තම තමන්ගේ රෝගියා නියෝජනය කරමින් මුත‍්‍රා කුප්පි හෙදියට දුන්නේය.
මේ අතරින් එක් පුද්ගලයෙක් ”අනේ මිසී ඒ කුප්පිය මදි වුණා. මගේ ලෙඩාගේ හැටියට මෙන්න මිසී මේකට ගත්තා කමක් නැද්ද” යැයි කියමින් මුත‍්‍රා පිරවූ විශාල ජෑම් බෝතලයක් හෙදිය දෙසට දිගු කළේය.
”චට්නි හදන්න නොවෙයි මුත‍්‍ර ඉල්ලූවේ ඔහේගේ ඔය ලෙඩාගේ ලෙඩක් හොයා ගන්නයි”
”කාගෙන් හරි අහන්න එපායැ” රෝගියෙක් අසල නැවතී සිටි තවත් පුද්ගලයෙක් හෙදිය දෙසද බලමින් කීය.



අදහස් (0)

පරීක්ෂණයට ඉල්ලූ මුත‍්‍ර ජෑම් බෝතලයකට දීලා

සනත් Monday, 14 January 2013 08:49 PM

මට හිනාව නවත්ත ගන්න බැහැ (දී)

:       0       0

සරත් Thursday, 10 January 2013 11:16 AM

මමත් මගේ පියා ළග ඉදලා තියෙනවා.. අඩු දැනුවත් කම නිසා වෙන්න අත්තේ... අපි සමාව දෙමු..!(නු)

:       0       0

සන්ජීව Thursday, 10 January 2013 11:39 AM

පව් අසරණ ලෙඩා (ස)

:       0       0

මහේෂ් Friday, 11 January 2013 01:31 AM

ඕකත් වැඩක්ද ? (ස)

:       0       0

සුදේශ් Thursday, 10 January 2013 12:00 PM

මුත්‍රා වලින් චට්නිත් හදනවද ? (ස)

:       0       0

වරුණ Thursday, 10 January 2013 12:05 PM

ඔය වගේ දේවල් හැම තැනම වෙනවා ඇති. හිනාත් යනවා . මොනවා කරන්නද ? නොදන්නාකමනේ (ස)

:       0       0

උදිත Thursday, 10 January 2013 12:06 PM

මේ කියෙවුවහම මටත් මුත්‍රා අමාරුවක් ආවා. (නි)

:       0       0

රොහාන් Thursday, 10 January 2013 04:30 PM

නොදැනුවත් කම (දී)

:       0       0

ලලිත් Thursday, 10 January 2013 12:48 PM

මාර දේවල‍්නේ අපේ අය හොයා ගන්නේ. මම ඇහැව්වමයි. අනේ ඒවගෙන් චට්නි හදන හැටි අපිටත් කියන්නකෝ (ස)

:       0       0

මහින්ද Tuesday, 15 January 2013 05:26 AM

මුත්‍රා වලින් චට්නි හදන හැටි එක... ඕකත් වැඩක්ද ? මොනවා කරන්නද? නොදන්නාකමනේ. (නි)

:       0       0

කලන Thursday, 10 January 2013 01:19 PM

කට වහගෙන ඔකේ අවශ්‍ය ටික අරගෙන අනික් ටික විසිකලා නම් ඉවරනෙ....ඔක බොන්න බෑනෙ.. (ස)

:       0       0

ශානුක Monday, 11 February 2013 04:06 AM

මේක විහිලුවට කාරනයක් නෙමෙයි. සාමාන්‍ය ජනතාවට වෛද්‍ය විද්‍යාව ගැන දැනුම අඩුයි. ඒ නිසා හෙදිය ඔවුන්ට පැහැදිලි කර දිය යුතුයි මොකක්ද කරන්නේ. මොකද වෙන්නේ. කොහෙමද කරන්නේ කියන එක ගැන. මම නැවතත් ඉල්ලා සිටිනවා මේක විහිළුවකට ගන්න එපා කියලා.(නදී)

:       0       0

චන්න Friday, 11 January 2013 07:47 AM

ඔන්න මිනිස්සුන්ගේ දැනුම (දී)

:       0       0

අනෝමා Thursday, 10 January 2013 01:58 PM

මේක බලලා කට්ටිය මේවගෙන් චට්නි හදන්න ගනීවිද දන්නේ නෑ (ස)

:       0       0

නාලක Thursday, 10 January 2013 02:08 PM

මේවගෙන් චට්නි හදන හැටි මිසීගෙන් අහගනිමු (ස)

:       0       0

තිස්ස Saturday, 12 January 2013 07:31 PM

කිති කවාගෙන හිනා වුණා. (නි)

:       0       0

ලුම්බිණි Friday, 11 January 2013 10:09 AM

මට හිනා යනවා අනේ (දී)

:       0       0

රොෂාන් Thursday, 10 January 2013 03:23 PM

කලන මහත්තයෝ, දන්න දෙයක් කතාකරමුද? මුත්‍රා ගන්න බෝතලයක් දෙන්නේ ඒ ගන්න සාම්පලයට වෙන අපද්‍රව්‍ය, ක්ෂුද්‍ර ජීවින් වගේ දේවල් එකතු වෙන එක වළක්වන්න මිස ලෙඩ්ඩුන්ගේ ගෙවල් වල බෝතල් නැතිකමට නෙමෙයි. (නි)

:       0       0

හිල්ම් Thursday, 10 January 2013 11:13 PM

ලොකු බිම බෝතලේකට තමයි දෙන්න තිබ්බේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site