IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පියා පුතාගෙ කසාදෙට නැකැත් බලනකොට පුතා පෙලවහක

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පුතාට කසාදයක් කර දෙන්නට වේලාපත් කඩය බලන්න ගිය පියෙකුට පුතා ඒ වනවිටත් පවුල් කන පුද්ගලයකු බව පෙන්වා දුන් නැකැත්කරුවකු පිළිබඳව වයඔ හා බස්නාහිර මායිම් ගම්මානයකින් වාර්තාවිය. 


වයඹ මායිමේ වෙසෙන එක්දරු පියෙකි. පුතා වියපත් වෙමින් සිටියත් කසාදයකට කැමැත්තක් නොදක්වමින් කල් ගත කරන්නට වූයේය. පුතා නිතරම කල්ගත කළේ මිතුරන්ගේ නිවෙස්වලය. පුත්‍රයා නිවසේ රඳවාගැනීමට නම් විවාහයක් කරදිය යුතු බව දෙමහල්ලෝ අදහස් කළහ. 


ඒ අනුව මේ පියා බස්නාහිර පළාතේ නැකත්කරුවකු හමුවීමට ගියේ පුතාගේ හදහනද රැගෙනය. පුද පඩුරු තැබූ පියා පුතාට කසාදයකට මග පිළියෙළ කර දෙන්නැයි ඉල්ලා සිටියේය. මේ කේන්දරය දුටු නැකත්කරුට දැක පුරුදු කේන්දරයක් බව පෙනීගියේය. 


ඉකුත් දිනෙක තමන් පොරොන්දම් ගලපා දුන්නේ මේ කේන්දරය හිමි තරුණයකුට හා තරුණියකට බව ඔහුට පසක්විය. ඒ අනුව තමන්ගේ අසල්වැසි තරුණියක හා ඔහු මාස කිහිපයකට පෙර විවාහවූ බවද නැකත්කරුට කල්පනා විය. කේන්දරය අතේ තියාගෙන දැඩි කල්පනාවක නිමග්නවූ නැකත්කරු මේ කේන්දරය හැටියට නම් මේවනවිටත් විවාහයක් කරගෙන ඇතැයි පියාට පැවසුවේ ඔහු පුදුමයට පත්කරමිනි.


‘නැහැ මගේ පුතා තවම බැඳලා නැහැ.’ පියා පිළිතුරු දුන්නේ එක හඬිනි. ‘ඒ කියන්නේ පුතා නිතරම ගෙදර ඉන්නවාද?’ නැකත්කරුගෙන් යළි ප්‍රශ්නයකි. 


‘නැහැ. ඒයා නිතර යාළුවන්ගේ ගෙවල්වල යනවා’ පියාගේ පිලිතුරවිය.


‘මට නම් මේ කේන්දරය හැටියට පුතා පවුල් කන බව නම් විශ්වාසයි.’ කී නැකත්කරු අද හෙටම ඔබට ඒ බව දැනගන්න ලබෙන්නත් පුළුවන් බවට අනාවැකියක්ද පළකළේ දින දෙකකින් වැඩි විස්තර ගෙන යන්නට එන්නැයි ඉල්ලා සිටිමිනි. පැයක් හමාරක් ගත විය. 
පියා යළි නැකත්කරු සොයා ආවේය. 


‘මහත්තයෝ කිව්වා හරිනේ මගේ එකා මේ පැත්තේම ගෙදරක ඉන්නවා මම දැක්කා. ගිහින් හොයා බලද්දී මේකා හොර රහසේ කසාදයක් කරගෙන නේ. මේකා යාළුවන්ගේ ගෙවල්වල යනවා කියලා ගෙදරින් ගිහින් තියෙන්නේ මේ අඹුව බලන්නනේ. මේකාගේ සයිකලේ නතර කරලා තියෙනවා දැකලා මම ගිහින් විපරම් කරද්දී තමා සේරම දැන ගත්තේ’ යැයි කී පියා නැකත්කරුගේ දක්ෂතාව අගේ කරන්නට වූයේ පුතාට දෙස් දෙවොල් තබමිනි.



අදහස් (0)

පියා පුතාගෙ කසාදෙට නැකැත් බලනකොට පුතා පෙලවහක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site