කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ලොක්කා වගේ වැඩ පෙන්වමින් සිටි කාර්යාල ලොක්කා දඬුවම් මාරුවක් ලබා පොඩ්ඩකු පැමිණීමත් සමගම වහාම ස්ථාන මාරුවක් ලබා ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

ආයතනයේම නොවුණත් එහි එක් අංශයක ලොක්කා ඔහුය. කා සමගවත් වැඩි ඇයිහොඳයියක් තිබුණේම නැත. තමා උගත් වංශවත් පෙළපතකින් එන්නකු බව කතාවෙන් මෙන්ම ක්‍රියාවෙනුත් තමා යටතේ ඉන්නා සේවකයන්ට පෙන්වීමට නිතරම උත්සාහ කළේය.
අහංකාරකම ඉහටත් උඩිනි. කාර්යාලයේ සිටියේ හැමදෙනාම පාහේ යටකරගෙනය. එහි ලොක්කා තමා බව සෑමවිටම පෙන්වීමට නිරන්තරයෙන්ම කටයුතු කළේය.
දුර බැහැර ප්‍රදේශයකින් කාර්යාල කාර්ය සහායකයකු මේ කාර්යාලයට මාරුවක් ලබා එන්නේ ඔය අතරය. ඒ ඔහු කර ඇති කාර්යාලයීය වරදකට දඬුවමක් ලෙසය.
කා සමගවත් හිතවත් කමක් නොතිබූ මේ ලොක්කා ඔහු ආදා පටන්ම දැඩි හිතවත්කමකින් කටයුතු කළේය. ඔහුට පමණක් විශේෂ වරප්‍රසාද ලබා දුන්නේය. කාර්යාල සේවකයන්ට මෙය මහත් ප්‍රහේලිකාවක් වුවද ඒ සම්බන්ධයෙන් කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.
ගතවූයේ සතියකි. ලොක්කා හදිසියේම ස්ථාන මාරුවක් ලබා ගොස්ය. ඔහු අලුතින් ආ කාර්යාල කාර්ය සහයකයාටවත් නොදන්වා මෙසේ ස්ථාන මාරුවී ගියේය.
‘‘හා මම දන්නවා ලොක්ක මාරුවී ගිය හේතුව යයි ඔහු කීය. මිනිහා අපේ ගමේ කෙනෙක්. එයාගේ කැරැට්ටුව හා පැටිකිරිය මම හොඳටම දන්නවා. ඒක මගෙන් ආරංචි වේවි කියලා හිතලා තමයි යන්න ඇත්තේ’’ යයි කාර්යාල කාර්ය සහායකයා කී විට කාර්යාලයේ සැමදෙන මුහුණට මුහුණ බලා ගත්හ.
2025 නොවැම්බර් මස 04
81
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පියන්ට බයවෙලා: ලොක්කා මාරුවෙලා