IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


පියාගේ කෙරුවාව පුතාගේ අතටම මාට්ටු

සිය නිවසේ සිට මාර්ගගත ක්‍රමයට සති අන්ත පාඨමාලාවක් හැදෑරීමට ගිය පුතකුට පියාගේ කැරැට්ටුව අතටම හසුවූ අපූරු කතාවක් ගාලු‍ දිසාවේ රූකඩවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
උසස් පෙළ ලියා එහි  ප්‍රතිඵල ලැබෙන තෙක් මේ පුතා සති අන්ත පාඨමාලාවක් හැදෑරීමට පටන් ගත්තේය. ඒ තමාගේ නිවසේ සිට මාර්ගගත ක්‍රමයටය. ඒ සඳහා පාදක කර ගත්තේ නිවසේ තිබූ පරිගණකයයි. පරිගණකයෙන් එම කාර්ය කරවා ගැනීම සඳහා දුරකතන සමාගමකින් නිවසේ සවි කර තිබූ රවුටරයකින් නිකුත් කරනු ලැබූ සංඥා භාවිතයට ගනිමිනි.


සුපුරුදු පරිදි මේ සති අන්තයේත් මේ පුත්‍රයා මේ පාඨමාලාව හැදෑරීම සඳහා සූදානම් වුවත් නිවසේ පරිගණකය ඊට ඉඩක් නුදුන්නේය.
ඊට හේතුව සොයා බැලීමේදී රවුටරයේ බිල්පත නොගෙවීම නිසා එහි සම්බන්ධතාව විසන්ධි කර තිබූ හෙයිනි. මෙයට විසඳුමක් ලෙස සති අන්ත නිවාඩු දිනයේ නිවසේ සිටින පියා අපූරු යෝජනාවක් කළේය. ඒ  තමාගේ ජංගම දුරකතනය හරහා පරිගණකයෙන් එම කාර්ය කර ගන්නා ලෙසය. ඊට වෙනත් විකල්පයක් නැති නිසාම පුතාද පියාගේ එම අදහසට කැමති වූවේය.
ඒ අනුව පුතා පියාගේ ජංගම දුරකතනය සිය භාරයේ තියාගෙන පාඨමාලාව හැදෑරීමට සූදානම් විය. ඒ සමගම පියා කීවේ තමා කඩ පිලට යන බවත් තමාගේ ජංගම දුරකතනයට එන ඇමතුම් ලබාගෙන කාරණය අසාගන්නා ලෙසත්ය.
පියාගේ ඒ ඔවදන සිත්හි තබාගත් පුතා තමාගේ කටයුත්ත කරගෙන ගියේය. ඒ අතරවාරයේ පියාගේ ජංගම දුරකතනයට ඇමතුම් කිහිපයක්ම ආවේය. පියා කියු අයුරින් පුතා ඊට සම්බන්ධ වී කාරණය අසා ගත්තේය. ඒ දුරකතන ඇමතුම් ලැබුණේ පියාගේ මිතුරන්ගෙනි. ප්‍රශ්නයක් නැත. ඔහු ඔහුගේ පාඩුවේ වැඩේ කරගෙන ගියේය.
මේ සමගම පිරිමි නමක් සඳහන් අංකයකින් පියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවේය. ඔහු එයටත් සම්බන්ධ විය. හලෝ ගෑ සැණින් අනේ මහත්තයෝ ඔයා අද මට නිකමටවත් කෝල් එකක් දුන්නේ නැහැනේ. ගෙදරදී අපි මතක නෑනේ යයි කාන්තාවක් කියාගෙන ගියාය. ඇන්ටි මම පුතා තාත්තා ළඟ කඩේට ගිහිල්ලා යයි පුතා කීවිට එහා පැත්තෙන් ඇමතූ කාන්තාවගේ කට නිහඬ විය.
මේ සමගම පුතාට උතුර දකුණ අමතක වී ගියේය. නිවසට ගොඩවූ පියාට මෙය කීවිට ඔහු ඇඟිල්ලෙන් කට තද කරගෙන කීවේ මිනිහෝ කෑගහන්න එපා අම්මට ඇහුණොත් කපෝතියි කියමිනි.
මේ අපේ කන්තෝරුවේ විහිළුකාරියකගේ වැඩක් නේ පුතා ඕවා ගණන් ගන්න එපා. ඔය විහිළුවක් කරේ යයි පියා කීවද පුතාට කාරණය තේරුම් ගියේලු‍.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

පියාගේ කෙරුවාව පුතාගේ අතටම මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site