IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පඹයා නිරුවත් කරලා

බෙන්තොට ජේ. ඉඳුරුවගේ
කුඹුරට එන කුරුලු ආදී සතුන්ගෙන් වී අස්වැන්න බේරා ගැනීම සඳහා කුඹුර මැද සිටුවා තිබූ පඹයකුගේ කලිසම හා කම්සය හොරෙන් ගලවාගෙන යාමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි.
කුඹුරුවලට පැමිණ වී අස්වැන්න කා දමන මෙන්ම ගොයමටද හානි කරන මොනරුන් ඇතුළු පක්ෂීන් සහ ඌරන් ඇතුළු වන සතුන් බිය වැද්දීම සඳහා කුඹුරේ පඹයින් සිටුවීම ටක සෙලවීම ඇතුළු විවිධ උපක්‍රම පාවිච්චි කිරීමට මේ ප්‍රදේශයේ ගොවීහු පෙළඹී සිටිති.
ඒ අනුව ගොවි මහතෙක් උසස් පෙළ පාසල් සිසුවකු වන තම පුත්‍රයා පාවිච්චියෙන් ඉවත් කර තිබූ හොඳ තත්වයේ සුදු පැහැති දිග කලිසමකින් හා කමිසයකින් සැරසූ පඹයකු හදා අස්වනු මෝරමින් තිබූ සිය කුඹුරේ මැද සිටුවා තැබුවේය.


පඹයා සිටුවීමෙන් දින කීපයකට පසු කුඹුරේ තත්වය සොයා බැලීමට කුඹුරට ගිය මේ ගොවි මහතාට දක්නට ලැබුණේ පඹයා ඇඳුම් නොමැතිව හිසට යොදා තිබූ මුට්ටිය පමණක් සහිතව තිබුණු අයුරුයි.
කිසිවකු පඹයාට අන්දවා තිබූ සුදු කමිසය හා කලිසම ගලවාගෙන ගොස් තිබුණි.
කුඹුරට සතුන් පැමිණ වී අස්වැන්නටද හානි කර තිබුණ බැවින් දැනට පාසල් හැරගොස් සිටින සිය දියණියකගේ පාවිච්චියෙන් ඉවත්කර තිබූ ගවුමකින් පඹයා සරසා යළි කුඹුර මැද සිටවූයේ යළිත් පිරිමි ඇඳුම් ඇන්දවුවොත් ඒවාද ගලවාගෙන යැයි සිතූ නිසාය.
ඔහු එසේ සිතා ඇත්තේද පඹයාගේ පිරිමි ඇඳුම් ගලවාගෙන ගිය කම්කරු රැකියාවක් කරන අසල්වාසී කෙනකු ගැන යම් හෝඩුවාවක් ලැබී තිබු නිසා තම බිරිඳගේද උපදෙසින් බව දැනගන්නට ඇත.



අදහස් (0)

පඹයා නිරුවත් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site