IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෙම්සුව විඳින්න ගිහින් ඇප නූල කැඩී යකා වැහිලා

මොරගොල්ලාගම සිසිර කැලේගම 


අනියම් කතකගේ පෙම් සුවය ලබන්නට ගිය විවාහකයකුට ඇය රැගෙන දේවාලයකට යාමට සිදු වූ පුවතක් වයඹ පළාතේ ගමකින් අසන්නට ලැබුණි.
ඔහු විවාහකයෙකි. ඔහු හා බිරිය මෙන්ම දරුවෝද රාජ්‍ය සේවයේ නියැලෙති.
අනියම් කතද විවාහක ගෘහනියකි. දරුවෝ අධ්‍යාපනය ලබන වයසේ පසුවෙති. සැමියා කුලී වැඩ කරමින් දිවි පෙවතට උර දෙන අයෙකි.
ඔහු හා ඇය ප්‍රදේශ දෙකක පදිංචිව සිටිති. ඔහු සේවය කරන්නේ ඇතුගල්පුර අවටය. රාජකාරිය සඳහා යන එන අතරවාරයේ දී ඔහුගේ සිත ඇදී ගියේ හැඩකාර ලස්සන කතක දෙසටය.
නිතර යන එන ගමනේ කෙසේ හෝ ඇයගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගැනීමට ඔහු සමත් විය.
කලක් තිස්සේ නිවෙස්වලට හොරා දුරකථනයෙන් කතා කළ නමුත් සමීපව හමුවීමට නොහැකි විය.
ඔහුගේ ඇරයුමට අවනත වූ ඇය දිනක් නිවැසියන්ට බොරු කියා කුරුණෑගල නගරයට පැමිණියාය.
ඇය එන තුරා මග බලා සිටි ඔහු වහ වහා කුලී රථයක් ගෙන ඇය කැටුව හෝටලයකට පිය නැගුවේය.
ඇය සමඟ එහි කතා කරමින් ආ ගිය තොරතුරු විමසන අතරේ ඇයගේ ගෙල බැදි පාට පාට නූලක් ඔහුගේ නෙත ගැටුණි.
“අනේ කාන්තාවක මාල පලදින්න ඕනෑ සමාජයක ඇයි ඔයාලා මේ තවමත් ගතානුගතික ක්‍රමවලට ඇබ්බැහි වන්නේ” යැයි කියා ඔහු එම නූල කඩා දැම්මේ ය.
ගත වූවේ නිමේෂයකි. කතා කළ ඇය වෙනස් වූවාය. ඇස් ලොකු කරගෙන අසිහියෙන් කෑ ගසන්නට වූවාය.
කිසිදාක මෙවැනි සිදුවීමක් දැක නැති ඔහු හෝටල් කාමරය තුළ අසරණ විය.


හෝටල් කළමනාකරුට කතා කළේය. කට්ටිය එහි පැමිණියහ. ඇය යක්ෂ ආරූඪව එක එක දේ කියයි. එම භාෂාව කිසිවකුටත් නොතේරෙයි.
නගරයට කතා කොට කුලී රථයක් ගෙන ආවේය.
හෝටල් ගාස්තුව ගෙවා හැඳුනුම්පත් දෙකත් ගත් ඔහු සියලු‍දෙනාගේ සහයෝගය ඇතිව ඇය කුලි රථයට නංවා ගත්තේය.
එදින කෙම්මුර දිනයකි. මේ නිසා නගරය අවට ප්‍රසිද්ධියක් උසුලන දේවාලයකට කුලී රථ රියැදුරුගේ අනු දැනුම මත ඇයව රැගෙන ගියේය.
අසිහියෙන් සිටින ඇයගෙන් එම දෙවාලේ කපුවා කරුණු විමසීය.
ඇයට ප්‍රේත බැල්මක් තිබූ හෙයින් එය ඉවත් කරන්නට පෙර ඇයට ඇප නූලක් ගමේ දේවාලයක කපුවකු දමා ඇත්තේ තාවකාලික විසඳුමක් ලෙසටය.
ඒ ගැන නොදත් ඇය කැටුව හෝටලයට පැමිණි තැනැත්තා බෙල්ලේ තිබූ පාට නූල කැඩීමෙන් මේ අලකලංචිය සිදු වී ඇති බව හෙළි වූ අතර නැවත ඇයට ඇප නූලක් දමා සිහිකර ඇයව ගෙදර යාමට බස් රථයකට නංවා නින්දාවෙන් බේරුණු ඔහුට ඒ වනවිට හෝටල් ගාස්තු, කුලී රථ ගාස්තු හා ඇයට සන්තෝෂම් දීමනා ගෙවීමට අමතරව දේවාලයට පමණක් රුපියල් විසිපන් දහසකට වැඩි මුදලක් ගෙවීමට සිදු වූ බවත් පෙම් සුව විදින්නට යකින්නක කැටුව ගිය බවත් පවසන ඔහු තවමත් බියෙන් හා තැති ගැන්මෙන් යුතුව පසුවෙනවාලු‍.

 



අදහස් (0)

පෙම්සුව විඳින්න ගිහින් ඇප නූල කැඩී යකා වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site