පියාත් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරතා මැද හදා වඩාගත් තම එකම පුතු කරදඬු උස් මහත් වූ පසු පාසල් කාලයේ දීම තම මවගේ රන් මාලය සොරාගෙන පෙම්වතියට ලබාදීමෙන් පසු පෙම්වතිය එය නැවත පෙම්වතාගේ මවට ලබා දුන් සිදුවීමක් පසුගිය දිනක එක්තරා ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
එක් මවක් තම තරුණ කාලයේ දීම තම සැමියා මිය යාමෙන් පසු තම පුංචි පුතු ද සමග ජීවත් වූයේ බොහෝ දුක් කම්කටොළු තම හිස මත දරා ගනිමිනි. තම දරුවා වෙනුවෙන්ම මුළු ජීවිතයම කැපකළ ඇය වෙනත් විවාහයක් ද සිදුකර නොගත්තේ තම දරුවාගේ යහපතම පතන නිසාවෙනි.
කාලයත් සමග තම සිඟිති පුතුගේ යෞවන කාලය උදා විය. යෞවනය උදාවීමෙන් පසු ඔහු පාසලේ සිටි රූමත් තරුණියකට පෙම් බදින්නට විය. තරුණිය ද පාසලේ දී හමු වූ මෙම තරුණයාට හදවතින් ම පෙරලා ආදරය කළේය.
කාලය මෙසේ ටිකෙන් ටික ගෙවී යද්දී මෙම තරුණයාට තම පෙම්වතියට තෑග්ගක් දීමට අවශ්‍ය විය. අතේ කිසිදු මුදලක් නොමැති ව සිටි ඔහු දස අතේ කල්පනා කර අවසන් මොහොතේ තම මවගේ ගෙල බැඳි රන් මාලය සොරකම් කිරීමට තීරණය කළේ ය.
පසුව ඔහු මෙම ත්‍යාගය තම පෙම්වතිය අත තැබුවේ හද පිරි සතුටකිනි. එහෙත් ඔහු පිළිබඳව හොඳින් කරුණු දැනගෙන සිටි ඇයට බලවත් දුකක් දැනුණ පසුව ඇය තම පෙම්වතාගේ හිත නොරිදා ඔහුට කරුණු පැහැදිලි කර ඔහුගේ මවගේ රන් මාලය ඇයටම ලබා දීමට කටයුතු කළේ වත්මන් පරපුරට වටිනා ආදර්ශයක් දෙමිනි.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතා මවගෙන් සොරාගෙන පෙම්වතියට දුන් රන් මාලය ඇයටම ආපසු දීලා