(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
සිය පෙම්වතාගේ ආරාධනයට කෑගල්ල නගරයට පැමිණ පැය ගණනක් බලා සිට ඔහු නොආ තැන කෑගල්ල පොලිසියේ පිහිට පැතූ තරුණියක් පිළිබඳ කෑගල්ල පොලිසියේ ළමා කාන්තා කාර්යාංශයෙන් වාර්තා වෙයි.
මෙලෙස කෑගල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් පිහිට හා ආරක්ෂාව ඉල්ලා ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියකි.
කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා කාන්තා කාර්යාංශය භාරයේ පසුවන මෙම තරුණිය මාස කිහිපයක සිට අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන බව පොලිසිය කියයි. මෙම තරුණිය මීට මාස කිහිපයකට ඉහතදී කෑගල්ල ප්‍රදේශයේ තරුණයකු දුරකථනය මාර්ගයෙන් හඳුනා ගෙන ඇති බව ද අවස්ථා කිහිපයකදීම දෙදෙනා මුණ ගැසී ඇති අතර කිසිම දවසක තරුණිය තරුණයාගේ නිවසටවත් කෑගල්ල නගරයටවත් පැමිණ නැති බව ද ඇය පොලිසියට පවසා ඇත.
සුපුරුදු පරිදි ඉකුත් 21 දා පෙරවරුවේ තරුණයා දුරකථනයෙන් තරුණියට කතා කර ඇඟලුම් ආයතනයේ රාජකාරි කටයුතු නිමවීමෙන් පසු කෑගල්ල නගරයට පැමිණෙන ලෙස දන්වා ඇත. පසුව තරුණිය සවස 2 ට රාජකාරි කටයුතු නිමකර තරුණයාගේ ඉල්ලීමට කෑගල්ල නගරයට බස් රථයකින් පැමිණ තිබේ. සවස 4 ට කෑගල්ල නගරයට පැමිණ ඇති තරුණිය තමා කෑගල්ල නගරයට පැමිණි බව දන්වමින් අවස්ථා කිහිපයකදීම පෙම්වතාට දුරකථනයෙන් දන්වා ඇත. පසුව තරුණයා ප්‍රකාශ කර ඇත්තේ තමන් තව සුළු මොහොතකින් කෑගල්ල නගරයට පැමිණෙන බවත් පැමිණි වහාම තමන් නිවසට රැගෙන යන බවත්ය.
තරුණිය සවස 4 සිට රාත්‍රී 10 දක්වා කෑගල්ල නගරය මධ්‍යයේ තනිවම සිට තරුණයාට දුරකථන ඇමැතුම් ගෙන තිබුණි. රාත්‍රී 10 න් පසුව තරුණයා දුරකථනය විසන්ධි කළ බවත් පසුව තමන්ට යන්න එන්න තැනක් නැති බැවින් පොලිසියට පැමිණ ඇති බව පොලිසිය කියයි. පසුව තරුණියගෙන් තොරතුරු විමසා රත්නපුරයේ පදිංචි දෙමව්පියන්ට සිද්ධිය දන්වා දෙමව්පියන්ට දියණිය බාර දුන් බව පොලිසිය කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පෙම්වතා එනතුරු කට්ට කෑ තරුණිය පොලිසියේ පිහිට පතයි
wijaya Tuesday, 01 October 2019 06:26 AM
විපතකදී, කරදරයකදී යන්න තියෙන හොඳම තැන - ශ්‍රී ලංකා පොලිසිය දෙවියොත් නොබලන වෙලාවල් වලදී ඒ අය උදව් කරනවා.
ponil Tuesday, 01 October 2019 01:43 PM
වාසනාවකට ගණිකා වෘත්තියට නොවැටී බේරුණා. නමුත් නියම පෙම්වතෙක්ව තමයි හොයාගෙන තියෙන්නේ. ඊළඟ සුමානේ ටිකක් කලින් එන්න කියන්න පාවඩ දාලා කැන්දන් යන්න.