IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


පෙම්වතිය ළඟ තියාගන්න ගිහින් අන්තිfමි තරු පෙනිලා

තමා සමඟ ආදරයෙන් වෙලී සිටි ආදරවන්තයා තමන් උපායශිලීව රවටා විවාහ කර ගත් පුවත දැනගත් තරුණියක් එම තරුණයාට කොකා පෙන්වා යළිත් තම මවුපියන් කරා ගියබව කියවෙන පුවතක් ඌව පළාතේ ගම්මානයකින් වාර්තාවේ. 


සිද්ධිය මෙසේය. 


ඇය, තම මව සමඟ ජීවත්වන සුන්දර යුවතියකි. ඔහුද ඇගේ ගමට කිලෝමීටර් හත අටක් එහා ගමේ ජීවත්වන තරුණයෙකි. 


ආ ගිය ගමන්වලදී දැන හැදිනගෙන පෙම්වතුන් බවට පත්වූ ඔවුහු හැකි හැමවිටම එකිනෙකා මුණගැසී පෙම්බස් තෙපලීමට අමතක නොකළහ. 
විවාහ වීමේ කල වයස එළැඹ සිටීමත් කියන්නට තරම් ගැටලුකාරී තත්ත්වයක් නොවීමත් නිසා මේ දෙපළගේ නිවෙස්වලින්ද ඊට ලොකු විරුද්ධත්වයක් නොවිණි. 


කෙසේ වෙතත් කිසියම් මානසික ව්‍යාකූලතාවකින් පෙළුණු තරුණයා නිතර සිතමින් සිටියේ නෙත් වසඟ කරගන්නා රූපසොබාවෙන් යුත් තම පෙම්වතිය කොයි මොහොතක හෝ තමන් අතහැර වෙනත් තරුණයෙකුගේ අතගනු ඇත කියාය. 


විවාහ වීමට තමුන් ගෙනා යෝජනාව එම තරුණිය විවිධ හේතු ගෙනහැර පාමින් දිනෙන් දින කල්දැමීම තරුණයාගේ සැකය තව තවත් තහවුරු කිරීමට ද සමත්විය. 


තම හිතට වදයක් වූ මෙම කාරණය ඔහු සිය මිතුරන්ටද කීවේ ඔවුන්ගෙන් හෝ ඊට සහනයක් ලැබෙනු ඇතැයි සිතාය. 


අවසානයේදී ඔහුට ඊට කදිම උපායක් යෙදුවේ සිය මිතුරු පිරිසගේ ද සහාය ඉල්ලා සිටිමිනි. 


“මචං මම එයත් එක්ක බස් එකක ගිහින් පාළු තැනක බැහැල කතා කර කර ඉන්නම් උඹලා ඇවිත් මට ගහල අපි දෙන්නව වාහනේක දාගෙන ගිහින් කසාද බන්ඳවපල්ල.” තරුණයා සිය සැලසුම සිය මිතුරන්ට පැහැදිලි කළේ අවශ්‍ය සෙසු උපදෙස්ද ඔවුන්ට පහදා  දෙමිනි. 


කතිකා කර ගත් පරිද්දෙන්ම තරුණයා ප්‍රමුඛ මිතුරු පිරිස සැලසුම ක්‍රියාවට නැංවූහ. 


සැලසුම ක්‍රියාවට නංවද්දී මිතුරන්ගෙන් ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූවද සිය පෙම්වතිය විවාහ කර ගැනීමට හැකිවීම පිළිබඳව තරුණයා සිටියේ අපමණ සතුටකිනි. 


කෙසේ වෙතත් දින කීපයක් ගත වෙද්දී ඔහුගේ මිතුරු පිරිස සිය හපන්කම තැන තැන කියන්නට පටන් ගත්තේ අසා සිටිනවුන්ටද ත්‍රාසය කුතුහලය මෙන්ම සිනහවද උපද්දවමිනි. 


කනින් කොනින් පැතිර ගිය මිතුරු පිරිසගේ උපාය මෙම තරුණියගේද කන වැටීමට එතරම් කලක් ගත නොවිණි. 


සිය පෙම්වතාගේ මෙම නොමනා ක්‍රියාවෙන් පුදුමයටත් කේන්තියටත්, කලකිරීමටත් පත් තරුණිය, තරුණයාටත් නොකියාම ඔහුගේ නිවසින් පිටව සිය නිවෙස කරා පිය නැංගේ තම විවාහ දිවියටත් තිත තබමිනි. 


අවසානයේ මිතුරු පිරිසට මෙන්ම තරුණයාට එරෙහිව පොලිසියේ පැමිණිලි කරන්නටද ඇය කටයුතු කළේ ඔවුන්ට හොඳ දඬුවමක් ලබා දීමේ අටියෙනි. 

(වියලුම වාර්තාකරු)



අදහස් (0)

පෙම්වතිය ළඟ තියාගන්න ගිහින් අන්තිfමි තරු පෙනිලා

සමන් Thursday, 21 July 2016 07:33 AM

මාලක, මම කිවේ එකපාරක් කසාද බැදලා ආය බදිනකොට (බ)

:       0       0

සමන් Wednesday, 20 July 2016 03:32 AM

"විසිරුණු මල් පෙති මලක් නොවේ නැගණි" (නි)

:       0       0

දනීෂ Wednesday, 20 July 2016 03:49 AM

යාලුවුණේ කසාද බඳින්න නෙමෙයිද ඉතින්? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 July 2016 01:03 PM

දැන් ඉතින් මොනවා කළත් වැඩක් තියෙනවද ? විනාශස වෙච්චි ජීවිතය කොහොමද හදාගන්නේ ? (බ)

:       0       0

මාලක Wednesday, 20 July 2016 07:15 AM

සමන්, ඔබේ අදහස මට පැහැදිලි මදි (නි)

:       0       0

එරන්ද Friday, 22 July 2016 12:59 PM

සම්පත්, හැමදෙයක්ම උඩුයටිකුරු වෙලා වගේ. අද කාලේ ඉන්න බොහෝ තරුණයන්, විශේෂයෙන්ම තරුණියන් ආදරේ කරන්නේ විවාහවීමේ අපේක්ෂාවෙන් නොවේ. විවාහ වෙන්න හොඳම කෙනාව තෝරාගැනීමේ අපේක්ෂාවෙන්. (නි)

:       0       0

පිරිස් Thursday, 21 July 2016 03:09 AM

ආදරය කලත් බඳින්න අකමැති ගැනු ටික දෙනෙකුත් ඉන්නවා කියල පෙනෙනවා.(ම)

:       0       0

අජිත් Thursday, 21 July 2016 12:36 PM

මාලක, එතකොට ඔයා බබා! (අ)

:       0       0

ටිකිරි Tuesday, 19 July 2016 11:55 PM

මෙහෙම බලෙන් කසාද බැන්ඳා කියලා ඇති වැඩක් තියෙනවද? (නි)

:       0       0

සම්පත් Thursday, 21 July 2016 02:44 PM

බදින්න නැතිනම් ආදරේ කලේ මොන දේකටද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1670 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1408 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site