IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පෙම්වතිය සොයා ගිය ‘බඹරා’ රිදෙන්නම කාලා: ලක්ෂ එකහමාරක බඩුත් අතුරුදන්

(ගල්ගමුව නිහාල් ජයවීර) 
දුරකතර ගෙවා පැමිණ මදු විතෙන් මත්ව රෑ ජාමේ අනියම් පෙම්වතියගේ පහස විඳීමට ඇගේ නිවසට ගිය අනංගයකුට ඇය පිටුපෑම නිසා ආපසු පැමිණීමට සිදුව ඇති බවත් ඒ එන අතරමගදී ප්‍රහාරයකට හා කොල්ලකෑමට ගොදුරුවී රෝහල් ගත කිරීමට වූ සිද්ධියක් ගල්ගමුව පොලිස්ථානයෙන් දැන ගැනීමට ලැබෙයි. 


හේ නිට්ටඹුව වේවැල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අනියම් සබඳතාවක් පවත්වන පෙම්වතියක් ගල්ගමුව ප්‍රදේශයේ ගමක වෙසෙයි.  කලෙක සිට පවත්වන සබඳතාවක් නිසා ඇය සොයා ඔහු ගල්ගමුව ප්‍රදේශයට පැමිණියේය. දිවා කාලයේ ඇගේ නිවසට ගොස් ප්‍රේම අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සිටින විට රාත්‍රි කාලයේදී පැමිණෙන ලෙස ඇගෙන් ඔහුට ආරාධනයක් ලැබුණි. 


එදින දිවාකල වෙනදාට වඩා දිගුබව ඔහුට දැනුනෙන් ගමේ කීප දෙනකු සමඟ එක්වී මත්පැන් පානය කළේය. රාත්‍රිය කිට්ටු වන බවවත් නොදැනිණි. සිය ප්‍රියාවියගේ ඇරයුම ඔහුට සිහිපත් විය. වහා ලක ලෑස්ති වී එතැන සිටි සගයකුද කැටුව හේ බමන මතින් යුතුව පෙම්බරියගේ නිවසට ගියේය. කණමදයෙකු සේ පැමිණ ඇති බව දුටු ඇය ඔහු ප්‍රතික්ෂේප කළාය. 


සගයාද කැටුව ආපසු පාරට බැස්සේය. මඳ දුරක් පැමිණෙනවිට ගුටි වරුසාවකි. ඔහුට මතක එපමණකි. මහ රෑ අවදි වී බලනවිට ශරීරයේ තුවාලය. සන්තකයේ තිබූ රුපියල් 1,60,000ක මුදලක් ජාතික හැඳුනුම්පත රියැදුරු බලපත්‍රය, ජංගම දුරකතන දෙකක් අතුරුදන්වී ඇති බව ඔහු දැන ගත්තේය. 


මේ සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කෙරිණි. 


සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු  සිදුකොට සැකකරුවන් තිදෙනකු ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ. 


ගල්ගමුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රන්බණ්ඩා මහතා ඇතුළු පිරිසක් විමර්ශන කටයුතු සිදු කළහ.



අදහස් (0)

පෙම්වතිය සොයා ගිය ‘බඹරා’ රිදෙන්නම කාලා: ලක්ෂ එකහමාරක බඩුත් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site