IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පෙම්වතිය බලන්න ඇවිත් පෙම්වතා පැය 7 ක් ඇඳ යට

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
පියා නගරයේ බැංකු කටයුත්තකට ගිය අවස්ථාවේ දී හොර රහසේ පෙම්වතා කැඳවාගෙන පෙම් සුව විඳිමින් සිටියදී පියා නිවෙසට පැමිණීමෙන් එළියට පැන ගත නොහැකිව පැය හතක පමණ කාලයක් පෙම්වතියගේ ඇඳ යට සිට ඇතැයි කියන තරුණයකු පිළිබඳ  පුවතක් කෑගල්ල සබරගමුව පළාතෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ඔහු 22 හැවිරිදි තරුණයෙකි. මෙම තරුණයා මාස කිහිපයක සිට 19 හැවිරිදි තරුණියක සමග දෙපැත්තේම මව්පියන්ට හොර රහසේ ආදර සම්බන්ධකමක් පවත්වා ගෙන යයි.


මෙම 19 හැවිරිදි තරුණියගේ එකම සහෝදරයා යුද හමුදාවේ රැකියාවක් කරයි. මව ඇඟලුම් සේවිකාවකි. පියා කුලී වැඩ කරන්නෙකි.
තරුණිය මීට මාස හතකට පමණ පෙර බස් රථයකට ගොඩ වී ඇත්තේ නිවස බලා පැමිණිමටය. බස් රථයේ අසුනක හිඳගෙන නිවස බලා පැමිණීමට සූදානමින් සිටින අවස්ථාවේ දී තරමක් කඩවසම් තරුණයෙක් ද බස් රථයට පැමිණ තරුණිය අසල වූ අසුනේ හිඳ ගත්තේය.
බස් රථය ගමන් ආරම්භ කරමින් ධාවනයට එක් කළ අවස්ථාවේ දී තරුණයා තරුණිය සමග ආ ගිය තොරතුරු කතා බහ කොට දෙදෙනා අතර යම්තාක් දුරට හිතවත්කමක් ගොඩ නගා ගත්තේය.


තරුණයා බසයෙන් බැස ගැනීමට පෙර සිය දුරකථන අංකය කොළ කැබැල්ලක ලියා තරුණියගේ අතට දුන්නේය. පසුව තරුණිය දුරකථන අංකය ගෙන කතා බහ කොට දැන හැඳිනගෙන දැනට මාස හතක පෙම් සුව විඳින තරුණ පෙම් යුවළක්ය. මෙම පෙම් යුවළ පවත්වාගෙන යන ආදර සම්බන්ධතාව පිළිබඳ දෙපැත්තේම මව්පියෝ කිසිවක් දැන නොසිටියහ.


ඉකුත් සඳුදා තරුණියගේ මව ඇඟලුම් ආයතනයේ රැකියාවට පාන්දරින්ම පිටත්ව ගියාය. පියා ද එදින නගරයේ බැංකුවකට යන බව කල්තියා තරුණිය දැන ගත්තාය. සිය මවත් පියාත් පෙරවරුවේ නිවෙසේ නොමැති බවත් වේලාවක් කලාවක් තියෙනවා තමා සමග කතා බහ කර සිටීමට සිය නිවෙසට පැමිණෙන ලෙසත් තරුණිය තරුණයාට ඉරිදා  දුරකතනයෙන් ආරාධනාවක් කළාය.


ආරාධනාව පිළිගත් තරුණයා පෙරවරු 10 ට පමණ තරුණියගේ නිවෙසට ප්‍රථම වතාවට ගියේ රුපියල් 100 ක් වටිනා චොකලට් එකකුත් රැගෙනය. දෙදෙනා තරුණියගේ කාමරයේ පෙම් සුව විඳිමින් සිටින අවස්ථාවේ දී තරුණියගේ පියා බැංකු රාජකාරි කටයුතු හනික අවසන් කොට පෙරවරු 11.10 ට පමණ නිවෙසට පැමිණියේ දියණියට කතා ක⁣රමින්ය. 


තරුණයාටත් තරුණියටත් කර කියා ගත හැකි දෙයක් නොවීය. සිය පෙම්වතා ආරක්ෂා කර ආපසු නිවෙසින් පිට කළ යුතු බව දැන ගත් තරුණ පෙම්වතිය පියා යළි නිවෙසින් මොනයම් හෝ කාරණාවකට එළියට බැස යන තෙක් සිය පෙම්වතා හනික ඇඳ යටට තල්ලු‍ කළාය.


ඇඳ යට තිබූ දූවිලි මකුළු දැල් තරුණයාගේ ඇඳුම් පැලඳුම්වලත් මුහුණ අත පයෙත් තැවරුණේය. හදිසියේ කිවිසුමක් කිහිපයක් පිට කරන්නට සිදු වුවත් තරුණයා එයත් ඉතාමත් අපහසුවෙන් තදකර නතර කරගෙන ඇඳ යට සිටින්නට විය. දහවල් 12 ට පමණ තේ කෝප්පයක් සාදා තරුණියට කෑමට පියා ගෙනත් දී තිබු වඩේ ගෙඩියක් සමග ඇඳ යටට තල්ලු‍ කළාය. තරුණයා වඩේ ගෙඩියත් තේ කෝප්පයත් ඇඳ යට දී භුක්ති වින්දේ දැඩි අපහසුතා මධ්‍යයේය. පෙම්වතාට දහවල් කෑම පිළියෙල කර  තිබුණද ඇද යට සිට කෑම ගැනීමට අපහසු නිසා තරුණිය තරුණයාට කෑම පිඟානක් නොදුන්නාය.


තරුණියගේ පියා සවස 5 ට පමණ මීටර් 300 පමණ ඈතින් පිහිටි  ඔයට දිය නෑමට ගියේය. පසුව තරුණිය ඇඳ යට සිටින තරුණයාට කතා කොට පියා නාන්න ඔයට ගිය බව පැවසුවාය. හනික ඇඳ යටින් එළියට ආ තරුණයා ඇඳ සිටි ඇඳුම් පැලඳුම්වල දූවිලි මෙන්ම මකුළු දැල් පිස දැමූ තරුණිය මිදුලට ගොස් නිවසේ දෙපස බලා තරුණයා නිවසින් පිටත් කර හැරියේ දවල්ට උයා තිබූ කෑමවලින් කොටසක් ඔතා දෙමිනි.

 



අදහස් (0)

පෙම්වතිය බලන්න ඇවිත් පෙම්වතා පැය 7 ක් ඇඳ යට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site