(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)
දෙදෙනාට එක ළඟ වාඩි වී යාමට ආසන නොමැති සැප බස් රියකට පෙම්වතිය නග්ගවා ගත් පෙම්වතකුට ‘බූරුවා’ යැයි අමතමින් දොස් කියූ පෙම්වතියක් කොළඹ-අම්බලන්ගොඩ ඉන්ටර්සිටි බසයකදී හමුවිය.
යොවුන් වියේ මෙම ජෝඩුව කළුතර බෝධිරාජයාණන් අසල බස්නැවතුමේ සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ ඉන්ටර් සිටි බසයට ගොඩවිය. පෙම්වතිය බසයට නැගීමට අදිමදි කළද පෙම්වතා දොරටුවට ගොඩවී එහි හිස් ආසන ඇති බව දැකීමෙන් ඇයද බසයට නග්ගවා ගත්තේය.
සැප බස්රියේ දෙදෙනාට එක ළඟ වාඩිවී යාමට ආසන දෙකක් නැති බව පෙම්වතිය දුටුවාය. ඇය පෙම්වතාගේ පපුවට හෙමිහිට ගහගෙන ගහගෙන ගියාය. කොන්දොස්තර පසුපසට ගොස් වාඩි වෙන්නැයි කීවද පෙම්වතිය නොසෙල්වී ආඩපාලි කියමින් සිටියාය.
“බූරුවා... ඇයි බූරුවෝ කෝ සීට්...” ඇය උරණව ඔහුට දොස් නගන්නට විය. ලැජ්ජාවට පත් තරුණයා පසුපස අසුනේ වාඩිවන ලෙස ඇයට කීය. එහි ඉඩකඩක් තිබූ අතර තරුණයින් තිදෙනෙක් වාඩිවී සිටිනු පෙනුණි. ඇය පෙම්වතා දෙස හැරී කමක් නැද්ද?’යි විමසූ විට ‘මට කමක් නැහැ’යි කියමින් තරුණයා වෙනත් අසුනක වාඩිවිය. මෙම බසය අහුන්ගල්ලට එන තුරුම පෙම්වතාටත් පෙම්වතියටත් එකළඟ ආසන දෙකක වාඩිවීමට වාසනාව නොලැබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පෙම්වතිය පෙම්වතාට සැප බස් රියේදී බූරුවා කියලා
sena Sunday, 19 August 2018 02:37 PM
ප්‍රසිද්ධ ස්ථානයක හැසිරෙන්න දන්නේ නැහැ. යාලු කරගත්ත එකෙන්ම තේරෙනවා ඒ මනුස්සයා නමට ගැලපෙනවා කියන එක...