(මනෝජ් හර්ෂික)
තම සිත් ගත් තරුණිය ඉදිරියේ වීරයකු වීමට උත්සහා කර ඇයගේ සොහොයුරාගෙන් හොඳ හැටි ගුටි කෑමට ගොස් නුලෙන් බේරුණු සිද්ධියක් කුරූණෑගල ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේය.
ඔහු සාමාන්‍ය පෙළ සමත්වී උසස් පෙළ හැදැරීම සඳහා ගමිබද ප‍්‍රදේශයකින් කුරුණෑගල නගරයේ පාසලකට පැමිණි තරුණයෙකි. ඉගෙනීමට දක්ෂයෙකු වු ඔහු අනෙක් සිසුන් මෙන්ම කුරූණෑගල නගරයේ සති අන්ත උපකාරක පන්ති සඳහාද යුහු සුළුව සහභාගි විය. කාලය ගතවත්ම උපකාරක පන්තියේ සිටින එක් තරුණියක කෙරෙහි පේ‍්‍රමයක් හට ගත්තේ ඔහුටත් නොදැනීමය.
මෙසේ මාස හයක පමණ කාලයක් ගත විය. සිතේ හිර කරගෙන සිටි පේ‍්‍රමය එක් දිනක ඔහු ඇය ඉදිරියේ ප‍්‍රකාශ කළේ මිටින්හළ කුරුල්ලෙකු ලෙසිනි. එහෙත් තරුණිය මේ පිළබඳව කිසිදු තැකීමක් නොකළාය. ඇයගේ ප‍්‍රතිචාරය ඉදිරියේ තරුණයා කනස්සලූ වුවත් ඔහු ඔහුගේ උත්සහය නම් අත්හැරියේ නැත.
දිනක් කතානායකයා සහ ඔහුගේ මිතුරා උපකාරක පන්තියට සහභාගී වීම සඳහා උදෑසනින්ම බස් නැවතුම්පොළ වෙත යන්නේ දහසක් බලාපොරොත්තු සමඟින්ය. ඔහු පැමිණෙන විටත් ඔහුගේ සිත්ගත් තරුණිය උපකාරක පන්තියට සහභාගී වීම සඳහා බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුම්පොළ අසළ රැුදී සිටියේය.
වෙනදාට තනිවම සිටින ඈ එදින සිටියේ තවත් තරුණයකු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් උස් හඬින් සිනා සෙමින් ය. මෙය දුටු තරුණයාට උන්හිටි තැන් අමතක විය. එක විටම ඔහු තම මිතුරා අමතා මෙසේ කීවේය.
”අන්න මගේ කෙල්ලට වෙන කොල්ලෙක් බැල්ම දානවා මං යනවා ඌට හොඳ දෙකක් කියලා දෙන්න” යැයි කියමින් එකවරම තරුණයා සහ තරුණිය සිටි තැනට පැමිණියේ තරහෙන් පුපුරමිණි.
ඔහු එක්වරම තරුණයා අමතා මෙසේ ඇසීය. ”ඇයි මෙයාගේ ළඟට වෙලා ඉන්නේ? මොකද්ද කෙරෙන්න ඔනේ?” තරුණයාගේ මුහුණ රතුවිය, උස් හඬින් ඔහු මෙසේ කීවේය. ”මම මෙයාගේ අයියා ඇයි මොකද්ද තියෙන ප‍්‍රශ්නේ?”
ඔහුට කර කියා ගැනීමට දෙයක් නොහැකි විය. මුළු ගතම දහඩියෙන් තෙමි ගොස්ය. එක වරම ඔහු තරුණයා අමතා මෙසේ කීවේ ලැජ්ජාවෙන් මිරිකෙමිනි. සොරි අයියේ වැරදීමක් වුණේ.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පෙම්වතියගේ අයියාට පාට් දමන්න ගිහින් අනූනවයෙන් බේරිලා
kithsiri Friday, 14 July 2017 06:41 AM
අපේ යාළුවෙක් ඉස්කෝලේ යන කලේ මෙහෙම පැටලිල්ලකින්, නංගිගේ කොල්ලගෙන් ගුටි කෑවා මතකයි.
Thusha Friday, 14 July 2017 02:18 PM
අයියා ඉතාම වැදගත් පවුලක කොල්ලෙක් වගෙයි. ඉතාම නිහතමානිව, වැදගත් විදිහට පිළිතුරු දීලා තියෙන්නේ. අද කාලේ බොහෝ දෙනෙක් හොස්ස ලඟින් මැස්සෙක් ගියත් වලියටමනේ යන්නේ.