IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෙම්වතාගේ දුරකථන ඇමැතුමට පිළිතුරු දෙන්න ගොස් ශාන්ති කර්මයකුත් කරලා

රජරට දුෂ්කර පැත්තකි. හිරු ද අවරට ගොස් සිටියේය. ගොවිතැන් කටයුතු හමාරයේ මවුපියන් ද ගෙදර ආහ. දියණියගේ වයස විස්සකි. පෙම්වතාගෙන් ඇමතුමක් ලැබිණි. එවැනි ඇමතුමක් ආ විට ඇවිදිමින් සිනාසෙමින් සතුටු සයුරේ ගිලෙමින් ඇය පිළිතුරු දෙන්නීය. දුරකතන සමාගමෙන් තර බිලක් ආවත් ඇයට එය දැණෙනුයේ මාසය අන්තිමටය. ඇය කෙතරම් වෙලා දුර අල්ලාප සල්ලාපයේ යෙදුණේ දැයි කිවහොත් නොදැනුවත්වම සැතැපුම් බාගයක් දුර ගොස් සිටියාය. වේලාව රාත‍්‍රි අටට පමණ ඇත. ඈත සුදු රෙදි කඩක් සුළෙඟ් හෙල්ලෙද්දී ඇය මරහඬ තැලූවාය. ඈත සිටි පෙම්වතා සමග කතාව ද විසන්ධි විය. ගැමියෝ පොලූ මුගුරු රැගෙන එහි දිව ආහ. දක්නට ලැබුණේ සොහොන් පිටිය අසල බිරන්තට්ටු වී සිටි තරුණියකි. ”පෙම් පුවත” සඟවා ගැනීමට ඇය ගත් උත්සාහය ගැමියන්ගේ හරස් ප‍්‍රශ්න නිසා අසාර්ථක විය. නිවෙසට කැඳවාගෙන ආ ඇයට පිරිත් කියා නූල් බැඳ ශාන්තිකර්මයක් ද කළ බව වාර්තා වෙයි.



අදහස් (0)

පෙම්වතාගේ දුරකථන ඇමැතුමට පිළිතුරු දෙන්න ගොස් ශාන්ති කර්මයකුත් කරලා

නිශාන්ත Saturday, 28 January 2012 09:41 AM

පෙම්වතා කලුකුමාරයාද දන්නේ නෑ

:       0       0

දුමිංද Wednesday, 25 January 2012 02:26 PM

ආලය අන්ධයි කියන්නෙ ඕක නොවැ... එහෙම උනාම හොල්මංවත් පේන්නෙ නෑ...

:       0       0

ඉන්දිකා Wednesday, 25 January 2012 09:20 PM

තරුණ විසේනෙ

:       0       0

milano .T.D Friday, 27 January 2012 02:41 AM

හොඳ වෙලාවට හොල්මනක්දැකල හරි නැවතුනේ

:       0       0

ධනංජය විමුක්ති Friday, 27 January 2012 04:47 PM

ඔයින් ගියා මදැයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site