IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෙම්වතාගේ අණ නොතැකූ පෙම්වතියගේ ප්‍රේමය දෙදරලා

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
පෙම්වතාට හොරෙන් අයිතිවාසිකම් දිනාගැනීමේ උද්ඝෝෂණයකට සහභාගි වූ පෙම්වතියකගේ පෙම් කතාව නිමාවීම  පිළිබඳව කතාවක් දකුණු පළාතේ කුඩා නගරයකින් වාර්තා වේ.


පෙම්වතා උපාධිධාරියකු වන රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්නෙකි. පෙම්වතිය ශික්ෂණය පිළිබඳ ඩිප්ලෝමාධාරිණියක් වේ. දෙදෙනා රාජකාරියට යන අතර මගදී දැන හඳුනා ගැනීම මත පසු පෙම්වතුන් බවට පත් වූහ. 


පෙම්වතියගේ වෘත්තිය ගෞරවයට අබමල් රේණුවකවත් හානියක් නොවන පරිදි ඇය මුණගැසීමත් ගමන් බිමන් යාමටත් පෙම්වතා සෑම අවස්ථාවකම වග බලා ගත්තේය. ඔහු පළාතේ අගනගරයක රැකියාව කළ අතර ඇය ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි තක්සලාවක සේවය කළාය. ඇයගේ සේවා ස්ථානය මේ දිනවල වසා ඇති අතර ඇය නිවසේ හුදකලාව කාලය ගතකළ අතර තාක්ෂණය භාවිත කරමින් දිනපතාහමුවීම පුරුද්දක් ලෙස සිදු කළාය.


නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණයකට යාමට යෙහෙළියන් පිරිසක් විසින් ඇයට ද ආරාධනා කළ අතර ඇය ද එයට එකඟ වූවාය. උදඝෝෂණයට යාම පිළිබඳව මව්පියන් කැමැත්තක් නොදැක්වූ අතර යනවා නම් පෙම්වතාට ද පවසා එයට සහභාගිවන ලෙස මවුපියෝ සිය දියණියට කීහ. එම අවවාදය පිළිනොගත් තරුණිය යෙහෙළියන් සමග උද්ඝෝෂණයට සහභාගි වූවාය.


පෙම්වතා රාජකාරි නිමවා නිවසට පැමිණ මව්පියන් සමග රාත්‍රී රූපවාහිනියේ ප්‍රවෘත්ති නරඹමින් සිටි අතර එහිදී නගරයේ පැවති උද්ඝෝෂණය පිළිබඳ ප්‍රවෘත්තිය ද ප්‍රචාරය වන්නට වූ අතර තිදෙනාම එය නැරඹූහ. තම අනාගත ලේලිය ද උද්ඝෝෂණයේ සිටිනු දුටු පියා එයට පුතාගේ අවධානය ද යොමු කළේය. තම ආදරවන්තිය ඩෙනිම් කලිසමක් හා ටී ෂර්ට් එකකින් සැරසී ඉදිකොළ තොප්පියක්ද හිසට දමාගෙන උස් හඩින් සටන් පාඨ කියන අයුරු දුටු පෙම්වතාගේ ඉහමොළ ගිනි ගත්තේය.


මව්පිය දෙදෙනා රූපවාහිනි යන්ත්‍රය වසා දමා නින්දට ගිය අතර තරුණයා කාමරයට ගොස් දස අතේ කල්පනා කර පෙම්වතියට දුරකතන ඇමතුමක් ගැනීමට උත්සාහ කළ අතර ඇය එයට ප්‍රතිචාර නොදැක්වූවාය. ඇයගේ නිවසට අැමතුමක් ගෙන අම්මාගෙන් දියණිය ගැන විමසීමේදී හිසේ අමාරුවක් හටගෙන ඇති නිසා නිදි බව පවසා දුරකථනය තැබුවාය. තම අනාගත බිරිඳගෙන් බලාපොරොත්තු නොවූ හැසිරීම පිළිබඳව දැඩිව කලකිරීමට පත් ඔහු අවසානයේ ආදර කතාවට තිත තැබිමට තීරණය කර ඇති බව පැවසේ.


පෙම්වතා තම දුරකථනයෙන් පෙරදා රාත්‍රි ප්‍රවෘත්ති විකාශයේ කොටස බාගත කර වට්ස් ඇප් තාක්ෂණය මගින් පෙම්වතියට ලැබීමට සලස්වා ඇයගේ දුරකථන අංකය ද අසාදු ලේඛනයට ඇතුළත් කර ඇයව අමතක කර දැමීමට තීරණය කළේය.


 පෙම්වතියගේ මව්පියන් සහ යෙහෙළියන් දෙදෙනා නැවත එක්කිරීම සඳහා කෙතරම් උත්සාහ දැරුවද එය පලක් නොවු අතර යෙහෙළියන් විසින් සිද්ධිය එකිනෙකාට පැවසීම නිසා කතාව ප්‍රදේශය පුරා පැතිරයාමට වැඩි දිනක් ගත නොවූ අතර පෙම්වතිය නිවසින් පිටතට නොයන අතර උද්ඝෝෂණයට යාමට ඇරයුම් කළ යෙහෙළියන්ගෙන් ලැබෙන ඇමතුම්වලට සුද්ද සිංහලෙන් පිළිතුරු දෙමින් දුරකතනය විසන්ධි කරන බව ද පැවසේ.



අදහස් (0)

පෙම්වතාගේ අණ නොතැකූ පෙම්වතියගේ ප්‍රේමය දෙදරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site