IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පැමිණීමේ ලේඛනයේ අස්සන් කරන්න මාපිලෙක් ගෙනත් කාර්යාලයම හොල්මන් වෙලා

(වියලුව වාර්තාකරු)
විෂකුරු මාපිලකු සිය වැහි කබායේ පසුම්බිය තුළ සිටියදී කන්දකැටිය ප්‍රදේශයේ සිට බදුල්ල නගරය වෙත කිලෝමීටර් 45ක් පමණ යතුරුපැදියකින් ගිය පුද්ගලයකු පිළිබඳ පුවතකි.


සිද්ධිය මෙසේය.


ඔහු බදුල්ල නගරයට නුදුරු එක්තරා ආයතනයක සේවක මහතෙකි. සිය ගම් ප්‍රදේශ පිහිටි කන්දකැටියේ සිට හෙතෙම රැකියාවට ආවේ ගියේ සිය යතුරුපැදියෙන්ය.


මේ දිනවල පවත්නා වැසි සහිත කාලගුණය නිසා ඔහු වැහිකබායක් ද පැළඳීමට අමතක නොකළේය. සති අන්තයේ පැත්තකට දමා තිබූ වැහි කබාය ඊයේ (29) උදෑසන ඔහු යළි පැළඳ ගත්තේ ඒ වනවිටත් ඇදහැළුණු වර්ෂාවෙන් ආරක්ෂා වීමටය.


කන්දකැටිය සිට පැය එක හමාරක පමණ ගමනකින් පසුව සිය ආයතනය වෙත පැමිණි හෙතෙම වැහි කබායේ පසුම්බිය තුළට අත දමා එහි වූ පෑන එළියට ගන්නට සූදානම් වූයේ පැමිණීමේ ලේඛනයේ අත්සන් තබන්නටය.


එහෙත් පෑන වෙනුවට ඔහුට හසුවූයේ දැඩි සීතල සහිත රබර් පටියක් වැනි දඟරයකි. අතට අසු වූ රබර් පටිය එළියට ගත් ඔහුට දැක ගන්නට ලැබුණේ අතේ දැවටී සිටින විෂකුරු මාපිලෙකි.


මහ හඬ නගමින් අත ගසා දැමූ ඔහුගේ කෑ ගැසීම අසා එහි පැමිණි සෙසු පිරිසට දැක ගන්නට ලැබුණේ බිම දිගේ යන මාපිලෙකි. මාපිලා දුටු සේවක මහතා පමණක් නොව එහි සිටි කාන්තා පිරිස ද කෑ ගසමින් ඒ මේ අත දුවන්නට වූයේ ආයතනය තුළ මහා ගාලගෝට්ටියක් ඇති කරමිනි.


කෙසේ වෙතත් මෙතෙක් වේලා පසුම්බියේ ගුලි වී සිටි මාපිලා සිය සහෝදර සේවක මහතාට ආන්තරාවක් සිදු නොකිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙවියන්ට පමණක් නොව මාපිලාට ද ස්තුති කරමින් මාපිලා කෝටුවකින් අල්ලාගෙන ගොස් කැලෑවට මුදාහැරියේ සත්ව අවිහිංසාව පිළිබඳ මෙනෙහි කරමිනි.

 



අදහස් (0)

පැමිණීමේ ලේඛනයේ අස්සන් කරන්න මාපිලෙක් ගෙනත් කාර්යාලයම හොල්මන් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site