IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පපුවෙ දැවිල්ලට තිප්පොළෙන් දෙකක් දාගන්න බෑණා බේතක් කියලා

අධික ලෙස මත්පැන් පානයට ගිජුවීම හේතුවෙන් ඇති වූ පපුවේ දැවිල්ල උත්සන්න වීමෙන් රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සිය මාමණ්ඩියගේ රෝගයට උචිතම ප්‍රතිකාරය මත්පැන් උගුරක් බීමට දීම බව පවසමින් බලහත්කාරයෙන් ඔහුගේ ටිකට් කප්පවාගෙන නිවසට රැගෙන ගිය බෑනා කෙනකු පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
පසුගිය දිනෙක රාත්‍රී කාලයේ පුද්ගලයකු අධික පපුවේ දැවිල්ලක් ඇතැයි පවසමින් පළාතේ පිහිටි රජයේ රෝහලකට පැමිණියේ ඒ සඳහා ප්‍රතිකාර ගැනීමටය.
ඔහුට පරීක්ෂණ ගණනාවක්ම සිදුකළ රෝහල් කාර්ය මණ්ඩලය අවශ්‍ය බෙහෙත් හේත්  ලබා දුන්නේ ඉතා සුළු වේලාවකින්  රෝගියාට  යම් අස්වැසිල්ලක් ලබා දෙමිනි.
ඒ වන විටත් හොඳ හැටි මධු විතෙන් සප්පායම්ව සිටි රෝගියාගේ  බෑනණ්ඩියද ඔහු සමගම රෝහලේ නතර වූයේ රෝගියාට අවශ්‍ය ඇප උපස්ථාන ලබා දීමටය.
ප්‍රතිකාර ලබා දී හෝරා දෙක තුනක් ගෙවෙද්දී රෝගියා යම් තරමක සුවයක් ලැබූවත්  එය මධු විතෙන් සප්පායම්ව සිටි බෑනණ්ඩියට විහිළුවක් වෙමින් තිබිණි.
සුවය ලබමින් සිටි සිය මාමණ්ඩිය දෙස බලමින් විවිධ විහිළු කතා කියන්නට වූ බෑනණ්ඩිය අවසානයේ රෝහල් කාර්ය මණ්ඩලයට කියා සිටියේ ‘‘ඕකට ඉස්පිරිතාලෙ බෙහෙත් හරියන් නෑ එළියට ගිහිල්ලා දෙකක් දා ගත්ත නම් රජෙක් වගේ ඉන්න පුළුවන්’’ යනුවෙනි.
මාමණ්ඩිය මැදියම් රැයේම රෝහලෙන් පිටතට රැගෙන යා යුතු බව පවසමින්  හෙතෙම  රෝහල්  කාර්ය මණ්ඩලයට ද එක දිගට කරදර කරන්නට වූයේ’’ ඔවුන්ගේ රාජකාරිවලටද බාධා වන ලෙස හැසිරෙමිනි.
මත්පැන් පෙරේතයකු වූ මාමණ්ඩිය ද සිය බෑණාගේ කතාව එකහෙලා අනුමත කළේ  කිසිදු පැකිළිමකින් තොරවමය.
කොතෙක් කරුණු පැහැදිලි කළද අවසානයේ කාර්ය මණ්ඩලයේ උපදෙස් මායිම් නොකළ මාමාත් බෑනාත් වෛද්‍ය අවවාදවලට විරුද්ධව රෝහලෙන් පිටව යන බව පවසමින් රෝහල් කාර්ය මණ්ඩලයට සමු දුන්නේ යාබද    තිප්පොෙළන් දෙක තුනක් දාගෙන මහ රෑම නිවසට යන බව පවසමිනි.

වියලුව වාර්තාකරු



අදහස් (0)

පපුවෙ දැවිල්ලට තිප්පොළෙන් දෙකක් දාගන්න බෑණා බේතක් කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site