(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
සිදු වූ සොරකමක් සොයා සී.සී.ටී.වී. කැමරා පරීක්ෂාවට ගිය පිරිසකට අනියම් රංගනයක යෙදුණු විවාහක යුවළකගේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවීම හමුවේ එම යුවළ අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටීමේ පුවතක් පොල්පිතිගම පොලිසිය අවට ගම්මානයකින් වාර්තා වේ.
අනාවරණය වූ අයුරු සිද්ධිය මෙසේය.

පොල්පිතිගම ප්‍රදේශයේ ගැමි පෙදෙසක වැව් පිටියක පැවැත්වුණ සල්පිල් වෙන්දේසි සමග නාට්‍ය සංදර්ශනයකි. කලාතුරකින් පැවැති එම සල්පිල හා නාට්‍ය දැක බලා ගැනීමට අවට විශාල පිරිසක් එක්රැස්ව සිටියහ.
නාට්‍ය රඟදැක්වෙන අතරවාරයේ නවතා තිබූ පාපැදියක් සොරා ගැනීමේ පුවතක් අසන්නට ලැබුණි.
එහිදී සල්පිල හා නාට්‍ය පැවැත්වුණු අවට නිවසක සී.සී.ටී.වී. කැමරා සවිකර තිබෙන අයුරු දැන ගත් පිරිසක් එය පරීක්ෂා කිරීම සඳහා පසුදින පෙරවරුවේ එම නිවසට ගොස් ඇත්තේ පෙර දින රාත්‍රියේ සොරාගත් පාපැදියේ තොරතුරක් ඒ ඔස්සේ හෝ හෙළිකර ගැනීමේ අටියෙනි.
නිවැසියා සමග එහි ගිය පිරිස එම දසුන් පරීක්ෂා කරන අතරවාරයේදී පාපැදිය රැගෙන ගිය හිතවතකු එය ගෙනැවිත් පා පැදි හිමිකරුට බාරදුන් පුවත දැන ගන්නට ලැබී ඇත.
පා පැදියේ තොරතුර හෙළිවී ඇතත් එම දසුන් නැරඹීම නිමා නොකළ පිරිස එය තවදුරටත් පරීක්ෂා කිරීමේදී කැමරාව ඉදිරිපිට මාවතේ පෙර දින රාත්‍රියේ අනියම් ඇසුරක් පවත්වන යුවළකගේ රංගනයක් දැක පිරිස මවිතයට පත්ව තිබේ.
එම යුවළ කවුරුන්ද යන්න දැන ගැනීමට පැමිණි පිරිස් තව තවත් විපරම් කිරීමේදී එම කත තම ප්‍රදේශයේම පදිංචි විවාහක එක්දරු මවක බවත්, අනිත් තැනැත්තාද අවට ගම්මානයක විවාහකයකු බවත් හඳුනා ගැනීමට ඔවුනට වැඩිවේලාවක් ගත්වී නොමැත.
කෙසේ වෙතත් සල්පිල් වෙන්දේසිය අතරේ නිදහස් පෙදෙසක කියා රහසිගතව ප්‍රේම රංගනයක නියැළුණු එම යුවළද එහි සී.සී.ටී.වී කැමරා සවිකර තිබෙන වග දැන ගැනීමෙන් අනතුරුව කලබලයට පත්ව වහ වහා එකී නිවසට ගොස් එම දසුන් කපා දමනා ලෙසට එම නිවැසියන් හමුවේ බැගෑපත් වී ඇතත් එය මේ වනවිට අවට ගම්මානවල කා අතරේත් ප්‍රසිද්ධ රහසක් බවට පත්ව අවසන් යැයි ප්‍රදේශවාසීහු පැවසූහ.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාපැදි සොරකම සෙවූ සීසීටීවී කැමරාවේ අපූරු රංගනයක්
අනංග Wednesday, 25 September 2019 02:04 PM
අපිත් ආසයි ඒ රංගනය බලන්න. දාන්න බැරිද ඒ වීඩියෝව? නැති නම් අඩු තරමේ සයිට් එකකවත් දාන්නකෝ බලන්න.
Kumar Wednesday, 25 September 2019 06:29 PM
ලංකාවේ නිෂ්පාදනය කල ඒ වැනි වීඩියෝ ඕන තරම් අන්තරජාලයේ තිබෙනවා. අන්තර ජාලයට ගොසින් බලන්නකෝ තමන් අඳුනන අය ඉන්නවද කියල.