IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


පින් පත්තරේ හොරේ යකඩ කටෙන් රටටම එළිවෙලා

වියලු‍ව වාර්තාකරු 
ගමින් ගමට ගොස් එකතුකරගන්නා සම්මාදම් මුදලින් මත්පැන් පානය කළ හොර උපාසක පිරිසක් ඔවුන් ගමන්ගත් ත්‍රීරෝද රථයේ ගැට ගසා තිබූ ශබ්දවාහිනී යන්ත්‍රයෙන් හසුකර ගැනීමට හැකි වූ බව කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔවුහු බොහෝ දුර බැහැර ප්‍රදේශයක පිහිටි ගම්මානයක අලු‍තින් ඉදි කරනු ලබන පන්සලක රන් වැටක් සඳහා ආධාර එකතු කිරීමට ත්‍රීවිල් රථයකින් පැමිණි පිරිසකි.
 කාරණය වඩාත් පැහැදිලිව ගමින් ගමට දැනුම්දීම සඳහා ත්‍රීවීල් රථයට ශබ්දවාහිනී යන්ත්‍රයක්ද ගැට ගසා තිබිණි.


 අහවල් ගම්මානයේ  පන්සලක අලු‍තින් ඉදිකළ බෝධී ප්‍රාකාරය වටා  ඉදි කෙරෙන රන් වැටට ආධාරයක් ලබා දෙන්නැයි ඔවුන් නිරන්තරයෙන් සිය ශබ්දවාහිනී යන්ත්‍රය උපයෝගී කරගනිමින් පවසන්නට වූ අතර තවත් දෙදෙනෙක් පින් පත්තර කඩමින් ගෙන් ගෙට ගමන් කරන්නට  වූහ.
 පිරිස වියළුවේ ගම්මානයක් හරහා යමින් සිටියදී  ඔවුන්ගේ පෞද්ගලික කතාබහ ද ශබ්දවාහිනී යන්ත්‍රයෙන් ඇසෙන්නට විය.


  ඒ කතා ඉතාම රසවත් වූ නිසා ගමේ තරුණ පිරිසද ඊට සාවධානව සවන් දෙන්නට වූවේ එය ඔවුන්ට ද අපූරු විනෝදයක් ගෙනදුන් නිසාය.
  අද නම් රෑට බෝතලයක් දෙකක් ගහන්න තරම් ගානක් එකතු වෙලා තියෙනවා යැයි එකෙකු  පවසද්දී අනෙකා කියා සිටියේ අතරමග හමුවන අරක්කු තැබෑරුමක් ගැනය. මේ අයුරින් සම්මාදම්කාර පිරිසගේ කතා එක දිගට ශබ්දවාහිණී යන්ත්‍රයෙන්  ඇසෙන්නට වෙද්දී තරුණ පිරිස ද ඉන් අපූරු ආස්වාදයක් විඳින්නට වූහ.


 කෙසේ වෙතත් තම ගමේ ගොවිතැන් කරන අහිංසක මිනිසුන්ගෙන්  සම්මාදම් කළ මුදලට අත් වන්නා වූ ඉරණම පිළිබඳ ඉවෙන් මෙන් වටහා ගත් තරුණ පිරිස් හොර  උපාසක පිරිස ගමන් ගත් ත්‍රිරෝද රථය නවතා ආගිය තොරතුරු විමසන්නට වූ අතර  ඔවුන්ට දැක ගන්නට ලැබුණේ ඒ වන විටත් ඔවුහු පදමට සප්පායම්ව සිටින අයුරකි.
වළ පයයි ගොඩ පයයි ලංව තියෙද්දී බුදු දහම විකෘති කරමින් එය විකුණාගෙන කෑම මහා  පාප ක්‍රියාවක් බව අවබෝධ කර දුන් තරුණ පිරිස, ඔවුන්ට පහර නොදී අත්හැර දැම්මේ ඒ වන විටත් මෙම හොර උපාසක පිරිස ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින පිරිසක් වූ  නිසාවෙනි.



අදහස් (0)

පින් පත්තරේ හොරේ යකඩ කටෙන් රටටම එළිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site