IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පින් පත්තරේට බයේ ගෙයි දොර වසා අතට ආ වාසනාව නැතිවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
පිරිසක් සමග හිමි නම එන්නේ  අාධාර මුදල් එකතු කිරීමට යයි සැක සිතා නිවෙසේ දොර වැසූ අයෙකුට වියළි ආහාර පරිත්‍යාගයක් මග හැරීගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


විහාරාධිපති හිමියන් දනට කැමතිය. පිනට ලැදිය. ඒ නිසාම උන්වහන්සේ තමන්ට ලැබෙන දේ අතහරිනුයේ නිර්ලෝභීවය. මතු බවය ගැන සිතාය. විවිධ පින්කම්වල නායක හාමුදුරුවන් නියලෙන්නේ ඊට කදිමට උදාහරණ සහිතවය.


මෙවර වෙසක් උත්සවයට. උන්වහන්සේ අපූරු පින්කමක් සංවිධානය කළහ. මේ පිළිබඳව සිය ප්‍රධාන ගෝල හිමි නම සහ දහම් ගුරුවරුන්  පමණක් දැනුම්වත් කළේ මේ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමටය.


ඒ අනුව මේ පිරිස ගමේ ගෙන් ගෙට යමින් සිටියාහ. එසේ යන අතරතුර පිරිසක් සමග හිමි නමක් එනු දුටු අයෙක් මේ එන්නේ අාධාර එකතු කරන්න යයි සිතා නිවෙසේ දොර වසා ගත්තේ ඔවුනටද පෙනෙන ලෙසය.


කිසි ශබ්දයක් නොකළ මේ පිරිස ඊළඟ නිවෙසට ගියේ ඔහු නිවෙසේ හොරෙන් බලා සිටියදීය. පැමිණි පිරිස එම නිවසට කාඩ් එකක් වැනි යමක් දුටුවිට ඔහු ඒ ගැන සොයා බැලීමට ඉටාගත්තේය. ඒ අනුව මේ පිරිස නොපෙනී ගිය තැනේදී ඔහු ඒ පිළිබඳව විමසිලිමත්වීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ නායක හාමුදුරුවන් ගමේ දායක පවුල්වලට දෙන වියළි සලාක දානයේ ටෝකන් ලබාදීමට පැමිණි බවය.


 ඔහුට තමාගේ අනුවණකමේ මහත තේරුණේ එම වියළි සලාක දානයට අහල පහළ අයට ලැබුණු දේවල් පිළිඳව සිය මායියාගේ කන්කරච්චලයත් සමගමය.



අදහස් (1)

පින් පත්තරේට බයේ ගෙයි දොර වසා අතට ආ වාසනාව නැතිවෙලා

Kaushalya Rathnasinghe Thursday, 26 May 2022 11:51 AM

පිනට ලෝබ වීමේ විපාක. පව් අසරණයා...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 59 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2012 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site