IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පින් අඩිකාරයා පත්තෑයකුගෙන් මට්ටුවෙලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත

සිය මිතුරන්ට නවතාගන්නට බැරිව සිටි පින් අඩිකාරයා පුංචි පැත්තෑයකු විසින් නතර කරනු ලැබීමේ පුවතක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.

ඔහු අංක එකේ පින් අඩිකාරයෙකි. මිතුරන් ඉතා අමාරුවෙන් එකතුවී අඩියක් පුඩියක් ගසනාවිට දී ඔහු එයට සම්බන්ධ වන්නේ එකදු රුපියලක්වත් වැය නොකර පිනටය. එහිදී ඔහු අඩිය අමු අමුවේම දමා  ගන්නේ වීදුරුව පිරෙන සේය. මිතුරන් ආරාධනා කළත් නොකළත් බෝතලයෙන් භාගයකටම ඔහු වගකියන්නේ මිතුරන්ගේ තොළකට වේලමිනි. මිතුරන් එකතුවන විට සෑම විටදීම එයට දායක වන ලෙස ඔහුගෙන් ඉල්ලීම් කළත් කලිසම් සාක්කුවෙන් හිස් මුදල් පසුම්බිය ගෙන පෙන්වන්නේ එම්ටි පොකැට් යයි කියමිනි. අඩියට තියා අඩුම තරමේ කට ගැස්මටවත් මුදලක් හදලක් වත් වියදම් කරනුයේ ඔහු නම් නොවේ. ඔහුගේ මේ ක්‍රියාව මිතුරන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අවස්ථාව ද නැත්තේ ද නොවේ. මිතුරන් ඔහු මගහැර සෙට්වුණු වාර ද නැත්තේ ද නොවේ. කෙසේ කොහොම කළත් ඔහු එයට සම්බන්ධ වන්නේ ඉවෙන් මෙනි. රහස් පරීක්ෂකයකු ලෙස හොර රහසේමය. සීරුමාරුවටය.

එදාත් මිතුරන් ඇති තැනට ඔහු එක්වූයේ අනේ මචෝ අදත් එම්ටි පොකැට් යයි කියමිනි. බිම වාඩිවී සිටි ඔවුන්ගෙන් අපේ කතානායකයා දනිපනිගා නැගිට්ටේය. ‘‘බුදු අම්මෝ කලිසම් සාක්කුවට පැත්තෑයකු ගිහිල්ලද කොහේ, කනවෝ...’’ කියමින් කලිසම් සාක්කුව එළියට දමමින් කෑගැසුවේය.

ඒ සමගම එළියට දැමූ කලිසම් සාක්කුවෙන් මොනරු කොළ පැන්නේය. එකක් දෙකක් නොව කිහිපයක්මය. මෙය දුටු මිතුරන්ට මළ පැන්නේය. ‘‘යකඩෝ හැමදාම මූ අපෙන් පින් අඩි ගහන්නේ සල්ලි තියාගෙන නේ...’’ කියමින් පත්තෑ විෂෙන් උඩ පැන පැන සිටි ඔහුට මිතුරෝ දෙස් දෙවොල් තැබූහ. අත පය කෙළින් කරගෙන ඔහුට සලකන්නට ගිය අය කිහිප දෙනෙක්ද මේ අතර වූහ. දැන්නම් මෙහි රැඳී සිටීම සිතට ගතට කොහෙත්ම හොඳ නැතැයි සිතූ ඔහු එතනින් මාරුවී ගියේය. එසේ මාරුවී ගිය ඔහු මිතුරන්ගෙන් පින් අඩි ගහන්න තවමත් පැමිණියේ නැති බව ද කියති.

 



අදහස් (0)

පින් අඩිකාරයා පත්තෑයකුගෙන් මට්ටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site