IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පනහේ මුද්දරය ගන්න 450 ක් පුදන්න වෙලා

හසලක සුනිල් ඒකනායක


ගමේ තැපැල් කාර්යාලයෙන් රුපියල් පනහක මුද්දරයක් මිලදී ගන්නට පැමිණි ගැමියකුට රුපියල් 450/- ක පමණ මුදලක් වැය කර එම මුද්දරය මිලදී ගැනීමට සිදුවූ පුවතක් හසලක නගරයට ආසන්න ගමකින් වාර්තා වෙයි.
ගුරුළුපොත ගම පිහිටියේ හසලක නගරයේ සිට කිලෝ මීටර් 04ක පමණ නුදුරිනි. මෙම ගමේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා මෙයට වසර 30කට පමණ ඉහතදී ගුරුළුපොත හන්දියේ උපතැපැල් කාර්යාලයක් ආරම්භ කරනු ලැබිය. ඉහළ ආදායමක් තැපැල් කාර්යාලයට නොලැබුණත් ප්‍රදේශවාසීන්ට කාර්යාලයෙන් ඉහළ සේවාවක් සිදුවෙයි. 
ගමේ අයකුට රුපියල් 50/-ක මුද්දරයක් හදිසියේ අවශ්‍ය වූයේ අධිකරණයට දිවුරුම් සහතිකයක් ඉදිරිපත් කිරීමට එම සහතිකයට මුද්දරයක් ඇලවීමට සිදු වූ හේතුවෙනි. මොහු පදිංචිව සිටිනුයේ ගුරුළුපොත හන්දියේ සිට කිලෝ මීටර් දෙකක් පමණ දුර පාගමනින් යා යුතු මාර්ගයක් ඇති දුෂ්කර ගම්මානයකය. ගමේ සිට පාගමනින් ගුරුළුපොත හන්දියට පැමිණ තැපැල් කාර්යාලයට ගියත් එය වසා දමා තිබුණි. කාර්යාල වැසීමට ආසන්නතම හේතුව බව අසල වෙළඳසල් හිමියකු ඔහුට පැවසුවේ මෙහි සේවය කළ නිලධාරිනිය හසලක ප්‍රධාන තැපැල් කාර්යාලයට අනුයුක්ත කර තිබෙන නිසාවෙන් බවයි.


මුද්දරයක් ගැනීමට පමණක් අවශ්‍ය මුදල රැගෙන පැමිණි නිසා හසලක ප්‍රධාන තැපැල් කාර්යාලයට ගොස් මුද්දරයක් ගෙන ඒමට යෑම සඳහා ප්‍රමාණවත් මුදලක් අතේ නැත. මුද්දරයක අවශ්‍යතාවය තදින්ම පවතී. අදාළ දිවුරුම් සහතිකය අදම අධිකරණයට ඉදිරිපත් නොකළහොත් එම කාර්යයට ගැටලුවක් ඇති විය හැකි බවද ඔහුට කල්පනා විය.
අසල වෙළඳසලේ මිතුරාට තමන් පත්ව සිටින අපහසුතාව හා අවශ්‍යතාව පවසා රුපියල් 500/-ක මුදලක් ණයට ගෙන හසලක බලා මගී බස් රථයකින් නගරයට ගොස් මුද්දරය රැගෙන පෙරළා ගමට පැමිණි ඔහු ගැමියන්ට පැවසුවේ රුපියල් 50/- මුද්දරයක් ගන්නට ගිය තමන්ට හසලක තැපැල් කාර්යාලයට ගිය ගමනට බස් රථයට රුපියල් 100/ක් (යෑමට ඒමට ) වැය වූ බවත් නගරයට ගිය විට ඇති වූ කුසගින්නට තේ පානයට රුපියල් 300/ක් වශයෙන් රුපියල් 450/-ක පමණ මුදලක් වැය වූ බවත්ය.

 



අදහස් (0)

පනහේ මුද්දරය ගන්න 450 ක් පුදන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site