IMG-LOGO

පන්සලේ ආධාරෙට රු.50ක් දීලා පුතා තාත්තගේ සායමත් ඇරලා

බළපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා
විහාරස්ථානයක අලු‍තෙන් ඉදිකෙරෙන චෛත්‍යයකට ආධාර එකතු කිරීමට පැමිණි වෑන් රථයකට සිංහල භාෂාව උගන්වන ඉතා ජනප්‍රිය ගුරුවරයකුගේ කුඩා පුතකු දුන් රුපියල් පනහක මුදලක් ගැන ශබ්ද වාහිනී යන්ත්‍රයකින් කවි කියා මහා ඉහළින් වර්ණනා කරද්දී ලජ්ජාවට පත් ගුරුවරයා තවත් මුදලක් පරිත්‍යාග කිරීමේ පුවතක් දකුණු පළාතෙන් දැන ගන්නට තිබේ.
සිංහල භාෂාව උගන්වන මෙම තරුණ උපකාරක පන්ති ගුරුවරයා දකුණු පළාතේ ඉතා ජනප්‍රිය කෙනෙකි. එමෙන් ආගම දහමට පිනට ලැදි මොහු පන්තියේ ළමයින්ට ද ගුණ ධර්ම කියා දෙයි.
යම් දෙයකට ආධාර එකතු කිරීමට පැමිණෙන්නන් හිස් අතින් නොයවා තිබෙන සුළු මුදලකින් හෝ ආධාර දීම මොහුගේ සිරිතකි. පසුගිය දිනෙක විහාරස්ථානයක අලු‍තෙන් ඉදිකෙරෙන චෛත්‍යයක් සඳහා ආධාර එකතු කිරීමට ශබ්දවාහිනී යන්ත්‍රයක් ගැට ගසා ගත් වෑන් රථයක් පැමිණ මෙම ගුරුවරයාගේ නිවෙස ඉදිරිපිට නවතා ආධාර ලබා දෙන්නන්ට ආශීර්වාද කවි කියමින් සිටියේය. 


මේ මොහොත වන විට ගුරුවරයා වෙනත් කාර්යයක නිරත වී සිටි හෙයින් ආධාරයක් දීමට අමතක විය. හැම කෙනකුටම ආධාර දෙන පියා මේ මොහොතේ ආධාරයක් දීමට ඉදිරිපත් නොවීම ගැන පොඩි පුතා කුතුහලයෙන් බලා සිටියේය. පියා ලොකු වැඩක නිරත වී සිටින බව දැක ගත් පොඩි පුතා ඔහු ළඟ තිබූ රුපියල් පනහක මුදලක් ආධාර එකතු කරන වෑන් රථයට දුන්නේය. මුදල දුන් අයගේ නම විමසන විට ජනප්‍රිය ගුරුවරයකු වන  සිය පියාගේ නම ලියා ගන්නැයි කියා සිටියේය.
ඒ අනුව වෑන් රථයේ මුදල් දුන් අයට ආශීර්වාද කරමින් කවි කියන කවියා ද මෙම ගුරුවරයා ගැන හොඳින් දන්නා හඳුනන අයකු බැවින් පරිත්‍යාග කළ රුපියල් පනහ මුදල ගැන මහා ඉහළින් වර්ණනා කරමින් කවි කිහිපයක් කියන්නට විය.
තමාගේ නමට කවි කියමින් දුන් රුපියල් පනහක් ගැන වර්ණනා කරන විට ගුරුවරයා විමතියෙන් බලා සිටියේය. ආධාර මුදලක් දුන්නා දැයි බිරිඳගෙන් විමසූ විට ඇය නොදුන් බව කියා සිටියාය. පොඩි පුතාගෙන් මේ ගැන විමසන විට තාත්තා වැඩක් කරමින් සිටි නිසා තමා ළඟ තිබූ රුපියල් පනහක් දුන් බව පුතා කීය. 
ලජ්ජාවට පත් ගුරුවරයා පුතාගේ ක්‍රියාව ගැන දොස් නොපවරා මේ මුදලත් ගිහින් දෙන්නැයි තවත් රුපියල් පන්සියයක මුදලක් ද පරිත්‍යාග කර ලජ්ජාව වසා ගැනීමට ක්‍රියා කළේය.



අදහස් (3)

පන්සලේ ආධාරෙට රු.50ක් දීලා පුතා තාත්තගේ සායමත් ඇරලා

vernon Friday, 25 August 2023 09:08 AM

මෙතන දරුවා හෝ පියා වරදක් කරලා නෑ. වැ‍රැද්ද ඔය සම්මාදම් කල්ලියේ. ඇයි ඒක නැතිව පොඩි දරුවා වැරැදි කරුවෙකු වෙන විදිහට කියන්නේ?

:       1       71

ආචාර්ය තිස්ස සේනානායක Friday, 25 August 2023 08:55 PM

මම නම් දුන්නු රු. 50 ආපසු ඉල්ලා ගන්නවා...

:       5       9

අඛණ්ඩ පෘථිවි රාවණා ශිෂ්ටාචාරය Sunday, 27 August 2023 01:58 PM

ඒ පුතා මහත්මා ගති ඇත්තෙක්‌... පොඩි එකා දන්න සම්මාදම්, ආදායම් වියදම්, ආධාර මගුලක් නෑ. එයා දන්නේ නාඳුනන සෙට් එකක් ඇවිත් සල්ලි කියලා දෙයක් ඉල්ලනවා කියලා විතරයි. පොඩි උන්ගේ හිත් ලස්සනයි. පොඩි එකා සල්ලි එකතු කරන්නේ ඇයි කියලා ඇහුවේ නෑ. එයාට ලෝකේ වෙන දේ තේරෙන්නේ නෑ. ඒ නොතේරෙනකම. හැබැයි ඒ මොලේට තේරුණා දානය හොඳයි කියලා. ඉතින් හැකි විදියට, දන්න විදියට තිබ්බ ගාන දුන්නා. ඒ හිතේ තියෙන්නේ ඩොලර් අනන්තයටත් සම කළ නොහැකි මෛත්‍රියක්...!

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site