IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පැන්ෂන් ටීචර්ලාගෙන් ලැබුණු තෑග්ග ප්‍රින්සිපල් ටියුෂන් ළමයින්ට දීලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත

විශ්‍රාම ගිය ගුරු භවතුන් පිරිසක් සිය  පෞද්ගලික ධනයෙන් මිලදීගෙන පාසලට  පරිත්‍යාග කළ මුද්‍රණ යන්ත්‍රය පිල්ලි යැවූ විදුහල්පතිවරයකු පිළිබඳව ගාලු‍ දිසාවේ පාසලකින් අසන්නට ලැබේ.

අවසන්වරට සේවය කළ පාසලට මේ ගුරු භවතුන් දැක්වූයේ දැඩි සෙනෙහසකි. ලොකු ගෞරවයකි. මේ නිසාම මේ ගුරු දෙවිවරු පාසලට මහත් අඩුපාඩුවක්ව පැවති මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගෙන දීමට කටයුතු කළහ.

මේ යන්ත්‍රය ලැබුණු විට පාසලේ ප්‍රශ්න පත්‍ර ඇතුළු සියලු‍ම මුද්‍රණ කටයුතු කිසිදු වියදමකින් තොරව කර ගැනීමට හැකිවෙතැයි යන්න ඔවුන්ගේ ඒකායන අරමුණවී තිබිණ.

මේ ගුරුවරුන් විශ්‍රාම යාම වෙනුවෙන් පාසල විසින් සමු ගැනීමේ සාදයක් පැවැත්විණ.

ඔවුහු පාසල පුදුම කරවන්නත් එක්ක මේ යන්ත්‍රය පාසලට ප්‍රදානය කළහ. මක් නිසාද යත් විශ්‍රාම යන අයට පාසලෙන් දෙයක් මිස පාසලට දෙයක් නොලැබෙන මෙවන් කාලයක මේ ගුරුවරුන්ගේ ක්‍රියාවෙන් මේ පාසලේ ගුරුවරු ද පුදුමයට පත්වූහ.

ප්‍රශ්නය නම් එය නොවේ. මේ යන්ත්‍ර පාසල් බඩු ලැබීම් පොතේ සටහන්වූ දා සිටම අස්ථානගතව තිබීමය. මේ පිළිබඳව සොයා බැලීමේදී පාසල් ප්‍රජාවට දැන ගන්නට ලැබී ඇත්තේ උපකාර පංති පවත්වන විදුහලේ විදුහල්පතිවරයා උපකාර පන්ති සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට එය පාසලෙන් ගල් කර ඇති බවය.

විදුහල සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතු මුදලට පිටින් කර ගන්නා බවද සැලය.



අදහස් (0)

පැන්ෂන් ටීචර්ලාගෙන් ලැබුණු තෑග්ග ප්‍රින්සිපල් ටියුෂන් ළමයින්ට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site