පොසොන් පොහෝදා ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට ගිය බව කියන තිදෙනකු අභයදාන පින්කමක් සිදුකිරීමට ගොස් එය නූලෙන් වැළකීගිය සිද්ධියක් ‘ලංකාදීප’යට වාර්තා වේ.
හිඟුරාණ ප්‍රදේශයේ තරුණයින් තිදෙනකු පොසොන් පොහෝදා සියඹලාණ්ඩුව වනගත ප්‍රදේශයක සිද්ධස්ථානයක් වැඳ පුදා ගැනීමට ගොස් එන අතරතුර තුරු සෙවණක නතරවී ඇත.
එවිට කැලෑව තුළ සතෙකු දඟලමින් සිටින හඬ ඇසී ඒ ගැන විපරම් කිරීමේදී වල් ඌරෙකු දක්නට ලැබී ඇත. මදක් ළංවී බලන විට එම සතා කිසියම් ආබාධයකින් පෙළෙන බව හෙළිවී තිබේ.
“අනේ පව් මේ සතාට මොනවා හරි නරක දෙයක් කැවිලා මත්වෙලා ඉන්නේ” යැයි එක් අයකු පැවසූ අතර තවත් අයකු වතුර බෝතලයක් ගෙන ඌරාගේ මුහුණට ඉස සාත්තු සප්පායම් කළේ මහා සත්ව කරුණාව ඉස්මතු කරමිනි.
එකෙනෙහිම පියවි සිහිය ලැබූ ඌරා ක්‍ෂණිකව නැගිට කණපිට ගසා අසුරු සැණින් කැලෑවට පැන දිව්වේ විදුලි වේගයෙනි.
“චිහ් විතරක් මේකා මෙහෙම දුවන බව කලින් දැන සිටියා නම් උන්දැට කරන දේ මම දන්නවා”යැයි එහි සිටි තවත් අයෙකුගේ අදහස ප්‍රකාශ විය. මිතුරන් ඔවුනොවුන්ගේ මුහුණු බලාගනු දුටු ඔහු “නෑ ඉතින් මම හිතුවේ මේකා මැරුණානම් කිසිම පවක් නොකර ගෙදර ගෙනියන්නයි” කීය.
එවිට ඌරාට අභයදානය දෙමින් සිටි අයකු“මෙහෙමත් ඌරෙක්! අපි ඌට අභය දානය දුන්නට මෙයාගේ පිංවත් චේතනාව දැනිලා තමයි ඌ පැනලා ගියේ” යැයි පැවසීය.
(හිඟුරාණේ නවරත්න සමරතුංග)
2025 ඔක්තෝබර් මස 08
1587
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පින්වතාගේ සත්ව කරුණාව එපා කියා වල්ඌරා පැන දුවලා