 රුපියල් 5000ක් පෙන්වා රුපියල් 4500ක් ත්‍රීරෝද රථ රියදුරකුගෙන් ගත් අපූරු හාදයන් දෙදෙනකු ගැන පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
රුපියල් 5000ක් පෙන්වා රුපියල් 4500ක් ත්‍රීරෝද රථ රියදුරකුගෙන් ගත් අපූරු හාදයන් දෙදෙනකු ගැන පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
ත්‍රීරෝද රථ ගාලේ ඒ අවස්ථාවේ ඔහු සිටියේ තමාට ලැබුණු ආදායම ගැන ගැනය. ලැබුණු මොනර කොළ හතර පිළිවෙළකට නව නවාය. අවුරුද්දට වියදම් වූ මුදල පියවා ගැනීමට වෙනදාට වඩා මහන්සිවී කුලී ගමන් යා යුතු යයි කීවේ ඔහුගේ සිත පමණක් නොව ගෙදර ප්‍රියම්භිකාව ද ඒ ගැන නිතර නිතර සිහි කළාය.
මේ අල්ලපනල්ලේ මැදියම් වයසේ පිරිමි දෙදෙනකු ඔහු සොයා ගෙන ආවේය. මල්ලී එන්න හයර් එකක් යන්න ගාන කීයවුණත් කමක් නැහැ ටිකක් දුර යන්න ඕන. කොළේ කැපුණා සූදුව වැදුණා. උකස් කළ බඩු ටික බේර ගන්න යන්න ඕන යයි ඔවුන් දෙදෙනා කියාගෙන කියාගෙන ගියෝය. දෙයියෝ මුහුණ බැලුවා යයි සිතූ ඔහු බෑ නොකියාම අදි මදි නොකර ඔවුන් සමග ගියේ ලොකු ගාණක් කපා ගන්න යටි සිතේ අරමුණු සහිතවය.
දෙන්නාම ත්රීරෝදයට නැග්ගේය. ඔවුන් කී දිසාවට ත්‍රීරෝද රථය ධාවනය කරමින් තිබිණ. ඇතුළේ ගමන්ගත් දෙන්නා දෙන්නේ ලොරි ටෝක්වලිනි. කතාව ලක්ෂ ගණනින්ය. බූරුවා ගසා දිනා ඇත්තේ ලක්ෂ තුන හතරක් බව කියවින. ත්‍රීරෝද රථයේ රියදුරාගේ ඉහේ මල්් ය. ඒ බූරුවා ගසා දිනා ඇති අය රැගෙන ගියෝතින් කුලිය ලැබෙන්නේ ඩබල් ට්‍රිබල් වෙලා බව ඔහු අත්දැකීමෙන්ම දන්නේය. එහෙයින් මේ දෙන්නගෙනුත් අද හොඳ ගාණක් කපා ගන්න පුළුවන් වෙතැයි ඔහු සිතූවේය.
රුපියල් දෙදහසක්, තුන්දහසක් පමණ තෙල් පුච්චාගෙන ගොස් ඔවුන් කී තැන ත්‍රීරෝද රථය නතර කෙරිණ. මල්ලී මම ගාව තියෙන්නේ ඔක්කෝම පන්දාහේ කොළ බඩු බේර ගන්න මේවා දුන්නොත් ඉතුරු සල්ලි හම්බවෙන්නේ නැහැ. ඔයා ළඟ රුපියල් පන්දහසක් මාරු කර ගන්න තියේදැයි එකකු ත්‍රීරෝද රථ රියදුරුගෙන් ඇසුවේය. අනේ අයියා මා ළඟ නැහැනේ තියෙන්නේ රුපියල් හාරදහස් පන්සීයයි.. ඔහු කීය. හා ඒක දෙන්න කෝ.. මචං උඹ මේ පන්දාහේ කොළේ තියාගෙන ත්‍රීරෝද රථ මල්ලිත් එක්ක හිටපන්. මම රන් ආභරණ ටික බේර ගෙන එන්නම් කියමින් මුලින් කතා කළ එකා යන්න ගියේය.
අනෙකා අතේ රුපියල් පන්දහසේ කොළයක් තිබුණු නිසා ත්‍රීරෝද රථ රියදුරු හයර් එක ගැන කිසිම සැක සංඛ්‍යාවක් නොසිතුවේය. සිතුවේ මේ හයර් එකෙන් කපා ගන්නා ලොකු කුට්ටිය ගැනය. තමා සමග සිටි අය දුම්වැටියකුත් පත්තු කරගෙන ත්‍රීරෝද රථ රියදුරුටත් උරන්න දුම්වැටියක් දුන්නේය. දෙන්නා ටික වේලාවක් ආගිය තොරතුරු කතා කරමින් සිටියහ.
මල්ලී අපේ එකා පරක්කුයි. මුගෙන් සල්ලි කවුරුහරි මංකොල්ලකෑව ද දන්නේ නැහැ. මම පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඌත් එක්ක එන්නම්. ඔයා ඔතනම ඉන්න. මම ටක් ගාලා එනවා.. යයි කියමින් ඔහුත් අර අය ගිය දිසාවටම ගියේය.
කාලය තත්ත්පර, විනාඩි, පැය භාගය, පැය ගතවී ගියේය. දෙන්නම තියා එක්කෙනෙක්වත් ඔහු සොයා මෙතෙක් කලක් නොආ බව මේ ත්‍රීරෝද රථ රියදුරු අනෙක් ත්‍රීරෝද රථ මිතුරන්ට කීවේ මේ ගැටවලට ඔවුනට අසුවෙන්න එපා යයි පඩි වදනක් දෙමිනි.
කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
පන්දහසක් පෙන්වා ත්‍රිරෝද රියැදුරාගේ 4500ට විදලා