IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පින්කම් බඩු ලැයිස්තුවේ අපූරු භාණ්ඩයක්

(වියලුව වාර්තාකරු)
ගමේ පවත්වන වාර්ෂික වැඩසටහනක් සඳහා සකස් කළ බඩු ලැයිස්තුවේ තිබූ අපබ්‍රංස වචනයක් නිසා එහි ප්‍රධාන සංවිධායක අන්දමන්ද වූ බව කියැවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


 සිද්ධිය මෙසේය


එය ගම්බද ප්‍රදේශයකි. 


දින කිහිපයක් තිස්සේ පැවැත්වෙන වැඩසටහන සඳහා අවශ්‍ය බඩු ලැයිස්තුව පිළියෙළ කිරීම පැවැරුණේ තරුණ පිරිසකටය. 


වගකීම හිස් මුදුනින්ම බාරගත් තරුණ පිරිස දින කිහිපයක් තිස්සේ පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා අවශ්‍ය බොහොමයක් දෑ ලැයිස්තුවකට එක්තැන් කළේ කිසියම් දෙයක් මගහැරුණහොත් එහි වගකීම තමුන්ට එන බව එකිනෙකාට පවසා ගනිමිනි.


 දිග ලැයිස්තුවක් පිළියෙළ කෙරිණි.


 අවසානයේ ලැයිස්තුව ඉදිරිපත් වූයේ ප්‍රධාන සංවිධායක වෙතය. 


 ලැයිස්තුව කිහිපවිටක් ඉහළ සිට පහළට අවධානයෙන් කියවූ හෙතෙම ලයිස්තුවේ එක් තැනක නතර වී කිහිපවිටක්ම නළල රැලි ගන්වමින් එහි කෙටිකර ලියූ අකුරු දෙකක් තේරුම් ගන්නට උත්සාහ කළේ තරුණ පිරිසේ ද අවධානය ඒ වෙත යොමු කරවමිනි.


බැරිම තැන සිය හඬ අවදි කළ හෙතම ලැයිස්තුව සකස් කළ තරුණ පිරිස දෙස බලමින් “මොකක් ද බං මේ “අ” තිතක් “බෝ” තිතක් දෙකයි කියල ලියල තියෙන්නේ” යැයි විමසුවේ පන්සලට අවශ්‍ය මේ අපූරු අඩුවැඩිය කුමක්දැයි සැක හැර දැන ගන්නටය.


තරුණ පිරිසගේ මුවඟ සිනහවෙන් පිරී යන්නට වූ අතර එහි සිටි එක් කටකාර තරුණයකු කියා සිටියේ “අ” තිතක් “බෝ” තිතක් දෙකයි කියල ඔය කෙටියෙන් ලියල තියෙන්නේ අරක්කු බෝතල් දෙකක් කියන එකයි. ඒක අපිට නෙමේ විරිඳුකාරයාට” යැයි ඇඟට පතට නොදැනී පවසද්දී තරුණ පිරිස එක්ව සිනහ වෙද්දී “අනේ උඹල තමා දවසකටවත් මිනිස්සු” යැයි සංවිධායක පැවැසීය. 



අදහස් (2)

පින්කම් බඩු ලැයිස්තුවේ අපූරු භාණ්ඩයක්

ශංඛ Monday, 02 September 2019 07:48 AM

ඕනෑම දේකට බෝතලේ පෙරට ගන්න සමාජයක් බිහි වෙලා. පින් කමක් කළත් දානයක් දුන්නත් බෝතලේ නැතිව බෑ .

:       3       292

Kumar Thursday, 05 September 2019 02:02 AM

අපි ලංක‍ාවේ ඉන්න කාලේ අහන්නේ ගල්ද? පොල්ද? කියලා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1754 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site