IMG-LOGO

2024 ජුනි මස 24 වන සඳුදා


පින්කමට යනවා කියා තහනම් ගහට නැග්ග මුදලාලිට ඇබැද්දියක්

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන


මිතුරකුගේ නිවෙසේ පැවැත්වෙන පින්කමක් සඳහා සහභාගිවීමට යන බව පවසා අනියම් බිරියගේ නිවෙසට ගොස් පෙම්සුව විඳිමින් සිටියදී යතුරුපැදිය ගංවතුරේ ගසාගෙන යාම නිසා අකරතැබ්යකට මුහුණ දුන් පුද්ගලයකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
ව්‍යාපාරිකයකු සිය බිරිය සමග නගරයේ නිවෙසක ජීවත්ව සිට ඇති අතර බිරිය රජයේ රැකියාවක නිරත වන ප්‍රියමනාප තැනැත්තියක් වූවාය. එහෙත් සැමියා නිතර කෙළිලොල් ජීවිතයකට ප්‍රිය කළ දඩබ්බරයෙක් විය. දෙදෙනා ඉතා සතුටින් සමාදානයෙන් ජීවත් වූ අතර බිරියට හොරා සැමියා කාන්තාවක සමග අනියම් ඇසුරක් පැවැත්වීය.
ඇතැම් දිනවල රාත්‍රි කාලයේ බිරියට කුමක් හෝ කරුණක් පවසා අනියම් ඇසුර සොයා යාමට ඔහු පුරුදුව සිටියහ. මිතුරකුගේ නිවෙසේ පැවැත්වෙන පින්කමක් සඳහා සහභාගි වීමට යන බව බිරියට පවසා පසුගිය දිනක රාත්‍රි අටට පමණ යතුරුපැදියේ නැගී සැමියා පිටත්ව ගොස් තිබේ. සැමියා පිළිබඳව කිසිම දිනක සැකයක් නොසිතූවේ වෙනදාටත් එවැනි ගමන් යන ඔහු පෙරළා නිවෙසට එන්නේ පසුදා උදෑසන වන නිසාය.

යතුරුපැදියේ නැගුණු සැමියා සිය අනියම් පෙම්වතියගේ නිවෙසට ගොඩවදින විට සිහින් වැස්සක්ද ඇද හැලෙන්නට විය. පහත්බිමක හුදෙකලා ස්ථානයක පිහිටි දෙමහල් නිවෙසේ පසුපස කොටසේ යතුරුපැදිය නතර කර නිවසේ උඩු මහලට යන විට සිය පෙම්වතිය ඔහු පිළිගැනීම සඳහා සූදානමින් සිටියාය.
දෙදෙනාම සිත් සේ පෙම් සුව විඳිමින් පැය කිහිපයක් ගතවෙද්දී සිහින් පොද වැස්ස ගිගුරුම් සහිත මහා වැස්සක් බවට පරිවර්තනය වුවද ඔවුනට එය දැනුනේ නැත. ධාරානිපාත වැස්ස මහා ජල ගැලීමක් දක්වා වර්ධනය වී නිවෙස අසල ඇත් ඔය දෙගොඩ තලා යමින් පිටාර ගලන්නට විය.
අලු‍යම් කාලයේ අසල්වැසි නිවෙසකින් කාන්තාවට ලැබුණු දුරකතන ඇමතුමෙන් පැවසුනේ ගංවතුර ගලන බවය. ප්‍රදේශයේම විදුලිය විසන්ධි වී තිබුණු අතර විදුලි පන්දම් ආලෝකයෙන් පහත මාලය දෙස බලන විට එය අඩි පහක පමණ ජලකඳකින් යටවී තිබුණු දුටු දෙදෙනාගේ ඉහමොළ රත්විය. 
යතුරුපැදිය පෙනෙන්නට නොතිබූ අතර එය ජලයෙන් යටවී ඇතැයි සිතූ දෙදෙනා පහත මාලයේ තිබූ බඩු බාහිරාදිය ඉහත මාලයට ගෙනැවිත් දමන්නට උත්සාහ කළද එයද නිෂ්ඵල විය. පසුදිනට පහන්වුවද ගංවතුර සැලකියයුතු ප්‍රමාණයක් බැසගොස් නොතිබූ අතර පහළට බැස බලන විට යතුරුපැදිය නැති බව දුටු මුදලාලිට දෙවියන් සිහිවූයේය. යතුරුපැදිය ජලයේ ගසාගෙන ගොස් ඇත. ගංවතුර තත්ත්වය පිළිබඳව විපරම් කිරීමට පැමිණි ප්‍රදේශවාසීන්ට කාන්තාවගේ නිවෙසේ සිටි මුදලාලිව අඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය.
එකිනෙකා අතර පැතිර ගිය කසුකුසුව වැඩි වේලාවක් යන්නට පෙර මුදලාලිගේ බිරියගේ කනට වැටුනේ මිතුරියක මාර්ගයෙනි. බිරිය දරු දෙදෙනා සමග පැමිණ මුදලාලිට කන් අගුළුවැටෙන සේ දේශනාවක් දුන්නාය. මුදලාලි නිවෙසට යන විට බිරිඳ දරු දෙදෙනා සමග මහගෙදර ගොස් සිටියාය. දින කිහියක් ගතවෙද්දී යතුරුපැදිය කුඹුරු යායක තිබී හමුවූ අතර යතුරුපැදිය කුඩා ලොරි රථයක පටවාගෙන කඩේට රැගෙන ආවේය. මුදලාලි මුහුණ දුන් අකරතැබ්බය ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබූ නිසා වෙළෙඳ සල වසා දමා මුදලාලි නිවෙසට වී සිටින බව පැවසේ. 

 



අදහස් (0)

පින්කමට යනවා කියා තහනම් ගහට නැග්ග මුදලාලිට ඇබැද්දියක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නැටුම් මිස්ගෙන් අමුතු නැටුමක්
2024 ජුනි මස 20 3602 0

දකුණේ ගම්මානයක පිහිටි පෙර පාසලකි. මේ පෙර පාසලේ දරුවෝ හැත්තෑවකට ආසන්න පිරිසක් සිටිති. පාලිකාව ඉතා හොඳින් පෙර පාසල පවත්වාගෙන ගිය නිසා මවුපියන්ට ඇය කෙරෙ


හතුරාගේ කකුල කඩන්න සල්ලි අරන් මිතුරා අන්දවලා
2024 ජුනි මස 19 1059 0

හතුරාගේ පාදය හතරට කඩන ලෙසට ලබාගත් කොන්ත්‍රාත්තුව පාදය හතරට තියා එකකටවත් නොකඩා ඊට අදාළ මුදල් ලබාගත් අපූරු පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ නගරයකි


මෝදක ගුලියේ අවුල මීයාගේ පිටින් ගිහින්
2024 ජුනි මස 18 1515 0

කුස්සියේ ගෑස් ළිප ළඟ තිබූ මෝදක ගුලියක කොටසක් හේතුවෙන් නිට්ටඹුව ප්‍රදේශයේ නිවෙසක අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරාවුලක් අවසානයේදී මීයකු පිට වරද පැටවීමෙන


ගම කුලප්පු කරපු දුවගෙ බොරුවෙන් පවුලෙම සායම ගිහින්
2024 ජුනි මස 17 2142 0

සිය නිවෙස ආසන්නයේ අතුරු මාර්ගයක තරුණයකු හා රැඳී සිටි යුවතියක අසල්වැසියකු පැමිණෙනු දැක බියට පත්ව කෑ ගැසීම නිසා මුළු ගමම කුලප්පු වූ පුවතක් පිළිබඳව දකුණ


කරුවලේ අත ගෑ ගැහැනිය පිරිමියෙක් වෙලා
2024 ජුනි මස 15 1828 0

සිය වැඩට පැමිණි කාන්තාවක් යැයි සිතා පිරිමියකු බදාගෙන ලැජ්ජාවට පත් වූ මුදලාලී කෙනකු පිළිබඳව උතුරු මැද පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේ


කුඩු අල්ලන්න ගිහින් පොලිසිය ඉල්ලන් කාලා
2024 ජුනි මස 15 1000 0

මිරිස් කුඩු පැකට්ටුවකින් පොලිස් නිලධාරීන්ගේ ඉහමොළ රත් කළ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. ඔහුට පොලිස් නිලධාරීන් ඇලජික්ය. පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 149 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1427 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3201 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site