කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මස් මාළු නොඋයා පෝදා පස් පවින් මිදීමට සෝයා මීට් උයන්න ගොස් ප්‍රාණඝාත රැසක් සිදු කළ කතක ගැන කතාවක් අම්බලන්ගොඩ අලුත්වලින් ඇසේ.
මුළු මාසය පුරාම බුදින්නට ඇයට මස් මාළු නැතිවම බැරිවාය. නිතරම මස් මාළුවලින් ඇයගේ නිවසේ ශීතකරණය පිරී තිබුණේ ඒ නිසාමය. මස්, මාළු නැත්නම් අඩුම තරමින් මස්, මාළු නමින් නම් කර තිබූ සෝයා මීට් පැකැට්ටුවක්වත් ආහාරයට ගැනීමට ඇය පුරුදුව සිටියාය. ඒ කෙසේ වෙතත් ඇය පෝදා මස් මාංශ ගැනීමෙන් තරයේම වැළකී සිටියාය.
එදා පසළොස්වක පෝදාය. පස් පවින් වැළකී සිටි ඇය දහවල් ඉවීමටද මස්, මාළු නොගත්තාය. ඒ වෙනුවට ගත්තේ කුකුළු මස් රසැති සෝයා මීට් පැකැට්ටුවකි. සෝයා මීට් පැකැට්ටුව කඩා වතුර භාජනයකට දැම්මේ මෙලෙක්වීමටය. සෝයා මීට් පැකැට්ටුව කඩා උණු වතුරට දැමීමත් සමගම එහි සිටි ගුල්ලෝ මැරි මැරී උඩ පාවී ආහ. ඇයට තරු පෙනුණි. කරන්න කිසිම දෙයක් නැත. ඒ වනවිටත් සෝයා මීට් පැකැට්ටුවේ සිටි ගුල්ලන් සියල්ලම මැරී අවසන්ය. ඇය කඩෙන් ගෙනැවිත් ඇත්තේ ගුල්ලන් ගැසූ කල් ඉකුත්වූ සෝයා මීට් පැකැට්ටුවකි.
මේ සමගම දැන් ඉතිං කරන්න දෙයක් නැතැයි සිතමින් ඇය ප්‍රාණ ඝාතයක් තමා අතින් සිදුවූවේ යයි කියමින් ශීතකරණයේ තිබූ කුකුළාගෙන් කොටසක් කපාගෙන පෝයදා දවල උයා ඇත්තේ වෙනදා නොඋයන අලුත්ම ක්‍රමයකටලු.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පෝදා පස්පවින් මිදෙන්න සෝයාවෙනුවට කුකුළා උයලා