IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පෙදරේරුවා හොරුන්ගේ කනෙන් රිංගලා

සොරුන්ගේ උපායකට හසුවීමට ගිය පෙදරේරුවකු සිය ස්ථානෝචිත ප‍්‍රඥාව යොදා බේරුණු පුවතක් සියනෑවෙන් ඇසුණි. ඔහු ඉදිකිරීමේ කටයුත්තෙහි දක්ෂයෙකි. එනිසාම සෑම ප‍්‍රදේශයකින්ම ඔහුගේ සේවය බලාපොරොත්තුවෙන් බොහෝ දෙනා ඔහුට වැඩ පැවරූහ. මෙනිසාම දිනෙන් දින දියුණුවට පත්වූ ඔහු හොඳින් හැඳ පැළඳ කටයුතු කළ අතර ගෝලබාලයන්ටද හොඳින් සැලකුවේය. මේ ආකාරයෙන් දිනෙන් දින දියුණුවන මොහු කොල්ලකරුවන් කිහිප දෙනෙකුගේ ඉලක්කයක් වූයේ අසල්වැසි අයෙකුගේ ඔත්තුවකටය. බාස් උන්නැහේ... බාස් උන්නැහේ.. දිනක් රාත‍්‍රියේ අයකු කතා කරන හඬ ඇසුණි. කවුද...? ඔහු ඇතුළේ සිටම ඇසීය. මේ බාස් උන්නැහේ ගිය සතියේ වැඩ කරපු තැනක දාලා ගිය බඩු ටික ගෙනාවා. දොර ටිකක් අරිනවද? කටහඬ නුපුරුදුය. වහා යතුරු සිදුරෙන් බැලීය. පුද්ගලයා හෙල්මටයක් පැළැඳ යතුරු පැදි ජැකට්ටුවක්ද ඇඳ සිටී. වහා සිය ගෙලෙහි තිබූ පවුමක පමණ රන්මාලය ගලවා ආරක්ෂිත තැනකින් තැබුවේය. නිමල්, විමලේ, මහින්ද, සිරිපාල නැගිටපල්ලා. අන්න අර මහත්තයා බඩු ටික ගෙනල්ලා. ගිහිං ඒ ටික බා ගත්ත නම්. උස් හඬින් එසේ කියමින් තමා පමණක් සිටි නිවසේ තවත් ගෝලයින් සිටිනා බව එළියේ සිටි අයට ඇඟවීය. ගතවූයේ සුළු මොහොතකි. සැණෙකින් යතුරු පැදියක් පණ ගන්වා වේගයෙන් පිටව යන හඬක් එළියෙන් ඇසුණි.



අදහස් (0)

පෙදරේරුවා හොරුන්ගේ කනෙන් රිංගලා

ජනක ප්‍රසාද් Tuesday, 10 July 2012 06:45 PM

තැනේ හැටිටය ඇණේ ගහල තියෙන්නෙ..

:       0       0

galle koluwa Monday, 09 July 2012 12:53 PM

අනිත් දවසේ හොරු කපටි වෙනව. මෙව ප්‍රසිද්ධ කරන්න නරකයි. හොරුන්ට පාඩම් කියාදෙනව වගේ වැඩක්. හොරු නැති කරන්න නම් දඬුවම් වැඩි කර යුතුමයි.

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 01:18 PM

කොහොමද ටිකිරි මොලේ....

:       0       0

ප්‍රභා Wednesday, 11 July 2012 07:25 PM

බෙන්තර ගඟෙන් එහා හොරු ඕවට අහුවෙන්නේ නෑ.....

:       0       0

අකිල Monday, 09 July 2012 09:30 PM

තැනට සුදුසු නුවණ කියන්නේ ඕකට තමයි

:       0       0

සුරේෂ්-dubai Monday, 09 July 2012 10:01 PM

හොද වැඩේ, ඔහොම තමයි කරන්න ඕනි

:       0       0

රුවන් ගමරාලගේ Monday, 09 July 2012 02:31 PM

කතාව අලුත් ....තියරිය පරණ එකම තමයි ....අත්තෙටම අලුත් සිද්දි නැද්ද ?...

:       0       0

වරුණ Monday, 09 July 2012 09:30 AM

දැන් ඉන්න බාස්ලා කොහොමත් කට්ටයි..කොන්ත්‍රාත් ගත්තොත් සතියෙන් ඉවරයි...නැත්නම් මාසයක්ම වැඩේ අතගානවා....

:       0       0

CDK Friday, 13 July 2012 11:44 AM

මේවා බලලා හොරු තවත් සැළසුම් හදයිද දන්නේ නෑ

:       0       0

ශාන් Wednesday, 11 July 2012 08:57 AM

නියමයි නියමයි ....අද කාලේ කවුරුවත් විශ්වාස කරන්න එපා .

:       0       0

දයා, සෞදියේ සිට Monday, 09 July 2012 09:40 AM

නියම මොලේ...දියුණුවත් ඒ නිසාමයි...

:       0       0

තිලක් Monday, 09 July 2012 10:01 AM

දක්ෂයෙක් ඔබට ඡය !

:       0       0

දම්මි Thursday, 12 July 2012 01:46 PM

බාස් කෙනෙක් ආයුධ ටික දාල එන්නේ නෑ නේ......ඒකනම් බොරු

:       0       0

බෙන් ටෙන් Monday, 09 July 2012 10:05 AM

සල්ලිකාර මනුස්සයෙක් තනියෙන් ඉන්නව කියන්නේ බොරැ. කොහොමත් මේ කාලෙට යාළුවෝ වැඩියෙන් ඉන්නවා. එනිසා එකෙක් වත් ලග ඉන්න ඇති. ගැහැනියෙක් නැහැ කියන එක නම් පුදුමයක් මොකද සීනි තිබෙන තැන කූඹි ඉන්නව වගේ සල්ලි තිබෙන තැන ගැහැනියක් සිටීම ස්ථිරයි ආයෙ දෙකක් නැහැ.

:       0       0

රිස්වාන් Monday, 09 July 2012 11:58 PM

රෙදි කඩේක මුදලාලි කෙ‍නෙක් හැමදාම රෑට කඩේ වහද්දි කියනවලු "දැක්කා දැක්කා එළියට වරෙන් " කියලා.මේකත් ඒ වගේ තමයි

:       0       0

සම්පත් Monday, 09 July 2012 10:28 AM

තැනට සුදුසු නුවන..

:       0       0

අප්පුහාමි Tuesday, 10 July 2012 02:16 AM

ඔය මම ගැන බොලව් ලියල තියෙන්නේ මේක .

:       0       0

මොහෝ Tuesday, 10 July 2012 12:21 PM

හරියට හරි.දැන් බෙන්තර ගගෙන් එහා පැත්තෙන් අහන්න ලැබෙන්නේ නියම අපරාධ සිද්ධි

:       0       0

මාතරන් Tuesday, 10 July 2012 03:34 AM

ඒකාලේනම් ඔයවගේ කතා අහන්නවුනේ බෙන්තර ගඟේ එහා පැත්තෙන්; නමුත් දැන් තත්වය වෙනස්.

:       0       0

පුංචා Monday, 09 July 2012 11:50 AM

කෝ අපේ අලි බබා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site