IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පදම වැඩිවී ගෙදර ඇඳ වැරදී අල්ලපු ගෙදර ඇඳේ


සේනාරත්න (ආරූඪ නමකි). කලක් ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාලයක සේවය කොට අනුරාධපුර දිස්ත්‍රික්කයට ස්ථාන මාරුවී ආ
රජයේ සේවකයෙකි. 

සිය දියණිය, පුතණුවන් හා බිරිය සමග අනුරාධපුර රජයේ සේවකයන් සඳහා වෙන්වූ නිවාස සංකීර්ණයකය හෙතෙම නවාතැන් ගෙන සිටියේ. නිවාස සංකීර්ණයේ කා සමගත් සුහදව ජීවත් වූ ඔහු එහි ප්‍රසිද්ධ චරිතයක් විය. එම නිවාස සංකීර්ණයේ මඟුලක්, මරණයක් සිදුවූයේද ඔහු එම ස්ථානයේ පෙරමුණ ගෙන සිටියේය. ගමන පා පැදියෙනි. බිරිද විසින් ඔතා දෙන දිවා ආහාර පැකැට්ටුවද රැගෙන උදෑසනම පා පැදියෙන් කාර්යාලයට යන ඔහු අතිකාල සේවයේ යෙදී සවස නිවස කරා එන්නේ නගරය ආසන්නයේ ඇති රෙස්ටූරන්ට් එකෙන් පොඩි අඩියක්ද ගසාගෙනය. රාත්‍රි අට පමණ වනවිට නිවසට පැමිධෑම දින චරියාවය.


පසුගිය දිනක කාර්යාලයේ අතිකාල සේවයද නිම කොට රෙස්ටුරන්ට් එකට ගියේ සුපුදුරු පරිදි පොඩි පහේ අඩියක් ගසා නිවසට යාමේ අරමුණෙනි. එහෙත් එහිදී අහම්බෙන් හමුවූ පැරණි මිතුරන් තිදෙනකු නිසා ඔහුගේ සුපුරුදු දින චරියාව වෙනස් කිරීමට ඔහුට සිදුවිය. මිතුරන් තිදෙනා ගෙන් වරින්වර ලද වීදුරු සංඛ්‍යාව වැඩිවෙත්ම ඔහුගේ පදමද ඉක්මවා ගොස් තිබුණි. වදෙන් පොරෙන් මිතුරන්ගෙන් මිදී නිවසට යාමට එළියට බසිද්දී මුළු පළාතම ඝන අඳුරෙන් වැසී වෙනදාටත් වඩා රෑ බෝවී තිබුණි. ඉතා අමාරුවෙන් පා පැදියේ එහාටත් මෙහාටත් පැද්දි පැද්දී නිවසට ආ ඔහු දොරට කිහිප වරක් තට්ටු කළේය. නිවස තුළින් කිසිවකුගේ හෝ කටහඬක්ද නැත. ඔහුට කේන්ති ගියේය. ඔහු දොරට පා පහරක් එල්ල කළේය. හරි ගියේ නැත. ඊළඟ වතාවේ ඉතා වැරෙන් පා පහරක් එල්ල කළේය. දොරේ අගුලද ගැලවී දොර විවෘත විය. විවෘත වූ දොර එසේම තිබියදී ඔහු කෙලින්ම ඉදිරිපස කාමරයට ගොස් සයනයේ වැතිරිණි. හෙතෙම හොඳටම ගොරව ගොරවා නිදන්නට විය.

 සිය සැමියා වෙනදා නිවසට එන වේලාව පසුවීම නිසා ඔහුගේ බිරිඳ සිය දරු දෙදෙනා සමග නිවස ඉදිරිපසට පැමිණ බලා සිටියද ඔහු පැමිණියේ නැත. ඔවුහු නොනිදා රැය පහන් කළෝය. උදෑසනම මෙම පිරිස අසල්වැසියන්ට ඔහුගේ නොපැමිධෑම දැන්වීමත් සමග ඔහුට කරදරයක් වීදැයි බියට පත්ව ඔහු සොයා යාමේ අරමුණෙන් අසල්වාසීන් පෙළගැසුණි. මේ අතර නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි පෙරේරා මහතා (ආරූඪ නමකි) පසුගියදා සවස මරදන්කඩවල හිතවතකුගේ මළ ගෙදරට සහභාගී වී සිය බිරිඳ සමග වාහනයෙන් උදෑසන සිය නිවසට පැමිණ බලද්දී දුටුවේ තම නිවසේ දොර කඩා විවෘත කර ඇති බවකි. ඔහු මේ බව අසල්වාසීන්ට දැන්වීමත් සමග පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිටද මහා කළබගෑණියක් බවට පත්විය.


පෙරේරා මහතාගේ නිවසට පැමිණි පුද්ගලයන් කිහිපදෙනකු විවෘත කර තිබු දොරටුවෙන් නිවස තුළට යද්දී දැක ඇත්තේ ඉදිරිපස කාමරයෙන් මහා හඬින් ගොරවා ගොරවා නිදන අයෙකි. ඔවුහු ගොරවන පුද්ගලයා ළඟට ගොස් හොඳින් විපරම් කරද්දී දැක ඇත්තේ පසුගිය දින රාත්‍රියේ නිවසට නොපැමිණියේ යැයි කියන සේනාරත්නය.


තම සැමියා සොයා නිවසින් එලියට පිවිසි සේනාරත්නගේ බිරිඳටත් හිතුවතුන්ටත් සේනාරත්න, පෙරේරා මහතාගේ නිවසේ නිදන බව සැලවිය. ඔවුහු සියලු දෙනා පෙරේරා මහතාගේ නිවසට රැස්වූහ. බිරිද නිවස තුළට ගොස් සේනාරත්නගේ සිරුර සොලව සොලවා බොහෝ වෙහෙසක් දරා ඔහු අවදි කර ගත්තේය. රැස්ව සිටි නිවාස සංකීර්ණයේ හිතවතුන්ගේ මුහුණවත් නොබලා ඔහු ඉදිරිපස නවතා තිබූ පා පැදියේ නැගී නිවස දෙසට යන්නට ගියේ සියලු දෙනාගේ සිනා හඬ මධ්‍යයේය.


සිදුවූ සියල්ල පැහැදිලි කිරීමට කිසිවෙකුට අවශ්‍ය නොවීය. නිවාස සංකීර්ණයේ සියලුම නිවාස ඉදිකර ඇත්තේ එකම සැලසුමකටය. සේනාරත්න තමාගේ නිවස කියා දොර කඩා ඇතුළුවී ඇත්තේ පෙරේරා මහතාගේ නිවසටය. සේනාරත්න එදිනම දොර අගුලක් මිලට ගෙන පෙරේරා මහතාගේ දොර අලුත්වැඩියා කර දුන්නේය.


එදින් එදාට සේනාරත්න නම් රෑබෝවී නිවසට ආවේ නැත. එහෙත් නිවාස සංකීර්ණයේ මඟුලක් මරණයක් පැවති දිනයක නම් සේනාරත්නට හිතුවතුන්ගෙන් නම් බේරිල්ලක් නොවුනි. ‘අදත් පෙරේරා මහත්තයාගේ ගෙදර කවුරුත් නැහැ. එහේ නිදා ගමුද? යැයි හිතවතුන් සේනාරත්නට විහිලු කරන විට ඔහු විලියෙන් එහාටත් මෙහාටත් ඇඹරෙමින් නිහඬවම සිටිති.

(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)



අදහස් (0)

පදම වැඩිවී ගෙදර ඇඳ වැරදී අල්ලපු ගෙදර ඇඳේ

සෑම් Friday, 08 July 2016 09:40 PM

ප්ලේන් එකේ යනකොට බීලා වැසිකිළිය වෙනුවට පිටවෙන දොරටුව අරින්න ගිය මිනිස්සු ඉන්න රටේ මේක සුළු දෙයක් (නි)

:       0       0

ලලිත් Saturday, 09 July 2016 09:37 PM

හොඳ වෙලාවට පෙරේරා මහත්තය තනිවම මළගෙදර නොගියේ (නි)

:       0       0

නලීන් Sunday, 10 July 2016 02:18 AM

පවුකාර සත්වයෝ විඳවන තිරිසන් අපායේවත් මෙවන් තුච්ඡ සිදුවීම් නැත. (නි)

:       0       0

නීරු Wednesday, 13 July 2016 05:05 AM

මෙහෙම වෙන්න ඉතින් බොන්නම ඕනේ නෑ. කාර්ය බහුල වෙලාවලදී ඕනේ කෙනෙකුට උතුර දකුණ මාරු වෙන අවස්ථා තියෙනවා.(ම)

:       0       0

රූපවතී Sunday, 10 July 2016 10:16 AM

පිටබැද්දර ජයා අයියට වෙච්චදේ ඉතුරු ටික පිට බැද්දර ජය අයියා සම්පුර්ර්ණ නොකර.මට සම්පුර්ණ කරන්න කියන එක නම් හරි මදි ඔන්න ...? (බ)

:       0       0

නලීන්ද්‍ර Sunday, 10 July 2016 11:40 AM

නලීන්, ඔයා අපායේ ගිහින් බැලුවද? ඔයාගේ ප්‍රතිපත්ති ඔයා තියා ගන්න. (බ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 09 July 2016 10:05 AM

ප්ලේන් එකට වඩා ආස්වාදයක් මේ කතාවේ තියෙනවා මට හිතෙන විදියට , කුරුනෑගල කොබෙයිගනේ කියන ගමෙත් මීට සමාන කතාව මම අහල තියෙනවා, මේ වගේම බොන්න පුරුදු උන මනුස්සයෙක් වැරදිලා වෙන ගෙදරක පිලේ වැටිලා නිදාගෙන . මේ මනුස්සයාගේ බිරිඳ හැම වෙලේම මේ මනුස්සය ගැන සැකෙන් ඉඳල තියෙන්නේ ඔය කියන ගෙදර බවලතාත් එක්ක නොමන සමබන්දයක් තියෙනවා කියල , කොහොමොමින් කොහොම හරි ගෙදර මායියා සැකේට හොයා ගෙන යනකොට මේ මනුස්සය අර බවලතාගේ ගෙදර පිලේ නිදිලු ? ඉතුරු ටික ඉතින් ඒ පළාතේ කෙනෙක් සම්පුර්ණ කරයි. (ර)

:       0       0

වික්‍රම Saturday, 09 July 2016 02:24 PM

ජයාත් කාර්යාලයේ බවලත් උදවියට හිත හොඳකම පෙන්වන්න ගිහින්, පද හදාගත්තා නිස්කාරනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 75 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site