(එරංග විමුක්ති)
 පදම වැරදී තෑග්ග ළඟ තබාගෙන මංගල සාදයේ ආරාධනා පත නව යුවළට තෑගි වශයෙන් දුන් පුවතක් කොළඹට නුදුරු ගමකින් අසන්නට ලැබුණි. සිදුවීම සැකවින් මෙසේය.
පදම වැරදී තෑග්ග ළඟ තබාගෙන මංගල සාදයේ ආරාධනා පත නව යුවළට තෑගි වශයෙන් දුන් පුවතක් කොළඹට නුදුරු ගමකින් අසන්නට ලැබුණි. සිදුවීම සැකවින් මෙසේය. 
මංගල සාදයේ ආරාධනාපත් බෙදා හැරීම සිදුවූයේ නව යුවළගේ ආසන්නතම නෑදෑ හිත මිතුරන්ට පමණි. මංගල යුවළගේ රැකියා ස්ථානයේද මිතුරන් කිහිප දෙනෙකු හට ආරාධනාපත් දී ඇරයුම් කරනු ලැබුවේ මංගල සාදයට සහභාගි වී ඔවුන් සමඟ සතුටු වන ලෙසයි. මිතුරෝ පිරිසද එම ඇරයුම ඉතාමත් ප්‍රීතියෙන් පිළිගත්හ. මංගල දිනය උදා වූ අතර සාදයට සහභාගිවීමට මිතුරෝ පිරිස ලහි ලහියේම සූදානම් වී සාදය සඳහා සහභාගි වූහ. මංගල සාදය ද ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවති අතර ඔවුන්ටද හොඳ පිළිගැනීමක් ලැබුණි. මිතුරන් පිරිස ආගිය තොරතුරු කතා කරමින් සිටින අතරතුර ඔවුන් වෙත පැමිණි මනමාල මහතා ඉහළ මාලයේ ඇති බීම සාදයට සහභාගී වන ලෙස ආරාධනා කළේය. මිතුරෝ පිරිසද එම අවස්ථාව එළැඹෙන මොහොත තෙක් ඉවසිල්ලක් නොමැතිව සිටියහ. පැය කිහිපයක් ගත වීමෙන් පසු මිතුරෝ පිරිස නැවත සාදය පැවැත්වෙන ස්ථානයට පැමිණියහ. ඉන් පසු පිරිස දහවල් ආහාරයට සූදානම් වූහ. මිතුරන් අතර සිටි එක් අයකු හොඳටම සූර් වී සිටි අතර ඔවුන් ඒ ගැන අවධානයක් යොමු නොකළේ ඔවුන්ටද එය ලැජ්ජාවක් වීම හේතුවෙනි. මත් වූ මිතුරා ඉක්මණින් එම ස්ථානයෙන් ඉවතට රැගෙන යන අරමුණින් මිතුරන් පිරිස නව යුවළට දෙන තෑගි මුදල් තම තමන්ගේ නිවෙස්වල සිටම ලියුම් කවර තුළට දමා රැගෙනවිත් තිබුණි. ඉන් පසු නව යුවළ වෙත ගොස් මිතුරෝ පිරිස තම තමන්ගේ තෑගි නව යුවළ වෙත ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගියහ. පසු දින උදෑසන මනමාල මහතා වෙත දුරකථන ඇමතුමක් ලැබුණි. එයින් කියැවුණේ “උඹට දෙන්න ගෙනාව මුදල් කවරය නැවත රැගෙන ඇවිත් ඇති බවයි. තෑග්ග ලෙස දී ඇත්තේ ආරාධනා පත්‍රය” යැයි කියූ මිතුරා ඔහු අතින් සිදු වූ වැරැද්දට සමාව ගත්තේ එම සිදුවීම පිළිබඳ ලැජ්ජාවක්ද තම හිත තුළ තබාගෙනය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1754										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1754										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1443										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පදමට සූර්වූ මිතුරාගෙන් මංගල යුවළට අපූරු තෑග්ගක්