(වියලුව වාර්තාකරු)
පදම ඉක්මවා මත්පැන් පානය කළ පුද්ගලයකුට තම නිවසේ තිබූ ශීතකරණය අමතක වී තවත් ශීතකරණයක් පහසු ගෙවීමේ ක්‍රමයට නිවස වෙත රැගෙන ඒමේ පුවතක් ඉකුත් දිනෙක වාර්තා විය.
ඔහු රජයේ සේවකයෙකි. මත්පැනට ඇබ්බැහි වූවෙකි. බැංකුවකින් නිකුත් කරන ලද පසු ගෙවුම් කාඞ් පතක් ඔහු අත තිබූ අතර ඇතැම් අවස්ථාවලදී ඔහු එමගින් භාණ්ඩ මිලට ගත්තේය.

පසුගිය දිනෙක නගරයට ගිය හෙතෙම ගමේ මිතුරෙකුද සමග තැබෑරුමකට ගොඩවී හොඳ හැටි සප්පායම් වූයේ පසුම්බියේ තිබූ සෑහෙන මුදලකට වග කියමිනි.
අනතුරුව ඉන් පිටතට පැමණි හෙතෙම ඒ අසල වූ විදුලි භාණ්ඩ අලෙවි සලකට ගොඩ වූයේ තමන් අත වූ ගෙවුම් කාඞ් පතේ මහිමය ගැන ගමේ මිතුරාවද දැනුවත් කරමිනි.
වට්ටමක්ද සහිතව අලෙවිය සඳහා තබා තිබූ රුපියල් අසූ දහසක් පමණ වටිනා ශීතකරණයක් තෝරා ගත් හෙතෙම තම පසු ගෙවීම් කාඞ්පත ඉදිරිපත් කොට එය මිලදී ගත්තේ නිවසේ තවත් එවැනිම ශීතකරණයක් තිබෙන බවද අමතක කරමිනි.
අනතුරුව අතිරේක මත්පැන් බෝතලයක්ද මිලදී ගත් හෙතෙම රුපියල් 3000ක පමණ මුදලක් වැයකර කුලියට කුඩා ලොරි රථයක් රැගෙන මිතුරාද සමග බමන මතින්ම නිවස වෙත පැමිණියේ ශීතකරණය දැක සතුටුවන සිය බිරියගේ ආදරණීය පිළිගැනීමද සිහිපත් කරමිනි.
එහෙත් සිදුවූවේ අනෙකකි.
නිවසේ ඇති තරම් ප්‍රශ්න තිබියදී කනමදයෙකු සේ බීගෙන එකක් තිබියදී තවත් ශීතකරණයක් ද රැගෙන නිවසට පැමිණි සිය සැමියා දුටු බිරිය සිය ආවේගය පිට කළේ මිතුරා අතේ වූ රුපියල් 2000ක් පමණ වටිනා මත්පැන් බෝතලය ඔවුන් ඉදිරියේම පොළවේ ගසමිනි.
තවත් අඩියක් ගැසීමේ බලාපොරොත්තුවෙන් මෙතෙක් වේලා තම මිතුරා සමග රැඳී සිටි අනෙක් පුද්ගලයා හෙමින් සීරුවේ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම මාරු වූයේ තවත් හිටියොත් තමුන්ටත් ගුටි කන්නට සිදුවෙතැයි ලොරි රථයේ රියදුරාට ද පවසමිනි.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පදමට සූර්වී ගෙදරට ශීතකරණ 2ක් ගෙනත්