IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික ආයතනයේ එහෙමයි: රාජ්‍ය ආයතනයේ මෙහෙමයි

තරුණ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙක් පෞද්ගලික බැංකුවක ආරක්‍ෂාවට යොදවා තිබුණි. බැංකු නිලධාරීන්ගේ සම්මන්ත්‍රණ, පුහුණු වැඩමුළු ආදිය පැවැත්වූයේ බැංකුවේ උඩු මහලේය.

දිනපතා ආරක්‍ෂක නිලධාරීන්ට උදේ සවස කිරි තේවලට අමතරව කෙටි කෑමක් ද නොමිලයේ ලැබුණි. දිනක් මෙම ආරක්‍ෂක නිලධාරියාව වෙනත් ආයතනයකට මාරු කෙරිණි. එය රාජ්‍ය ආයතනයකි. ආරක්‍ෂක නිලධාරියා වැඩ භාරගත් මුල්ම දිනයේදී උදේ දහය පසු වුවත් තේ කෝප්පයක් නොලැබුණු නිසා එතැන සිටි කාර්යාල කාර්ය සහායක මහතා හමුවිය.

“මොකද මල්ලී?” යැයි හෙතෙම විමසීය. එවිට ආරක්‍ෂක නිලධාරියා, “තවම තේ ආවේ නැහැනේ. මම හිටිය තැන නම් මේ වෙලාවට මොනවා හරි කාලා, කිරි තේ දෙපාරක්ම බීලා” යැයි කීය. එවිට කා.කා.ස. මහතා සිනාසී, “ඒ මල්ලී පෞද්ගලික ආයතනවලනේ. මේවා රජයේ ඒවා හැමදාම පාඩුයි. මෙහෙ සර්ලා මිස්ලා සල්ලි එකතු කරලා, සීනි තේකොළ ගෙනල්ලා, තේ හදාගෙන බොන්නේ, ඒත් ප්ලේන් ටී” යනුවෙන් පැවැසීය. ආරක්‍ෂක නිලධාරියා සංචාරක නිලධාරියාට මෙසේ කීය. “අනේ සර් මෙන්න වැන්දා මාව රජයේ තැනකට නැතිව වෙන කොහාට හරි ගිහින් දාන්න. මට කලන්තේ වගේ. මෙහෙ තේ තියා ඇල්වතරවත් නැහැ”

ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුර.



අදහස් (0)

පෞද්ගලික ආයතනයේ එහෙමයි: රාජ්‍ය ආයතනයේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site