IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පුතා දොස්තරට දුන් පිළිතුරෙන් පියාත් අවට සිටි අයත් හොල්මන්

(වලස්මුල්ල - තිලක් මනම්පේරි)
අවුරුදු අටක් වයසැති පුතුට උණ හා කැස්ස ඇති බැවින් තම පියාත් සමග තංගල්ල ප්‍රදේශයේ ආරෝග්‍යශාලාවක් වෙත ගොස් වෛද්‍ය නිලධාරියා දරුවාගේ තොරතුරු විමසද්දී පියාට සියල්ල අමතක වී පුතු දුන් පිළිතුරෙන් මුළු ආරෝග්‍යශාලාවේම සිටි අය පුදුමයට පත්වූ පුවතක් ඉකුත් දා තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.


සිද්ධියට අනුව පවුලක වැඩිමහල් දරුවාට වයස අවුරුදු පහකි. ඔහුගේ නැගණියට වයස අවුරුදු එක හමාරකි. වැඩිමහල් පුතු දින කිහිපයක් තිස්සේ සෙම්ප්‍රතිශ්‍යාව හා උණ රෝගයෙන් රෝගාතුර විය. ඒ නිසා තම මව ඔහුට ⁣ කසාය පැකැට් කිහිපයක් තම්බා දී ඇතත් රෝගී තත්ත්වය එන්න එන්නම නරක අතට පත්විය. 


පියා පෞද්ගලික ආයතනයක සේවයට යන අතර ඔහු එනතුරු මව බලා සිටියේ ළඟම ඇති ඩිස්පැන්සරියකින් බෙහෙත් ගෙනෙන්නටය. ඒ අනුව වැඩ නිම වී ආ පියා තම පුතු සමඟ ළඟම ඇති ඩිස්පැන්සරියකට ගියේය.


වෛද්‍යවරයා දරුවාගේ නම, වයස හා පාසලේ ඉගෙනුම ලබන පන්තිය කුමක්දැයි විමසද්දී එකදු තොරතුරක්වත් පියාට කියාගත නොහැකි විය. ඒ සමගම වෛද්‍ය නිලධාරියා අසන ලද්දේ ‘පුතා මොනවා ද අද දහවල් ආහාරයට ගත්තේ’ කියාය. ඒ සමගම නිශ්ශබ්ද වූ පියා වේගයෙන් ආහාර වට්ටෝරුවක් කියන්නට විය.


ඒ සැනෙන් තම පුතු පියා දෙස හැරී “ඩොක්ටර්... තාත්තා කියන්නෙ බොරු. ඔය එකක්වත් නෙවෙයි මං කෑවෙ බතුයි පරිප්පුයි” යැයි කීවේ එහි සිටියවුන් මවිතයට පත් කරවමිනි.


එහිදී වෛද්‍යවරයා තමා ළඟ තිබූ චොකලට් එකක් දරුවා අතට දී බෙහෙත් දී කියා සිටියේ, “පුතා ඔයා හොඳට ඉගෙන ගන්න” කියාය.



අදහස් (0)

පුතා දොස්තරට දුන් පිළිතුරෙන් පියාත් අවට සිටි අයත් හොල්මන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site