IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පුතා ගැන ලැබුණු ඇමතුමෙන් මව අන්දුන් කුන්දුන් වෙලා

දරුවන් කුඩා වියේ දීම තම සැමියා මළ නිසා වැන්දඹුවක් වූ ඇය තම දුවත් පුතාත් ලොකු මහත් කළේ අමාරුවෙනි. අතරමග පාසල් ගමන කඩාකප්පල් කරගත් පුතා රැුකියාවකට දැමීමට යැයි කියා දුර ඥාති මාමා කෙනෙක් දරුවා කැඳවාගෙන ගියත් පසු කලෙක ඔවුන් පිළිබඳව කිසිදු ආරංචියක් නොවීය.

පසු කලෙක දරුවා කැඳවාගෙන ගිය ඥාතියාගේ දුරකතන අංකය ලැබී ක‍්‍රියාත්මක කළත් පිළිතුරක් ආවේ නැත. ඒත් පසුගිය දා ඔහු දුරකතනයට සම්බන්ධ විය.

”අනේ අයියේ පුතාට කතා කරන්න පුළුවන්ද?” ඇය ඇසූ විට මොහොතක් නිහඬව සිටි ඔහු ”කතා කරන්නෙ කොහොමද? එයා පොළෙව යට” කීවේය. ”හත්දෙයියනේ” ඇයට කියැවිණ.

මේ ගැන ඇසූ දියණිය ද අන්ද මන්ද වූවාය.

පැයකට පමණ පසු යළි දුරකතනය නාදවිය. කතා කළේ පුතාය. ”මං මෙහේ මැණික් පතලක වැඩ කරන්නෙ. අංකල් පණිවුඬේ කිව්වාම උඩට ආවෙ” ඔහුගේ කීමෙන් ඇගේ ඇඟට ලේ පොදක් ඉනුවාලූ.



අදහස් (0)

පුතා ගැන ලැබුණු ඇමතුමෙන් මව අන්දුන් කුන්දුන් වෙලා

නන්දලාල්-ප්‍රංශය Wednesday, 30 December 2015 07:19 PM

දරුවාගේ අම්මාට මෙතරම් ගින්දරක් නොදී මේ ආරංචිය කියන්න තිබුනා නේද මේ මනුස්සයට? (නි)

:       0       0

කවින්ද Thursday, 31 December 2015 08:13 PM

සැබෑ මවු සෙනෙහස එහෙම තමයි (නි)

:       0       0

දිසානායක Wednesday, 30 December 2015 05:17 AM

බයවෙන්නේ නැතුව තියෙයිද එහෙම කිවුවහම? (නි)

:       0       0

ලතා Wednesday, 30 December 2015 12:10 PM

කියවාගෙන යද්දී මමත් ගල්ගැහුනා (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 30 December 2015 02:03 PM

උතුම් අම්මාවරු එහෙම තමයි. රෝම කූපයක් ගානේ තිබෙන්නේ දරු සෙනෙහස

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 236 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 429 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site