මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
දහඅට හැවිරිදි පුතණුවන්ට මනාලියක සොයන අතරේ හැට නව හැවිරිදි තමන්ටද මනාලයකු සොයන ලෙසට මඟුල් කපුවකුට දැන්වූ මවක පිළිබඳව පසුගියදා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.
මවත් පුතාත් දෙන්නාම එකම නිවසේ පදිංචිව සිටිති. මව කලක සිට සැමියාගෙන් වෙන්ව සිටින්නේ දික්කසාදය බලාපොරොත්තුවෙනි. සැමියා වෙනම නිවසක වෙසේ. වැඩිමහල් දියණියෝ විවාහවී දරු මල්ලන් සමග පවුල් කති.
බාල පුතාට විවාහයක් කරදීමට මව කල්පනා කළේ මේ අතරය. දන්නා හඳුනන අයකු මගින් මඟුල් කපු මහතකු ගෙන්වා ගත්තේ පුතුට ගැළපෙන මනාලියක පිළිබඳව විස්තර දන්වනු පිණිසය. කපුවා සමග විස්තර කතා බහ කර ගනුදෙනුද කතා කරගත් මව අවසානයේ තමන්ට තවත් සේවයක් සලසා ගත යුතු බව පැවසුවේ හොර රහසේය. ඒ සඳහා පුතුගේ ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවන්නට හැකි බව ඇය පැවසුවාය.
තමන්ට දෙගුණයක් ගෙවා කරගන්නට ඇති ඒ කාරණය කුමක්දැයි කපුවා විමසුවේ මහත් විමතියෙනි. ‘මටත් මනාලයකු සොයා දෙන්න’ ඇය ඉල්ලා සිටියාය. තමන්ගේ වයසට ගැළපෙන විවාහකයකු ඒ සඳහා සුදුසු බව ඇය කීවාය.
පුතුටවත් මේ ගැන නොදන්වන ලෙස ඉල්ලූ මව තවත් ඉල්ලීමක් කළාය. ඒ පුතුගේ විවාහය සිදුවන දවසේම තමන්ගේ ද දෙවැනි විවාහය සිදුවීම අවශ්‍ය නිසා පුතුට මනාලියක මෙන්ම තමන්ටද මනාලයකු සොයාගෙන එන්නැයි ආයාචනා කර නියමිත ගාස්තුව දෙගුණයක් පසුව ගෙවන පොරොන්දුව මත ගමන් වියදම් ලෙස විශාල මුදලක්ද කපුවා අත තැබුවාය.
දහඅටේ පුතාට සහකාරියක සේම හැට නවයේ මවට සහකාරයකු එකම දවසක සොයා ගන්නේ කෙසේදැයි යන උභතෝකෝටික ගැටළුවක පැටලුණු කපුවා හිතවතකුට මේ ගැන සැලකිරීම නිසා මවගේ රහස් කටයුත්තට බාධාවක්වීමෙන් කපුවා කපෝතිවන ලකුණු පහළවී
ඇත්තේ ලු.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුතුගේ මගුලදා අම්ම්මාත් කසාදෙකට ලෑස්ති වෙලා