IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


පුතාගේ බඩේ අමාරුවෙන් පියාගේ පටි රෝල්

දරුවකුගේ උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට සුපුරුදු  වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිය සමාජ සේවකයෙකුද වූ  පියකු වෛද්‍යවරයාගේ පැනයකට දරුවා දුන් පිළිතුරෙන් වෛද්‍යවරයා ඉදිරියේ බෙහෙවින් අසරණ වී එම වෛද්‍යවරයා වෙත යාම ද නතර කිරීමේ  සිද්ධියක් දකුණු පළාතේ නාගරික පෙදෙසකින් අසන්නට ලැබිණි.
සැන්දෑ යාමය උදාවීමෙන් පසු අවුරුදු හතරක් පමණ වයසැති සිය දරුවා උදරාබාධයක් බව පවසමින් හඬා වැළපෙන්නට වූයෙන් පියා සිය බිරියගේද උපදෙස් පරිදි අසල්වැසියෙකුගේ ත්‍රිරෝද රියක් කුලියට ගෙන නිවසට තරමක් දුරින් වූ වෛද්‍ය මධ්‍යස්ථානයකට දරුවා රැගෙන ගියේ  ප්‍රතිකාර ලබා දීමටය.


ඩොක්ටර් අපේ දරුවගෙ බඬේ අමාරුවක් වගේ. බෙහෙත් ටිකක් ගන්න ආවේ, යැයි කියමින් වෛද්‍යවරයා ද හොඳින් හඳුනන පියා දරුවාද සමග වෛද්‍යවරයා හමුවිය.
වෛද්‍යවරයා ද කඳුළු සලමින් සිටි දරුවා පරීක්ෂා කර බලා ‘‘බබා මොනවද සවස කෑවේ ...’’යැයි ඉතා කාරුණිකව දරුවාගෙන් ඇසුවේය.
‘‘තාත්තල කාපු ජරා කෑමක්..’’ යැයි දරුවා දුන් පිළිතුරෙන් වෛද්‍යවරයාත් පියාත් අන්ද මන්ද වූහ.
 ‘‘මොනවද පුතා කාපු ජරා කෑම..’’ යනුවෙන් වෛද්‍යවරයා යළිත් විමසීය.
එවිට පිළිතුරු දුන් දරුවා කීවේ, තාත්තා අල්ලපු ගෙදර අංකල් එක්ක සවස කාමරේ ඇතුළේ  බීම බිව් බවත් එතැන පිඟානක තිබුණු මස් වගේ කෑමක් පියා තමාට දුන් බවත් තමා ඒවා කෑ බවත් ය.
අම්මා තමයි ඒවා හදල තාත්තට දුන්නෙ. ඒ දෙන ගමන් අම්ම තාත්තට කිව්වා මට එහෙම ඔය ජරා කෑම දෙන්න එපා කියලා. ඒත් තාත්තල හිටපු තැනට මම ගියාම තාත්තා මට ඒ ජරා කෑම කෑල්ලක් දුන්නා. මම ඒකත් අරං එතැනින් යන්න කියලා. මම ඒ ජරා කෑම කෑවා. ඒත් ඒවා රසයි යැයි දරුවා කියාගෙන ගියේය.
නෑ ඩොක්ටර් ජරාවක් නෙවි ඌරු මස් තමයි තිබුණේ.... පියා කීය. එයින් පොඩි කෑල්ලක් මෙයාට දුන්නෙ.
එහෙනම් පොඩි අජීර්ණයක් වෙන්න ඇති බයවෙන්න එපා යි කියමින් වෛද්‍යවරයා දරුවාට පෙවීමට බෙහෙත් පෙති කීපයක් පියාට දී මීට පස්සෙ පොඩි දරුවන්ව බොන කන තැන්වලට ගෙන්න ගන්න එපා. දරුවන්ට පේන්න බොන්නත් එපා. දරුවන්ට ජරා කෑම දෙන්නත් එපා යැයි පියාට හෙමින් පැවසීය.
දරුවාට ද තරවටු කරමින් ගෙදර ආ පියා එම වෛද්‍ය මධ්‍යස්ථානයට යාම ද නිවසේ දී මත්පැන් පානය ද එතැනින්ම නතර කළේය.

බෙන්තොට ජේ. ඉඳුරුවගේ



අදහස් (0)

පුතාගේ බඩේ අමාරුවෙන් පියාගේ පටි රෝල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site