IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පුතාගේ දෙවැනි ගමනදා පියා ලේලියගේ මව සමඟ මදුසමයේ

(තිහගොඩ උපසේන ලියනගම)
පුතා මනාලියක රැගෙන ගෙට එනදා අතුරුදන් වූ පියකු පිළිබඳ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ නිල්වලා ගංගාව ආරම්භ වන කඳුකර ප්‍රදේශයේ ගම්මානයකිනි. 


එය සැකෙවින් මෙසේය.


තම පුතුට ගැළපෙන විවාහයක් සොයා කපුවන් සමග ඇවිදින මේ පියාට කලින් සඳහන් ප්‍රදේශයේ ප්‍රභූ පවුලක රූමත් දියණියක් ගැන තොරතුරු ලැබිණ. කපුවා සහ පුතා සමඟ එහි ගිය පියාට සැබවින්ම රූමත් දියණිය මුණ ගැසුණු අතර ඇය මව සමග සිටින බවත් මව දැඩි දුකක් විඳ ඇය ලොකු මහත් කොට උගන්වා හොඳ රැකියාවක් ලබා දී ඇති බවත් දැන ගත්තේය. 


දරුවා ඇති දැඩි කිරීමට තමා ගත් වෙහෙස ඇය කීවේ කඳුළු පිසමිනි. පියාට ද දැඩි දුකක් ඇති වූයෙන් ඔහු පුතාට කීවේ මේ කටයුත්ත කර ගන්නා ලෙසටය. පසුව දෙපිරිසම ඊට එකඟවී මංගල්‍ය උත්සවය මහ ඉහළින් ගත්හ. මෙහිදී පියා ගෙවල් දෙකේම කටයුතු කළේ මහත් උනන්දුවෙනි. 


මධුසමයෙන් පසු මනාලයාගේ නිවසට ජෝඩුව ආදා පියා එහි නොවූයෙන් මනාල පුතා විමතියට පත් වුවත් මව ඔය මනුස්සයගෙ වැඩේ එහෙ මෙහෙ දුවන එකනෙ කීවේ. තවදුරටත් ඒ ගැන නොසොයමිනි. 


ඒ අවස්ථාවේ කලබලයට පත් මනාල දුව තම මවට ඇමතුමක් ගත්තාය. කලබල වෙන්න එපා දුවේ. තාත්තා මෙහෙ ඉන්නවා’’ මව කීමෙන් දියණියට “හත් දෙයියනේ’’ කියවුණාලු. 

 



අදහස් (0)

පුතාගේ දෙවැනි ගමනදා පියා ලේලියගේ මව සමඟ මදුසමයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site