IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුතාගේ දුරකතනයෙන් ආ ගැහැනු හඩින් මවුපියෝ හොල්මන් වෙලා

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
දුර බැහැර පෙදෙසක රැකියාවට ගිය ගමේ තරුණයකුගේ විසන්ධි කළ ජංගම දුරකතනය ඇමතූ විට ලැබෙන පිළිතුර කාන්තා කටහඬකින් වීම ගැන කුපිත වූ පියකු පුතා ආපසු කැඳවාගෙන ඒමට යෑමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගමකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වූ දුෂ්කර ගමක තරුණයකු මිතුරෙකුගේ මගපෙන්වීම මත දුරබැහැර නගරයක කම්හලක රැකියාවක් සොයාගෙන ගියේය. තරුණයාගේ පියාද තරමක මෝඩ පහේ පුද්ගලයෙකි. ඔහු දිනපතාම අසල්වැසි නිවසකට ගොස් තම පුතාට දුරකතන ඇමතුම් ලබා ගත්තද පුතාගේ දුරකතනය විසන්ධි කර ඇති නිසා ඔහුට කතා කිරීමට අවස්ථාවක් නොලැබුණි. එහෙත් කාන්තා කටහඬකින් ලැබෙන පිළිතුරින් පියා 
කෝපයට පත්විය.


ආපසු නිවසට ගිය පියා තම බිරිඳට ද මේ පිළිබඳව කීවේ මහත් කේන්තියෙනි. අපේ එකා ගිහින් දවස් කීයද? අන්න ගෑනියෙකුත් ලෑස්ති කරගෙන. මම කෝල් කරන හැම වෙලාවකම මේකි තමා කතා කරන්නේ. මොන සක්කර වට්ටමක්ද කවුද දන්නේ කෝපයෙන් නෝක්කාඩු කළ පියාගේ කතාවලින් මවද හඬන්නට වූයේ පුතාට කරදරයක් සිදුවී ඇති බව සිතමිනි.


පසු දින අලුයමින් අවදි වූ මෙම මව සහ පියා කිසිවකුටත් නොකියා තම පුත්‍රයා කැඳවාගෙන ඒමට පිටත්ව ගොස් ඇත. පැය කීපයකින් පුත්‍රයා සිටින බෝඩිමට මවුපියෝ ළඟා වූහ. ඔවුන් යනවිට පුත්‍රයා සහ ඔහුගේ මිතුරා වැඩට යාමට සූදානම් වෙමින් සිටි අතර මවුපියන් දුටු පුත්‍රයා කලබලයෙන් ඔවුන් ඉදිරියට දුවගෙන ආවේය.


“ලෑස්ති වෙයන් ගෙදර යන්න. කෝ අර සක්කර වට්ටම” පියා නොනවත්වාම පුත්‍රයාට බැණ වැදුනේය. පුත්‍රයාගේ මිතුරාද මෙයට මැදිහත් විණි. මිතුරා පියාගෙන් කරුණු විම සන්නට විය. අවසන සිදුවී ඇති අලකලංචිය තේරුම් ගත් දෙමිතුරෝ පෙරළි පෙරළී සිනාසුනේලු.

 



අදහස් (0)

පුතාගේ දුරකතනයෙන් ආ ගැහැනු හඩින් මවුපියෝ හොල්මන් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site