කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නගර මධ්‍යයේ දිට්වා ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයකදී කටකාර පුතා නිසා එම මධ්‍යස්ථානයේ සාමාජිකයකුගේ රෙදි ගැලවී ගිය අපූරු පුවතක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ.
මේ නගර මධ්‍යයේද දිට්වා ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වෙමින් තිබිණ. බාල, වැඩිහිටි කිහිපදෙනකුම මෙහි සාමාජිකයෝ වූහ. මෙහි කොල්ලෝ වැඩිපුර සිටියහ. විවාහකයන්ද කිහිපදෙනෙකි. වෙළඳාමට නමක් ගත් නගරයක පිහිටි මේ දිට්වා ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට යහමින් බඩු භාණ්ඩ ලැබෙමින් තිබිණ.
වැඩිහරියක්ම ලැබුණේ කුඩා පානීය ජල බෝතල්ය. සමහරු වතුර බෝතල් දුසිම් ගණන් දුන්හ. තවත් සමහරු අතේ මිටේ ඇති කාසිපණම් අනුව දුසිම දුසිම් භාගයද දුන්හ.
මේ දිට්වා ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයේ සාමාජිකයෝ සියලුදෙනා එකවිට නොසිටියහ. කිහිපදෙනෙක් සිටි අවස්ථා මෙන්ම එකා දෙන්නා සිටි අවස්ථාද වූහ. කවුරු, කවුරුත් උනන්දුවෙන් ආධාර එකතු කිරීමේ කාර්යයෙහි නිරතව සිටියේය.
මෙහි සංවිධායක එක් දරු පියකු අවශ්‍යතාවයකට යතුරුපැදියෙන් නගරයට සිය පුතු සමග ගොස් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට ගියේ නිකමට මෙන්ය. එම ස්ථානයට ගිය පොඩි දරුවා එහි ඇති ආධාරයන් සඳහා ඇති ද්‍රව්‍යයන් හොඳින් නිරීක්ෂණය කරමින් සිටියේය.
තාත්තේ මෙන්න තාත්තා ළඟදී ගෙදරට ගෙන ආ වතුර බෝතල් මෙතනත් තිබෙනවා යයි දරුවා කීවේ එම ස්ථානයේ සිටි අයටත් ඇසෙන්නය. ඔහුගේ මුහුණ කළුවිය. එතන සිටි සංවිධායකයෝ ඔහුගේ මුහුණ බැලූහ. එවිට ඔහුගේ මුහුණ තවත් කළුවිය. හා පුතේ ඒවා මම කඩෙන්නේ ගෙනාවේ යයි ඔහු කීවේ වෙනත් කියන්න කිසිත් නැති නිසාවෙනි. එතනින් ජාමේ බේරාගෙන පැනගත් ඔහු දැන් මේ ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානය පැත්තේවත් එන්නේ නැතිලු.
2025 දෙසැම්බර් මස 16
80
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුතාගේ කටකාරකමෙන් පියාගේ රෙදි ගැලවිලා