IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පුතාගේ ඉබිගමනට කෝපවූ පියා හා වේගෙන් යක්ෂාවේශ වෙලා

පුතාගේ ඉබි ගමන දැක කෝප වූ පියා  හාවෙකුගේ වේගයෙන් එහේ මෙහේ පැන  බඩු මුට්ටු එළියට දැමීමෙන් අසරණ වූ පුතා හා විවාහක බිරිය තම දරුවාත් කැටුව විසු නිවසින් හිටි හැටියේ පිටමං වූ පුවතක් රජරටට අයත්, අවුකන අවට මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි.

පියා මහවැලි ඉඩම්ලාභියෙකි. පියා කුඹුරු වැඩ කර වී අස්වැන්න යල මහ කන්නවල දී ගෙට ගෙන එනවා දුටු විවාහක පුතා ද ගොවිතැන් කටයුතුවල නියැලෙන්නට ඇල්මක් දැක්වීය.

ඒ අනුව පියා තම කුඹුරු වගා කරන අතරේ පුතා බද්දට හා උකසට කුඹුරු ගෙන ඒවා වගා කිරීමට වෙහෙසුනේය.

පියා, මව හා බාල දියණිය කැටුව මුල් නිවසේ වෙසෙන අතර, වැඩිමල් පුතා ද තම විවාහක බිරිය හා දරුවා සමගින් එම නිවසේම කාමරයක වෙසෙති.

පියා කුඹුරෙන් ගෙනෙන ලද වී අස්වැන්න කුස්සිය පැත්තේ ගොඩ ගසා තැබූ අතර පුත්‍රයා ගෙනෙන ලද වී ටික නිවසේ සාලයේ ගොඩ ගසා තිබුණි.

එලෙස සාලයේ වී ගොඩ ගසා ගොවිතැන් වැඩවලින් නිදහස් වූ  පුතා තම බිරිය හා දරුවා කැටුව වෙනත් ගමනක් සඳහා නිවසින් නික්ම ගියහ.

පුතා සාලයේ දමා ගොස් ඇති වී ගොඩ දෙස පියාගේ නෙත ගැටුණේ ඒ අතරවාරයේදී ය, වී ගොඬේ පුතා යොදා ඇති සලකුණු බලා පියා යමක් තේරුම් ගත්තේය.

වහාම වසමේ ග්‍රාම නිලධාරි මහතා නිවසට කැඳවාගෙන ආවේය. ඔහු ඉදිරිපිට පුතාගේ කාමරයේ තිබු අල්මාරි, කන්නාඩි මේස, පොඩි එකාගේ ඇඳුම් රාක්ක, රෙදි ඇතුළු ඔවුන් සතු බඩු බාහිරාදිය මෙන්ම කුස්සියේ තිබු ඉහුම් පිහුම් කට්ටල සියල්ල ගේට්ටුව අසල පාරෙන් පිටත ගොඩ ගැසුවේය. ඔවුන් සතු නූල් පොටක් හෝ ගෙයි  ඇතුළේ නැත.

සාලයේ සලකුණු දමා තිබු වී බුසල් 200ක පමණ වී ප්‍රමාණය මිදුලේ ටෙන්ට් රෙද්දක් එළා ඒ මතට පියා තනියම ඇද දමා ගොඩ ගැසුවේය. කිසිවක් අඩු නැති බවට ග්‍රාම නිලධාරිවරයාට ද පෙන්නා තහවුරු කර ගත්තේය.

බඩු මුට්ටු එළියට දැමීමේ හේතුව පුතා එනතුරා කිසිවෙකුටත් පියා එළි කළේ නැත.

මේ නිසා කුතුහලයෙන් පසු වූ හිතවතුන් සිද්ධිය නිවසින් පිටව ගිය පියාගේ පුත්‍රයාටත් ඔහුගේ විවාහක බිරියටත් පැවසූහ.

සිද්ධිය ඇසු සැනින් වෙච්ච දේ පුතා තේරුම් ගත්තත්, ඒ බවක් ඔහු තම බිරියට කීවේ නැත.

එය ඇසු සැනින් ඇය හා දරුවා එහි නවතා  ඔහු පමණක් ගෙදරට පැමිණියේය.

පැමිණි පුතා දුටු පියාට යක්ෂයා ආරූඪ විය.

“යකෝ, මමයි අම්මයි නංගියි සැක හින්ද ද, වී ගොඬේ ඉබ්බෝ ගියා වාගේ ඇඟිලිවලින් ඉබි කකුල් රටා දැම්මේ.
අපිව සැක නම්, උඹට මේ ගෙදර  ඉන්න අායෙත් වරම් නෑ. දැන්මම පලයන්,”

පුතාගේ ඉබි ගමන දැක කෝප වූ පියා හාවෙකුගේ වේසයෙන් බඩු මුට්ටු එළියට විසිකර ඇති බව රැස්ව සිටි අය තේරුම් ගත්තේ එවිටය.

කෙසේ වෙතත් යන එන මං නොමැති පුතාට වැස්සක සේයාවන් දැක ඊට පෙර බඩු මුට්ටු හා වී ටික එතැනින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යා යුතුව ඇත.

මිතුරන්ගේ සහාය මැද සඳ රැස් ඇති රැයක  ට්‍රැක්ටරයක් හා ටිපර් රථයක්  ගෙනැවිත් නවාතැනක් සොයා ගන්නා තෙක් ඒවා තම සගයන්ගේ නිවෙස් කරා ඇදීමට වහ වහා පියවර ගත්තේ වැස්සක සේයා ඒ බිමට පතිතවන්නට පෙරලු.

මොරගොල්ලාගම
සිසිර කැලේගම



අදහස් (0)

පුතාගේ ඉබිගමනට කෝපවූ පියා හා වේගෙන් යක්ෂාවේශ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site