IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


පණු චොකලට් මුදලාලිට කවා පණුබේත්ගන්න සල්ලිත් දීලා

තම පෙම්වතියට චොකලටයක් මිලට ගත් තරුණයා ඇය හමුවීමට ගොස් එය ඇයට  දුන්නේය. විවෘත කළ විට දක්නට ලැබුණේ කුඩා පණුවන් විශේෂයකි.‘‘ඉකේයියා මට නම් චොකලට් එපා.’’ මේකේ පණුවොනේ. ඇය අප්පිරියාවෙන් කීවාය. චොකලටය පරීක්‍ෂා කළ තරුණයාද කුඩා පණු විශේෂ දුටු අතර ආවරණයේ තිබූ කල් ඉකුත්වීමේ දිනය පරීක්‍ෂා කර බැලූවිට දක්නට ලැබුණේ කල් ඉකුත්වීමට තව මාස තුනක් පමණ ඇති බවය.පසුදා උදේ චොකලට් අලෙවි කරන ලද වෙළඳ සැලට ගිය තරුණයා, මොනවද මුදලාලි මේ චොක්ලට්, බලනවකෝ මේකේ පණුවොනේ. කියමින් චොක්ලටය මේසය මතට විසි කළේය. වෙන්ඩ බැහැ යැයි පැවසූ මුදලාලි චොක්ලටය විවෘත කළවිට කාරණය  සත්‍ය බව වැටහුණි. ආ මේ චොකලට් පණුවොනේ. කියූ මුදලාලි ”මුන් අගුණ නැහැ. ඔය පළතුරු වල පණුවොත් කෑවාට කමක් නැහැ කියලා කියන්නේ” යැයි පැවසීය.එහෙනම් කනවා බලන්න. තරුණයා තදින් පැවසීය. මුදලාලි බියවී චොක්ලට් කැබැල්ල කටේ දමා අමාරුවෙන් ගිල දැමීය. තරුණයාගේ කෝපය තුනීවී අනුකම්පාවක් ඇතිවිය. මුදලාලි මුදල් ආපසු දීමට සැරසුණු අතර තරුණයා පැවසුවේ ”සල්ලි මට එපා. ඒවායින් පණු බෙහෙත් ගන්න” යනුවෙනි. වාර්තා වූයේ අනුරාධපුරට නැගෙනහිරිනි.



අදහස් (0)

පණු චොකලට් මුදලාලිට කවා පණුබේත්ගන්න සල්ලිත් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 989 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site