IMG-LOGO

පොඩි දුවගේ ආදරේ වැඩිකමට තව පොඞ්ඩෙන් තාත්තාට ලොකු දඩයක්

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
මවගේ කොන්දේ කැක්කුමට වෙළඳ දැන්වීමක තිබූ දුරකතන අංකයකට කතාකර හන්දි තෙලක් ගෙන්වා ගැනීමට උත්සාහ කළ සය හැවිරිදි දැරියකගේ පියකු අකරතැබ්බයකට මුහුණදීමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා විය. 


සිද්ධිය මෙසේය.


දැරියගේ පියා රජයේ රැකියාවක නිරත අයෙකි. මෙදින උදෑසන මවගේ කොන්දේ කැක්කුමක් හේතුවෙන් දැරියට පාසල් යෑමට සිදුවූයේද නැන්දා කෙනකු සමගය. සුපුරුදු ලෙස මව නොමැතිවීම දැරියට දුකක්ද විය.


පාසල ඇරී පැමිණි දැරිය රූපවාහිනිය නරඹමින් සිටියාය. එහි වෙළඳ දැන්වීමක් දැරියගේ නෙත ගැටුණි. කොන්දේ කැක්කුම නිට්ටාවට සුව කරන බෙහෙත් තෙලක් පිළිබඳව එහි කියවිනි. දැරිය දුරකතන අංකයද ලියා ගත්තේ මව සුවපත් කරගන්නා අටියෙනි.


අසනීපව සිටි මවද තද නින්දේය. දැරිය එම දුරකතන අංකය අමතා මවගේ අසනීපය ගැන වෙද මහතාට කීවාය. කුඩා දැරියක බව නොදත් වෙද මහතා බෙහෙත් තෙල නිවසට ගෙනැවිත් දීමටද පොරොන්දු විය.


පියා වැඩ ඇරී නිවසට එනතුරු දැරිය මග බලමින් සිටියාය. පියා එනු දුටු දැරිය මහත් සතුටින් පියා ඉදිරියට ගියේ මවගේ අසනීපයට බෙහෙත් තෙලක් ලැබෙන බව කීමටය. දැරිය එය කියන්නට උත්සාහ දරද්දී එයට ඇහුම්කන් නොදීම පියා කඩිමුඩියේ මවගේ කාමරයට ගියේය.


ඉක්මනට ලෑස්ති වෙන්න බෙහෙත් ගන්න යන්න පියා මවට කීවේය.


ඕන නෑ. මට දැන් අමාරුවක් නෑ. මව එලෙස පිළිතුරු දුන්නාය.


අම්මගේ කොන්දේ කැක්කුමට බෙහෙත් තෙලක් ගේනවා දැරිය පියාට කීවාය. දැරියගේ විස්තරය ඇසූ පියා කම්මුලට අත තබා ගත්තේය. මවද තුෂ්නිම්භූතව බලා සිටියාය.


ඒ සැණින්ම නිවසේ දුරකතනය නාද විය. පියා ඇමතුමට පිළිතුරු දුන්නේය. දුරකතන ඇමතුම ලැබුණේ දැරිය බෙහෙත් තෙල ඇනවුම් කළ වෙද මහතාගෙනි.


ඇනවුම් කළ බෙහෙත් තෙල අපි ගෙදරටම ගෙනත් දෙනවා. මුදල රුපියල් 9000 යි ලෑස්ති කරලා තියන්න යැයි කීවේලු. කරකියා ගත හැකි දෙයක් නොවූ පියා වෙද මහතාට කාරුණිකව අමතා පොඩි දරුවෙකු කළ දෙයක් බව පවසා සමාවද අයැද සිටියේය.


සිද්ධියෙන් මහත් කෝපයට පත්වූ වෙද මහතා දඩාස් ගා දුරකතනය තබන අයුරු පියාටද ඇසුණේලු.

 



අදහස් (0)

පොඩි දුවගේ ආදරේ වැඩිකමට තව පොඞ්ඩෙන් තාත්තාට ලොකු දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 20 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site