IMG-LOGO

පඩිදා එකට ‘සළුවූ’ යාළුවා මිතුරාගේ බිරිඳගේ ඇඳේ

එක්ව කා බී දෙමිතුරන්ගෙන් එක් අයෙකුට පදම වැරදීමෙන් අනෙක් මිතුරාගේ බිරිඳගේ ඇඳට වැටුන මිතුරා මුහුණ දුන් අකරතැබ්බයක් පිළිබඳව කොබෙයිගනේට ආසන්න පෙදෙසකින් වාර්තාවේ.


මොවුන් දෙදෙනා එකම කාර්යාලයක සේවය කරන ගජ මිතුරෝය. මෙදින ඔවුන්ගේ මාසික පඩි දිනයයි. “මචං සෙට් වෙමුද එකෙකු අනෙකාගෙන් විමසීය. ඕ කේ” දෙදෙනා එක් අයෙකුගේ නිවසට ආවේ අරක්කු බෝතල් දෙකක් සහ අවශ්‍ය කළමනාද රැගෙනය.


 දෙදෙනා මිතුරාගේ නිවසේ සාලය මැද කටයුත්ත ආරම්භ කළහ. අලුත විවාහ වූ මිතුරාගේ බිරිඳ දැඩි උනන්දුවෙන් සැමියාගේ මිතුරාට අවැසි දේ සපයා දුන්නේ ආගන්තුක සත්කාරයට මුල් තැන දෙමිනි.


රසවත් ලෙස කෑම මේසයද පිළියෙළ කළ බිරිඳ සැමියාට සහ සැමියාගේ මිතුරාට කෑමට ආරාධනා කළද ඔවුන්ගේ නොපැමිණීම හේතුවෙන් උරණ වූ බිරිඳ මහත් කනස්සල්ලෙන් ගොස් ඇඳට වැටුණාය.


මත්පැන් බෝතල් දෙකද බොමින් බිරිඳ සකසා දුන් කට ගැස්මද අනුභව කරමින් සතුටු වෙමින් දෙමිතුරන් පැය ගණනක් ගත කළේ රතු කට්ටද පනින තත්ත්වයට එන තුරුය.


නිවැසි මිතුරාද සාලයේම පුටුවකට ඇදවැටිනි. පදම වැරදී සිටි අනෙක් මිතුරාද යන්නට නැගිට්ටේය. යාමට අපහසු තත්ත්වයේ සිටි මිතුරා අසල වූ කාමරයක ඇඳකට වැටුණේය. එහි මිතුරාගේ බිරිඳ නිදා සිටි බවට ඔහුට නිනව්වක් නොවීය. ටික වේලාවකින් ඔහුට නින්ද ගොස් ගොරවන්නටද විය.


එයින් බියට පත් බිරිඳ මහ රෑ මර ලතෝනි දීගෙන කෑ ගසන්නට වූවාය. බිරිඳ ගේ කෑ ගැසීමෙන් වෙරි මරගාතේ කාමරයට පැමිණි සැමියාට මිතුරා දැකීමෙන් යකා නැග්ගේය. මිතුරා ගොරවමින් මර නින්දේය.


අසල වූ ගිරය රැගෙන ආ නිවැසි මිතුරා වෙරි වී නින්දේ සිටි මිතුරාගේ පිටට ඇනගෙන ඇනගෙන ගියේද වෙරිමරගාතේමය. බිරිඳ මැදිහත්ව සැමියා නවතා මිතුරා රෝහල් ගත කළේලු.


පසු දින මිතුරා බැලීමට රෝහලට ගිය නිවැසි මිතුරා සිදුවූ දෙය ගැනද කනගාටුව පළ කළේලු.


මොනවා කරන්නද මචං වන් ෂොට් ටූ ඩැමේජ් කීවේ මහත් අමාරුවෙන්ලු.
(නිකවැරටිය ප්‍රියානි මංගලිකා)

 



අදහස් (4)

පඩිදා එකට ‘සළුවූ’ යාළුවා මිතුරාගේ බිරිඳගේ ඇඳේ

Prasanna Friday, 01 November 2019 07:18 PM

ෂොට් එකක් දැම්මේ නැත්නම් පිරිමියෙක් නෙමෙයි. ලංකාවේ ඉන්න මෝඩ පිරිමින්ගේ මානසිකත්වය. බීමත්කමින් ලෝකයේ දෙවෙනි තැන. අපි එය රැකගනිමු.

:       2       64

manik Friday, 01 November 2019 09:29 PM

ඇති යන්තන් ගෙරවිල්ලට බය වෙලා මර ලතෝනි දීගෙන නින්දෙන් ඇහැරිලා තියෙන්නේ.

:       0       31

thusha Sunday, 03 November 2019 12:46 PM

අසල වූ ගිරය රැගෙන, තමන්ටත් දෙකක් නෙලා ගත්තොත් තමයි දඬුවම සම්පූර්ණ වෙන්නේ.. අහක යන නයි ඔඩොක්කුවේ දා ගන්නවා කියන්නේ මේවගේ එව්වට වෙන්න ඇති මගේ හිතේ..

:       0       24

nimal Monday, 04 November 2019 09:27 AM

මරු සීන් එක... ළඟ ඉන්න තිබුණි නම් බොකු එළියට එනතුරු හිනාවෙන්න තිබුණා.

:       9160       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site