IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාට් දාන්න ගිහින් සරම කඩා වැටී කාඩ් කුඩු

දිනපතා මත්පැන් භාවිතකර අසභ්‍ය වදන් කියමින් අහළ පහළ අයට මහත් හිසරදයක්  ගෙන දුන් පුද්ගලයෙකු පිරිසක් ඉදිරියේ ලැජ්ජාවටත්, කරදරයටත් පත්වූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.
මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පෙදෙසක  ජීවත් වූ දෙදරු පියකු වූ  ඔහුගේ රැකියාව වූයේ ගස් කැපීම හා ඉරීමයි. ඒ සඳහා ඔහු සතුව ලී ඉරන අත්  මැෂිමක් ද  (චේන්ෂෝ) තිබුණි. උදෑසන රැකියාවට යන ඔහු නැවත නිවසට පැමිණෙන්නේ සැඳෑ අඳුර වැටෙන විට ය.  


දිවා කාලයේ බොහෝ වෙහෙස මහන්සි වී වැඩකර උපයා ගන්නා මුදලින් ඔහු වැඩි කොටසක් වැය කළේ මත්පැන් අලෙවිසැල්වලට ය. ඇඳිරි වැටීගෙන එන විට මත්පැනින්  හොඳ හැටි පදම් වී ඔහු පැමිණෙන්නේ අසල්වැසියන්ට ද කරදර වන අයුරින් ශබ්ද නගා කෑ ගසමින් තරහකාරයින්ට ද නොසරුප් බසින් බැන වදිමිනි. මෙය පාරේ ගමන් කරන අයට මෙන්ම අසල්වැසියන්ට ද  මහත් හිසරදයක් විය. මේ අයුරින් නොහැසිරෙන ලෙස ඔහුට කොතෙකුත් අවවාද කළද ඉන් කිසිදු ඵලක් නොවීය.
පසුගිය දිනෙක ගමේ කිහිපදෙනකු සවස් කාලයේ ඔහු එන ගමන් මග රැඳි සිටියේ මොහුගේ මෙම ක්‍රියාකලාපය නැවැත්වීමට, ඔහුගේ බිරිඳගේ ඉල්ලීමකට අනුව  උපදෙසක් දීමේ අරමුණෙනි.
සුපුරුදු පරිදි මැෂිම ද කරතියාගෙන සරම දෙපල්ලට ඇඳගෙන  ඔහු එනු දුටු පිරිස, ඉදිරියට ගොස් “අයියේ ඇයි මේ විධියට හැසිරෙන්නෙ ඔයාට ලොකු දුවෙකුත් ඉන්නවානේ” යනුවෙන් පවසන විටම ඔහු තම කරමත තිබූ ලී මැෂිම බිමින් තියන ගමන් “ආ උඹලා ආවේ මට පාඩමක් උගන්වන්න ද මම එක එකා කියන දේ අහන්නේ නැහැ යනුවෙන් කෑ ගසමින් ලී කපන මැෂිම පණ ගන්වා ඉහළට ඔසවනවාත් සමඟ ම ඔහුගේ සරම ගිලිහී ගියේ අපිළිවෙළට ඇඳගෙන තිබුණු නිසා  මැෂින් තලයේ පැටලී  එතීමෙනි. ඒ සැණින්ම ඔහු ද බිම වැටී  කෑ මොර දෙන්නට වූයේ කැරකෙන තලයට දෙපා තුවාල වී ලේ ගැලීමත් සරම ගැලවී යාමෙන් ඇති වූ ලැජ්ජාවත් නිසාවෙනි. 
එසැණින් එතැන සිටි පිරිස ඔහු රෝහල් ගතකරනු ලැබූ අතර දින කිහිපයකින් තුවාල සුව වී ඔහු ගෙදර පැමිණි මුත් ගම්වැසියන්ට මුහුණ නොදී සිටීමට වගබලාගත් අතර පසුව දැනගන්නට ලැබුණේ පෙර පරිදි මත්පැන් පානය කළ ද කිසි‍වකුටත් කරදරයක් නොවන පරිදි  නිහඬව සිටිනා බවකි.

කඹුරුපිටිය විශේෂ කේ.අජිත්



අදහස් (0)

පාට් දාන්න ගිහින් සරම කඩා වැටී කාඩ් කුඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site