වැදගත් රැකියාවක නියුතු එක්තරා මහත්මයකුට යුරෝපයේ සංචාරයක් කිරීමට අදහසක් පහළවිය. ඒ අනුව ඔහු පිටරටවල සංචාර සංවිධාන කරන සමාගමකට එම කාර්යය බාර දුන්නේය.

අදාළ සමාගම විසින් සංවිධාන කරන ලදුව දින 10 ක කාලයක් යුරෝපයේ රටවල් කීපයක සාර්ථක සංචාරයකින් පසුව ඔහුට ආපසු දිවයිනට පැමිණීමට නියමිතව තිබුණේ ඩුබායි ගුවන් තොටුපොළෙනි.
සංචාරකයා තම ගුවන් යානයට ගොඩවීමට තවත් වෙලාව තිබෙන බැවින් කිරි තේ එකක් බීමට ගුවන් තොටුපොළේ අවන් හලකට ගොඩවී තේ කෝප්පයක් ඕඩර් කළ විට අවල්හලේ සේවකයා ඩොලර්වලින් එහි මිල කීවේය.
ඒ වනවිට සංචාරකයා අතවූ ඩොලර් හෝ ඩුබායි මුදල් වන ඩිරාම් හෝ නොවූයෙන් ක්‍රෙඩිට් කාඞ්පත ඉදිරිපත් කළේය.
දෙයියෝ සාක්කි තේ කෝප්පයේ මිල රු. 1500 කි.
කරගත් මෝඩකමට සංචාරකයාට චැඃ කියවිණි.
මෙතරම් මිලක් ගෙවූ තේ කෝප්පයේ ප්‍රනීත රසය විඳ ගැනීමට එය තොල ගෑවා පමණි. ආවේ තනිකරම මළකඩ රහකි. නොදකින් විතරක්. සංචාරකයා කෙලගැසීමට තැනක් සොයාගත නොහැකිව හතර අත දිවගියේ එරට නීතිය අනුව තැන් තැන්වල කෙල ගැසීම දඬුවම් ලැබිය හැකි වරදකැයි එක්වරම සිතට නැගුණ නිසාය. ඔහුගේ අවසන් වචන දෙක අවන්හල් සේවකයාට නොතේරීම හොඳට සිටියේය.
ආරියසේන හඳුවල
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
පිටරටකදී තේ බීලා දවල් තරුත් පෙනිලා
leel gunawardena Saturday, 31 August 2019 10:05 PM
ලෝකේ අනික් රටවලුත් ලංකාව වගේ කියල හිතන නිසා මෙයාට වැරදිලා තිබෙනවා .