හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
මිතුරන් සමඟ පැවැත්වූ සුහද හමුවකදී වැඩිපුර සප්පායම් වූ යහළුවකුට වැසිකිළියේ නින්ද යාමේ කතාවක් දකුණු පළාතෙන් වාර්තා වේ.
දකුණේ එක්තරා ආයතනයක සේවකයෝ පිරිසක් වාර්ෂික සුහද හමුවක් සංවිධානය කළහ. ආයතනයේ ජනප්‍රියතාවට සරිලන පරිදි උත්සවශාලාවක් සහ කෑම බීමද සූදානම් කිරීමට සංවිධායකයෝ වගබලා ගත්හ.
සාදය පැවැත්වෙන දිනයේ සවස හය පමණ වනවිට සේවක පිරිසේ වැඩිදෙනෙක් උත්සව ශාලාවට පැමිණ සිටියහ. විවිධ කතා ආගිය තොරතුරු සහ දේශපාලනය වැනි කතාවලින් සපිරි රස සාගරයක් බවට සාදය පත්වීම සඳහා වැඩි වේලාවක් ගත නොවීය.
සීමාව ඉක්මවා මත්පැන් පානය කළ කිහිප දෙනෙකු නිසා සාදය ඉතාමත් විනෝදජනක විය.
දෙදෙනකු අතර වචන හුවමාරුවක් දුර දිග යාම හේතුවෙන් එය ගුටිකෙළියක් දක්වා වර්ධනය වීමත් සමඟ මිතුරෝ එය සමථකයට පත් කළහ. මධ්‍යම රාත්‍රිය ආසන්න වනවිටත් සාදය පැවැතුණ අතර ගුටිබැට හුවමාරුව කරගත් දෙදෙනාගෙන් එක් අයෙක් හිටි ගමන් අතුරුදන් වූයේය. සාදයෙන් නැගිට ගිය මිතුරා නැවත පැමිණීමට පැයක් පමණ ගත වූ නිසා සෙසු පිරිස ඔහු සොයන්නට දැඩි වෙහෙසක් දැරූහ.
ඔහු පැමිණි මෝටර් රථයද වාහන අංගනයේ ගාල් කර තිබූ නිසා මිතුරා අතුරුදන් වීම හැමෝටම විශාල ප්‍රහේලිකාවක් විය.
කණ්ඩායම් වශයෙන් වෙන්වී සාදය පැවැත්වූ හෝටලයේ සහ ඉන් පිටත මිතුරා සොයා පිරිස මහ මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.
එක් කණ්ඩායමක සිටි අයකු හෝටලයේ වැසිකිළියට ගිය විට ඔහු දුටු දේ නිසා දැඩි බියට පත් විය. මිතුරා සිටින බව සෙසු අයටද දන්වා ඔවුන් සියලුම දෙනා වැසිකිළිය අසලට ගෙන්වා ගත්හ.
කොමඩ් එක මත වාඩිවී සිටි මිතුරා එහි සවිකර ඇති ජලරදවනය මත හිස තබාගෙන නිදියන අයුරු දුටු මිතුරෝ එම දර්ශනය සිය ජංගම දුරකතනවල සටහන් කර ගැනීමටද අමතක නොකළහ.
කොමඩ් එක මත නිදාගෙන සිටි මිතුරා බොහොම අපහසුවෙන් ඉහළට ඔසවනවාත් සමඟ ඔහු පියවි සිහියට පැමිණියේය.
කඩිමුඩියේ වැසිකිළියෙන් ඉවතට පැනගත් මිතුරා තම මෝටර් රථයේ නැගී පිටව ගියේය. පසුදිනට පහන් වනවිට ඔහුගේ ඡායාරූපය කාර්යාලයේ වට්ස්ඇප් සමූහයට එක්කිරීමට මිතුරන් කටයුතු කර තිබුණි. තාත්තාගේ දුරකතනය ඔබමින් සිටි දරුවෝද ඡායාරූපය දැක එය සිය මවට පෙන්වූහ.
දුරකතනයත් රැගෙන සැමියා වෙත ගිය බිරිඳ ඡායාරූපය පෙන්වා ලුණු ඇඹුල් සහිත දේශනාවක් කළ අතර සාදවලට යාමද තහනම් කළාය. සති අන්තය නිමාවන වනවිට කාර්යාලයේ සියලු දෙනා සිද්ධිය දැන සිටි අතර මිතුරන්ගේ උසුළු විසුළුවලින් බේරීම සඳහා දින කීපයක් නිවාඩු ලබා ගෙන ඔහු නිවෙසේ සිටි බවද පැවසේ.
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාටියේදී පදම වැඩිවෙලා අමුතුම තැනක නිදාගෙන