කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා
හේ බද්දෙගම පුරවරයට නුදුරු ගමක වෙසෙන්නෙකි. ගමන නිතරම යතුරු පැදියෙනි. දිනක් යතුරු පැදිය පදවාගෙන ගමනක් යාම සඳහා පිටත්විය. මේ ගමන අතරතුර දඩාවතේ යන බල්ලෙක් පාර හරහා පැනීම හේතුවෙන් මෙම යතුරු පැදිය අනතුරට පත්විය. නමුත් තරුණයාට තුවාලයක් නොවීය. යතුරු පැදියට තරමක අලාභයක් සිදු විය.
මෙම සිද්ධියෙන් දින දෙක තුනක් ගතවිය. කෙසේ නමුත් මෙම තරුණයාගේ දකුණු කකුලේ කලවා පෙදෙසේ රුදාවක් හටගෙන ඇති බව හෙතෙමට වැටහී ගියේ ඇති වූ වේදනාව හේතුවෙනි. එවිට මෙම තරුණයාට සිහියට ආවේ දින කීපයකට පෙර වූ අනතුර හේතුවෙන් එම ප්‍රදේශය තැළීගොස් මෙම වේදනාව හටගෙන ඇති බවයි.
පසුව මෙකි කතානායකයා තම ගම් ප්‍රදේශයට නුදුරින් වෙසෙන කැඩුම් බිඳුම් සඳහා ප්‍රතිකාරයට දක්ෂයකු වූ වෙද මහතකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාමට තීරණය කළේය. හෙතෙම එම ඖෂධාලයට යනවිට වෙද මහතා ද වෙනත් රෝගියෙකුට ප්‍රතිකාර කරමින් සිටියේය.
පසුව වෙද මහතා මෙකී තරුණයාගෙන් තම රෝගය සම්බන්ධයෙන් කරුණු විමසන්නට විය. එවිට මෙම තරුණයා තමන්ට වූ කරදරය වෙද මහතාට කීවේය. අනතුරුව වෙද මහතා මෙම තරුණයාගේ පාදයේ අදාළ රෝගී තත්වය තිබෙන කොටස තැවීම සඳහා බෙහෙත් පොට්ටනියක් ද එම ප්‍රදේශයේ ආලේපනය සඳහා පත්තුවක් ද ප්‍රතිකාර ලෙස නියම කළේය.
මෙම තරුණයා නිවසට පැමිණියේය. සිය බිරියට පවසා සිටියේ තමන්ට වෙද මහතා තැවීම සඳහා ඖෂධ පොට්ටනියක් සහ ආලේපනය සඳහා පත්තුවක් ද ලබාදුන් බවයි. මේ අවස්ථාවේ දී බිරිය පවසා ඇත්තේ එදින තම පුරුෂයාට නිවාඩු දිනයක් බැවින් ඒ වෙලාවේදීම මෙම ප්‍රතිකාර කළ යුතු බවයි. පසුව අදාළ කතානායකයා කොට කලිසමක් ද ඇඳගෙන අසල වූ බංකුවේ ඇලවිය. බිරිය මෙම බෙහෙත් ගෙන ප්‍රතිකාරය ආරම්භ කළාය. නමුත් බිරිය සිදුකර ඇත්තේ රෝගි ප්‍රදේශයේ ගෑමට දුන් පත්තුවෙන් එම ප්‍රදේශය තවා තැවීමට දුන් පොට්ටනිය ගෙන රෙදි පටියකින් රෝගි වූ ප්‍රදේශයට යොදා එම ප්‍රදේශය ඔතා තැබීමයි.
මෙම ප්‍රතිකාරයෙන් පැයක් පමණ ගතවිය. මෙකී තරුණයාට මේ වනවිට මෙම ප්‍රදේශයේ තිබුණාට වඩා තද වේදනාවක් දැනෙන්නට විය. එවිට ඔහු බිරිය අමතා පවසා සිට ඇත්තේ රෝගි ප්‍රදේශයේ තිබුණාට වඩා ප්‍රතිකාරයෙන් පසු වේදනාව වැඩි වූ බවයි. මේ කතාව තරුණයාගේ පියාට ද සැලවිය. ඔහු පැමිණ මෙම කටයුතු සිදුකර ඇති ආකාරය ගැන විපරමක් කළේය. එවිට කරුණ වැටහිණි. මෙහිදී මෙකී තරුණයාගේ බිරිය සිදුකර ඇත්තේ තැවීමට දුන් ඖෂධ පොට්ටනිය අදාළ ස්ථානයට බැඳ ගැල්වීමට දුන් පත්තුවෙන් අදාළ ස්ථානය තවා ඇති බවයි. මෙම ප්‍රතිකාරයේ වැරැද්ද හේතුවෙන් රෝගි තත්වය වැඩිවී ඇති බව වටහා ගත් තරුණයා මේ ගැන බිරියට දොස් පවරා එම ස්ථානය නැවත පිරිසිදු කර වෙදමහතාගේ දුන් උපදෙස්වලට අනුව කටයුතු කර ගැනිණි. එවිට ගැටලුවක් නොවීය.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පොට්ටනිය ලෙඩාට පත්තුවෙලා